Ficool

Chapter 71 - 71

මං ස්ටියරින් වීල් එකට ඔලුව ගහගත්තා ...

ආව්හ්.....

වේදනයි....

අනේ දෙයියනේ මාව මේ පැටලිලා ඉන්න වංකගිරියෙන් එලියට ගනිල්ලකො...

මම ඉන්නෙ තවම එකම තැන උනත් ඒ හැම වේදනාවක්ම අඩුවක් නැතිවම දැනෙනකොට මම මගෙ වේදනා දැනෙන නලල අත ගාගත්තා...මම ආයම පිටිපස්සෙ ශීට් එක දිහා බැලුවා....අර බඩකඩිත්තුව .....ඒ මගුල තියනව...

මං කාර් එකෙන් බැස්සා .....

ඇගට දැනෙන වේදනාව එක්ක මං දන්නවා මේක හීනයක් නෙවෙ කියලා ...ඒත් මට ඒකිගෙ මූන මතක හිටින්නෙම නෑ.....දැකපු තත්පරේදි ඇදිනුවත් මට ඒකිගෙ මූන මතක හිටින්නෙම නෑ.....

මම කාර් එකෙන් එලි බැහැලා එහෙම්ම නොන්ඩි ගගහම නොන්ඩි ගගහම ඇවිත් අර ගෝනි පඩංගුව දිහා බැලුවා අල්ලන්නත් බයයි .....ඒත් මේක ගෙදර අරන් යන්නත් බෑ....ඒ අස්සෙන් ආයමත් දරුවා අඩනවා...පාරෙ මිනිස්සු දැක දැක මේක විසික් කරන්නත් බෑ...

අප්...අප්පුච්චි...යේ .. ....අම්..මියේ.....හ්..... ....තු....ත්...තා...න්

එනව එනවා...මෙ එනවෝ...

මගෙ කොල්ලට සැනසීමක් නෑ මේ කීවෙනි පාරද.....පව් ....මං අරකිෆෙ ගෝනි පඩංගුව දිහා බලලා ආයම්ස් නොන්ඩි ගගහා ඇවිත් කාර් එක ඇතුලෙන් ඉදගන අඩන කොල්ලව උකුලට අරන් හරහට හරවගත්තා ..හරවන් අනිත් කිරි බෝතලේ කටට ගැහුවා ...

ම්ම්ම්....ම්ම්

හා හා.....මගෙ පුතා....බීලා දොයියන්න...චූටි කකුලක් වන වන එක අතක් මගෙ පපුවට තියා ගත්තු ළමයා අනිත් පාර මගෙ මූන අත ගෑවා ...සූප්පුව හපනවා කිරිචුට්ටක් බොනවා ..ආයම ඇස් පියා ගන්න හදනවා ...

එයාගෙ ඇස් දෙක පියවෙනකොට මං හිමින් සැරේ පැම්පර්ස් එක අන්දවපු පස්සට තට්ටුවක් දදා ලමයව නිදිකරවන්න හදනකොට පිටිපස්ස ශීට් එකෙන් මොනවා හරි පෙරලෙන සද්දයක් ඇහුනා.....මට බලනවා තියා හුස්ම ගන්න පවා බය හිතෙනකොට කොල්ලවත් අරන් දුවන්න බලාගනම මං දොර අරින්න අත තියනවත් එක්කම මහා මූසල මුස්පේන්තු අදෝනාවක් හා සමාන සින්දුවක් ඇහෙන්න ගත්තා ...

ලබ් ....ඩබ් ...ලබ්....ඩබ්....

මගෙ හදවත ආයම බය උනා...බයෙන් ගැහෙන්න ගත්තා ....ඒකි ආයමත් එන්න යනවදෝ කියලා හිතුනා...

ඒත් ...

මට පිටිපස්ස බලන්න බයයි....බලාගන ඉන්නකොට මගෙ අත් වලට දාඩිය දාන්න ගත්තා වගේම කිරි බෝතලෙ අවසානම කිරි උගුර උගුරෙන් පහලට යනවා එක්කම ලමයගෙ ඇස් පිය විලා ගියා ....

තවමත් ඒ මියුසික් එක වැඩ කරනවා....පාරෙ වාහන ගියා උනත් මට දැනුනෙ මම අදුරු ආගාදෙක කාත් කවුරුත් නැතිව තනිවෙලා ඉන්නවා හා සමාන හැගීමක් මට දැනෙනකොට මං ලමයව අත් දෙකෙම්ම තුරුල් කරගන බයෙන් ගැහි ගැහි පිටිපස්සෙ ශීට් එක දිහා බැලුවා ...

ඒ සද්දෙ එන්නෙ පෝර ගෝනිය අස්සෙන්.....ඒ සද්දෙ එන්නෙ පිටිපස්සෙ ශීට් එකේ තිබුන පෝර ගෝනිය අස්සෙන් වෙනකොට මන් කරපු එකම දේනම් ලමයවත් තදින් තුරුල් කරන් කාර් එකමහපාරට දැම්මා .....

මට මේ වහංගතේ විසික් කරන්න ඕනා....මගෙ ඔලුව පුපුරවන්න හදන මාව පිස්සෙක් කරන්න හදන මේ වහංගතෙ මට විසික් කරන්න ඕනා.....මම තනි අතින් ඩ්‍රයිව් කරන ගමන් සැරින් සැරේම සද්දෙ එන මුස්පේන්තු හැගීමක් මූසල හැගීමක් දරා ගන්න අමාරු තනිකමක් ගේන සංගීත සද්දෙ එන මේ පෝර ගෝනිය දිහා බල බල පුලුවන් තරම් මිනිස්සු අඩු පැත්තක් වෙනකන් කාර් එක ඩ්‍රයිව් කරගන ඇවිදින් අවසානෙදි අතුරු පාරකට හැරෙව්වා.....

මිනි පිට්ටනියක් ...

ඒක....අර මිනි පිට්ටනියමයි කුවන්නා මාව මරන් කන්න හදපු මිනිපිට්ටනියමයි....ඒකි මට ගහන්න අත ඉස්සුවා විතරයි මාව ඇහැරුනා.....එතනින් එහාට ඒකිට මොකක්ද උනේ ...

මම දිරලා ගියපු ගේට්ටු පලු දෙක දිහා බලන් ඉදලා මගෙ අතේ නින්ද ගියපු කොල්ල දිහා බැලුවා ..ඇදන් උන්න ජැකට් එක ගලවපු මම ලමයගෙ නහය විතරක් එලියට එන්න සම්පූරනම කොල්ලව ඔතලා අනිත් පැත්තෙ ශීට් එකෙන් තියලා බෙල්ට් එක දැම්මා...

උඹ හදන්නෙ මාව නොමරා මරන්න....උඹ හදන්නෙ මාව පිස්සෙක් කරන්න....බලන් ඉදපන්....මම ඒකව අතාරින් නෑ.....උඹ ඔහොම නෙවෙ...මට මොන දේ කෙරුවත් මම ඌව අතාරින් නෑ යකො....මම ජීවත් උනත් උගෙ...මැරුනත් උගෙ....එහෙව් එකේ.....තෝ සැර්න් සැරේ මට කොච්චර වද දුන්නත් මම දැන් අතාරින් නෑ...අතාරින් නෑ කිව්වොත් නෑම තමා....

උඹට මාව මරන්න ඕනානම්...මරපන්...මම මැරුවත් උගෙ.....උඹට මගෙ කොල්ලව මරන්ඩ ඕනානම්...ඒත් මරපන්...මොකද.....අග්නිගෙ ලෙ තියන එකම ළමයා ඌ විතරයි....ඉතින්....එහෙව් එකේ....උඹට ඌව මරලත් විසුමක් වෙන්නෙ නෑ කුවන්නා.....උඹට කවදාවත් විසුමක් වෙන්නෙ නෑ....

මම හිනා උනා....මේ වෙච්ච කිසි දෙයක් හීනයක් නොවෙන හීනයක් කියන්න මගෙ ඇගපත තැලුන හැම තැනම වේදනා දෙනකොට මම තවමත් මනස්ගාත යන අර පෝර ගොනිය දිහා බලාගන කෑ ගහලා අවසානෙදි ඒක ඇදලා අරන් එලියට ගත්තා...

එක බරයි.....

මගෙ අතට බර දැනුනා...ඇගම සීතල කරගන ආව හුලන් රැල්ලත් එක්ක මල බැදුන ගේට්ටු පියන් ඉස්සරහට පස්සට තල්ලු වෙනකොට මම අතට බර දැනෙන මුස්පේන්තු සංගීතයක් ඇහෙන ගෝනිය කර තියාගන කනත්තට ඇතුල් උනා....

කාත් කවුරුත් නැති පාලුවට ගියපු පැත්තෙ සදහටම නිදාගත්තු උන් වෙනුවෙන් තිබුනෙ හද එලියත් පිලිහිඩි රස වගේම සීතල දැනෙන මීදුමත් විතරම වෙනකොට මම පෝර ගෝනිය කර තියාගන මිනි කදු පාගන්නෙ නැතිව වලවල් උඩින් පැන පැන යනකොට මගෙ හීනෙදි.....හීනයක් නොවුන හීනෙදි ඇහුන අර මූසල උඩ බිරුමම අයමත් ඇහුනා වගේම සොහොනක් උඩ තිබුන සිමෙන්ති වලින් හදපු කුරුසෙක පැත්තක් කැඩිලා තිබුන හැටි මම දැක්කා.....

මේකයි ඒක....අරකි මාව උස්සලා ගහපු පාරට මගෙ කොන්ද වැදුනෙ මෙතනයි....

මම බිම බැලුවා.....

අඩිපාරවල්...එකක් මගෙ සපත්තු අඩිපාර වගේම අනික ටිකක් ගැඹුරට හැරුන අඩි පාරවල්....ඒක අරකිගෙ....

පෝර ගෝනිය අස්සෙ තියෙන්නෙ මොන මගුලක්ද කියන්නවත් මට දැනගන්න ඕනා නැති උනත් සැරින්සැරේම ගෝනිය දගල දගල සින්දුවෙන් සින්දුවට මාරු වෙනකොට මම අඩි පාරවල් තිබුන පාර දිගේ ගියා...

ඇදගන ගියපු පාරවල්....පොර බදපු පාරවල්....මාව පොලවෙ ගහපු තැන් මෙර් හැම තැනම මට ආය ආයම මතක් වෙනකොට මිනි කන්දක් දෙබෑ කරන් ඉහලට ආව අමනුස්ස අතක් මගෙ කකුල අල්ලගත්තු හරියෙදි මම නැවතුනා...මොකද එතන තිබුනෙ අලුත් මිනි වලක්....ඒකි මෙතනදියි මගෙ ඔලුව පොඩි කෙරුවෙ....ඒකි මෙතනදියි මගෙ හුස්ම ගන්න හැදුවෙ ....

සපත්තු අඩි පාර...ඇදගන ගියපු පාර.....

මල යකින්නගෙ අඩි පාර...

ඒ වගේම ඒකිගෙ අඩිපාරට පිටිපස්සෙන් ඒ අඩිපාරටත් වඩා තවත් ගැඹුරු අඩි පාරවල් දෙකක්.....ඒක කාගෙද...

තවත් ඇදගන ගියපු පාරක්....!!

වගේම එතනම තිබුන සොහොන් කොතේ දේවදූතයගෙ තට්ටකුත් බිම තිබුනා..... .

.නෑ..මේ දේවදූතයගෙ තටුව තිබුනා..මේක හොදට තිබුනා....කුවන්නා..ඒකි මාව මරන්න හදනවත් එක්කම ...ඒකිගෙ පිටිපස්සෙන් තවත් කවුරු හරි හිටගත්තද..... .

..අග්...නි...??

ඒ අග්නිද....මගෙ අග්නිද.....මම නොදැක්කා උනත්.....ඒ ආවෙ අග්නිද.....

එහෙනම්....ඒ අග්නියි.....ඒ ඇවිදින් තියෙන්නෙ අග්නියිද....??

මම එහෙම්ම කැඩිලා බිම වැටිලා තිබුන දේව දූත තටුව දිහා බලන් උන්නා....හද එලිය ඔනාවටත් වඩාබිමට වැටෙනකොට මීදුම අස්සෙන් තවත් දෙයක් දිලිසන ගමන් තිබුනා....

මොකක්ද ඒ....

කැඩිලා තිබුන දේදුනු තට්ට ගාව තිබුනෙ සුරයක්....

මේක.....මේක අග්නිගෙ වෙන්න බෑ....මේක කොහොමත් අග්නිගෙ වෙන්න බෑ....අග්නිගෙ ඇගේ සුරයක් තිබුන් නෑ...

මම බිම.තිබ්බ සුරේ අතට ගත්තා...කලුපටිය පරන පාට වෙලා තිබුනත්...සුරේ තඹ පාට හද එලියට දිලිසුනා 

 

සුරයෙක් .....මේක කාගෙද ?

බිම තිබුන සුරේ අරන් මම සාක්කුවෙ දාගන මම එහා පැත්තෙන් තිබුන අලුතෙ කපපු මිනි වල දිහා බැලුවා.....තවමත් මූසල සංගීතෙ පෝරගෝනියෙන් එලියට එනකොට මම අත් දෙකෙම හයිය අරන් මල්ල අල්ලා මිනිවල අස්සට විසික් කරලා සවලක් වත් උදැල්ලක්වත් නැති හන්දා අත් දෙකෙම්ම පස් දාන්න ගත්තා 

තොපි හැදුවෙ මාව පන පිටින් වලලන්න.....අතෑරපු කනත්තකට ගෙනල්ලා මාව පන පිටින් වලලන්න.....

මම කෑ ගගහා බැන්නා...කුනු හර්පත් කිව්වා.....හිත අස්සෙ බය තිබුනත් බය එලියට දැම්මොතින් මට බය වෙලාම මැරෙන්න වෙන හන්දා මම බය නැති එකාවහේ අත් දෙකෙමෙ හයිය අරන් අර පෝර ගෝනිය වැහෙන්න පුලුවන් තරම් පස් දැම්මා..

සැරින් සරේම එන සීතල හුලග එක්ක උඩුබිරුම සර්වාංගෙම හිරිවට්ටනකොට ගේට්ටු පලු ඇරෙන වැහෙන සද්දෙත් එන්න එන්නම වැඩි උනා.. . 

දඩාන් ...!!

.මම නෙවෙ ඔලුවක් ඉස්සුවෙ....

මම නෙවෙ පස් දාන එක නැවැත්තුවෙ ....තෙත පස් අත් දෙකට අහුවෙන්නෙ නැති වෙන කොට මම සපත්තුව ගලවලා සපත්තුවෙන් පස් වලට තල්ලු කරන්න ගත්තා.....

කනාටු උන ගහක අත්තක වහපු බස්සෙක් ඉද හිටලා කෑ ගහනකොට ඔලුව පහත් කරන් උන්න අගෙ ඔලුව කක්කුම එන්න එන්නම වැඩි වෙන්න ගත්තා වැදුන පාරවල් වල තැල්ම මතු වෙන්න ගත්තා 

සොහොන් පිට්ටනිය මැද හදලා තියන පොඩි පල්ලියෙ දොරවල් ක්‍රීස්.....ක්‍රීස් ගාන සද්දෙ එනකොට මම මට පුලුවන් උපරිම තරම වහලා මිනි කදු උඩින් පැනන් පස්ස නොබලා එලියට දිව්වා.....

මගෙ කකුල් දෙක මිනිකදු උඩින් පනිනකොට මාව මූනින් අතට වැටුනා වගේම ඒත් මම නැගිටන් දිව්වා...මම පුලුවන් තරම් වෙගෙන් දිව්වා .....

.ඉහින් කනින් දාඩිය වැක්කෙරෙනකොට දුවන් ආව මගෙ අත පය පුදුමාකාර තරම් වේදනා දෙනකොට මට කාර් එකේ යතුර කරකවන්න ඇගිලි පන නැති උනා .මගෙ අත පය වෙව්ලන්න ගත්තා . .අර මල වහංතරාව පස් දාලා වැහුවත් තවමත් සද්දෙ වෙනකොට මම මම කාර් එක ස්ටාර්ට් කරන් ආය ඒ පැත්තවත් නොබලා කෙලිම්ම රිවර්ස් එකට අරන් ආපිට ආවා.....

ආපිට ආවා කියන්නෙ වටපිට බලනවා තියා හුස්මක් ගන්නවත් නවතින්නෙ නැතිවම මම ආවා...කඩාගන ආවා...අනිත් පාර බ්‍රේක් එක ගැහුවෙ මෙච්චර කාලෙකට වැහිලා තිබුන ගෙදර ගෙට්ටුව ගාව වෙනකොට මම එහෙම්ම මගෙ ඔලුව ස්ටියරින් වීල් එකේ ඔලුව ගහන් හුස්මක් පපුව පිරෙන්නම අරගන එහෙම්ම සෑහෙන්න වෙලාවක් යනකන් ඉදන් උන්නා...

කාර් එකෙන් බැහැපු මම ලමයව වඩාගත්‍තා.....දකුනු කකුල උකුල් ඇටෙර් ගාවින්ම කැක්කුම දෙනකොට මට ඇවිදගන්න බැරි උනා...මං ගාව උහුලන්න බැරි මහා සිනි ගදක් මතු උනා...මිනිපිට්‍ටනියෙ සොහින් කොත් උඩ වැටුන මගෙ අත පය සීරිලා.ගිහින් තිබ්බා.....

අතපත ගාලා හියා ගත්තු යතුර යතුරු කටට දාලා දොර ඇරපු මට කාලෙකට පස්සෙ ඇරපු ගෙදරින් ආවෙ තනිකරම පුස් ගදක් වෙනකොට මම ලයිට් එක දැම්මා....

පාලුයි.....

මුලු ගේම පුදුමාකාර තරම් පාලුයි .....

මම එහෙම්ම මුලු ගෙදරම ලයිට් දැම්මා..මොකද මුලු ගෙදරම තිබුන පාලුව මට දරාගන්න බැරි උනා....කර උඩ නින්ද ගියපු පුංචි එකා අනේ ඒකා ඒ අස්සෙන් හීනෙනුත් කියවනවා.....මම එහෙම්ම ලමයව අරන් කෙලිම්ම අපේ කාමරේට ගියා...

අපේ...කාමරේ.....

හැම පැත්තෙම්ම තනි උන මට මට දැන් දැන් ඒ තනිකම දරා ගන්න අමාරු ගතියක් දැනෙන්න ගත්තා ....හිතේ තියන බය එක්ක මට කොහෙ හරි හැංගෙන්න ඕනා උනා...පපුවට දැනෙන මහන්සිය එක්ක මට අග්නිව කවදටත් වඩා ඕනා උනා.... ....

අග්නි.....මට උඹව ඕනා අග්නි.....තියන තරහ මරහා අමතක කරලා මගෙ ගාවින් එක විනාඩියක් ඉදින් ...මම ඉන්නෙ පුදුම බයකින් අග්නී....මම ඉන්නෙ පුදුම වේදනාවකින්...මට එකම එක මොහොතක් තුරුල් වෙන්න දීපන්.....

මම කාමරේ උලුවැස්සට හේත්තු වෙලා තවමත් මාරු නොකරපු ඇද රෙද්ද දිහා බලන් උන්නා...

එහෙන් මට එයාගෙ සුවද දැනෙනවා...අනිත් පැත්තෙන් අග්නි නැති සාංකාව දැනෙනවා....අනිත් පැත්තෙන් කුවන්නට තියන බය මාව පාගනවා.....

ඉවසගන ඉන්න අමාරුම තැන මම මගෙ නලල උලුවැස්සෙ ගහගත්තා ...

එක පාරක් දෙපාරක් නෙවෙ....තුන් හතර පාරක්ම...

මට නිකන් ...දැන් පිස්සු වගේ....

ආයමත් ගහගත්තු පාර එක්ක මට දත් පවා හෙලවිලා යන්න එනකොට මම සෑහෙන වෙල ඔහේ උන්නා.....

දැන් පාන්දර වෙලා.....

මම ආයම වැඩට යන්න ඕනා....

අනිත් පැත්තෙන් අර මන්තර පාඩන් කරන්න ඕනා...

තව පැත්තකින් අර ගෑනිගෙන් බේරෙන්න ඕනා....

මට මැරෙන්න තිබ්බා..මැරුනොත්...කව්ද අග්නි වෙනුවෙන් භෛරව් වෙනුවෙන් ප්‍රාර්තනා කරන්නෙ.....

කොල්ලව එක අතකින් වඩාගන උන්න මම ඇදරෙද්ද ඇදලා දැම්මා...කොට්ටා උර ගලවලා දැම්මා....අවසානෙදි තනි අතෙම්ම ඇද රෙද්දක් දැම්මා...තනි අතෙම්ම කොට්ට උර දැම්මා.....අවසානෙදි පැම්පර්ස් එක ඉතිරි වෙන්න ඉතුරු ඔක්කොම ගලවලා දාලා මම ලමයව පොරවලා බාතෲම් එකට ගියා..ගිහින් වතුර රත් වෙනකන් ශවර් එක ඇරලා දාලා කන්නඩිය ගාව හිට ගත්තා .....

නලල රතු වෙලා ..බෙල්ලෙ ඇගිලි පාරවල් හිටල.....එහෙම්ම මම ටී ශර්ට් එක ගලවලා බැලුවා...

මගෙ සර්වාංගෙම රතු වෙලා ගිහිල්ලා ....අරකි පොලවෙ ගහපු පාරවල් වලටද කොහෙද මගෙ උරහිස් ඇටයක් උඩ හම ගිහින් තිබුනා .....

උඹ නැති තැන මට මාව රකින්න මටම නැහෙන්න වෙලා මගෙ අග්නි...ඒක හරි වේදනාවක් ....මනුස්සයෙක් උන මම කොහොමද අග්නි කිසිම ආරක්ශාවක් නැතුව අමනුස්සයෙක් එක්ක හැප්පෙන්නෙ ඇරත්.....සංසාරගත ආදරයක් කොයි තරම් බලවත්ද .....ඒහා සමානව සංසාරගත වෛරයත් බලවත් අග්නි...

මං කන්නාඩියෙ උන්න මා දිහා බලන් ඉදලා අවසානෙදි එහෙම්ම ඇදුම් ගලවලා ශවර් එක යට හිටගත්තා ...තුවාල උඩට වතුර වැටෙනකොට උහුලන්න බැරිවෙනකොට මං කකුල් වල ඇගිලිවලින් ටයිල් කැට මිරිකගත්තා ...බැරිම තැන මං වේදනාවටම ටැප් එක අත් වලින් මිරිකගන සෑහෙන්න වෙලාවක් උන්නා....

ම්ම්ම්...අප්පු....ච්චියේ.....අග්...අග්.....

එනවෝ...එනවෝ...මේ එනවො...

අප්...පුච්චි.....යෝ.....

එනවෝ...අප්පච්චි කාසම අදිනවෝ . ..... ...

ම්හුක්....අප්පු.....අග් ..ගි..යේ....අග්ගියෙ .කෝ....ත අප්පුච්චියා ....කො...ත....

මන් උන්නෙ තනි අන්ඩෙන් හිටගන බාතෲම් එක අස්සෙම කලිසම ඇද ඇද උන්න මට පුංචි එකා අඩන සද්දෙ එක්ක මං කලිසම දදාම කෑ ගැහුවා ...ඒත් ඒ චුට්ටකිම්ම මට මගෙ පොඩි එකා ගිරා පැටියෙක් වගෙ කියවනවා ඇහුනා ....ඒකා හිනා වෙන්න ගත්තා ...අග්ගියේ අප්පුච්චියා කෝත කියලා ඇහුවා .....අනේ ඒ කියන්නෙ අග්නි.....අග්නි ඇවිදින්ද??මගෙ අග්නි....

නොන්ඩි ගගහා උන්න මං අනිත්පාර දිව්වා ....මගෙ අග්නි ඇවිත් කියන සතුටත් එක්ක මං දිව්වා ...

ඒත්.....

ඒ...ත්.....අනෙ නෑ.....

එයා නෑ.....

අනෙ මගෙ කොල්ලා තනියෙන් කියවනවා ...

එයා තනීයම හිනා වෙනවා ....අග්ගියේ ගගා ඒකා ඔහේ කියවනවා .....මට හුස්මක් පිට උනා....තුවාල උන කකුල් උස්සන් දුවන් ආව මම ආයම නොන්ඩි ගගහා ඇවිත් ඇද මැද ඉදන් මාව රවට්ටපු පොඩි එකාගෙ කම්මුල හිමින් මිරිකුවා ...

උඹ අප්පච්චිට හීනයක් පෙන්නලා හැබෑ වෙන්න කලින් මාව ඇහැරෙව්වා නිඛිල් ....

ම්ම්ම්ම්.....

ම්ම්ම් තමා වර දොයියන්න ...හෙට ඉදන් අප්පච්චි එක්ක වැඩට යන්ඩ ලෑස්ති වෙයන් යක්ස පැටියා...

ම්ම්ම්ම්.....අප්පුච්චියෙ .....පැතියා.....කෝත...

පැටියා උඹනෙ...

ඔව්නේ.....උඹනේ....අප්පුච්චියෙ පැතියා...

ඔව්....මං පැටියා තමයි ..මහ එකා පැටියව දාලා ගියානෙ....

ගියානෙ.....දාලා....මහ එකා....කෝත.....පැතියා ගියේ.....අප්පුච්චියෙ...

යෝහ්....බුදියපිය ....මට යක්කු එක්ක නටලා මහන්සී....

ම්ම්ම්හුක්...

මං ඇදෙන් දිගා උනා පැම්පර්ස් එක පිටින් උන්න පුංචි එකා ඊලග පාර ඇවිදින් මගෙ බඩ උඩ නැග්ගා නැගලා ඉදගන අනෙර් එහෙම්ම මගෙ ඇග උඩ දිගා උනා....ඉදලා හිටලා චූට්ටකට නැති කටින් ඈනුමක් යනකොට අනේ මට දුක හිතුනා ....

නිඛිල් ....

.....ම්

මගෙ වස්තුව ...

....අ....යි.....

බඩ ගිනිද.....

මං චූටි පස්සට හිමින් තට්ටු කෙරුවා ....තට්ටු කරලා එයාගෙන් බඩගිනිද අහනකොට චූටි එකා අනේ ඈනුම් ඇරියා .....

කෝ දොයියන්න අප්පච්චි මගෙ පුතාට කුක්කුවක් හදන් එන්නම්....

ම්ම්ම්ම්...

පන්ඩිත කමට කොහෙන්ද ම්ම් ගාලා උත්තර දෙන්න පුරුදු උනේ ආ....

මන් ඒ චූටි මූනට හාදුවක් තියලා කාලෙකින් වලදක් රත් නොවුන කුසියට ආවා ...

හැම දේම පාලුවට ගිහිල්ලා....මිනිස්සු සැපට නිදි ඇති....දැන් දෙකත් පහුවෙලා...තව පැය කීයද....

වතුර කේතලේ හෝදලා වතුර එකක් ගහපු මම සූප්පු බෝතල් දෙකම හේදුවා...කව් ඇන්ඩ් ගේට් ටින් එකේ උන්න කොල්ලා හිනා වෙනකොට තව ටික කාලෙකින් එයාට වෙන පාට ටින් එකකට යන තැනට එයා ලොකු වෙනවා...

මොනවා කරන්නද....ළමයි ලොකු වෙනවා නේන්නම්.....

උරහිසෙන් දැනුන වේදනාව එක්ක මම උරහිසට අත තියාගන ඉදලා කොන්දෙන් දැනෙන වේදනාවට වතුර එක රත් වෙනකන් කොන්ද නවාගන ඉන්නකොට මගෙ කොන්ද දිගේ සීතලම සීතලක් යනවා දැනෙනෙවත් එක්කම මට බයටම අග්නී කියල උගුරෙන් කෑගැස්සුනා....

අනේ..අග්..නීහ්....

"ම්න්...."

අග්නී...මගෙ කන් දෙකත් එක්ක සීතල උනා....." ම්න්" ගෑවා....ඔව්....ඒ නපුරු ...ගැඹුරු වගේම සීතලම සීතල කටහඩ වෙන කාගෙන් වත් නෙවෙ....මගෙ අග්නිගෙමයි .....

වතුර එකේ බුබුලු දානවා...

ගොජ ගොජ ගගා වතුර එක නටනවා...ඒ හා සමානවම මගෙ හිතත් හැහෙනවා....අනේ අග්නි වෙන්න අග්නි වෙන්න...අග්නින් වෙන්න ඒ කට හඩ හීනයක් නොවී අග්නි වෙන්න අග්නි වෙන්න කියපු මම තව පැත්තකින් අග්නිගෙ මූන බලන්න බය උනා....

මෙච්චර වෙලාම කොන්දට දැනුන සීතල ගතිය නැති වෙලා ගියා....හැබැයි මට දැනුනා එයා ඉන්නවා...මට දැනෙනවා අර නපුරු ඇස් මගෙ දිහා බලන් ඉන්නවා...

නටන වතුර එක වහපු මම අනිත්පාර බයෙන් බයෙන් එයාගෙ පැත්තට හැරුනා...

අ....ග්...නී.....

මට කෙල ගිලුනා...එයා ඉන්නවා...එයා මගෙ දිහා ඇස් අමුතු කරන් බලන් ඉන්නවා.....තත්පරයයි...දෙකයි..මට ඉවසන්නම බැරි තැන මම එයාගෙ ඇගට පනින්න හැදුවා ....ඒත් එයා නෙවෙ මට ලගට එන්න දුන්නෙ...එයා අඩියක් දෙකක් පස්සට ගියා....

මගෙ හිතට වේදනාවක් දැනුනා...පිපිගන ආව මලක් එක පාරම පරඋනා වගේ හැහීමක් දැනුනා.....මම එහෙම්ම එයා දිහා බලන් ඉදලා අඩියක් පස්සට ගියා...

එයා මාව එපා කිව්වා.....

මට ඒක අමතක උනා...

මමත් එයාව එපා කිව්වා.....

ඒකත් මට අමතක උනා.....

ඉතින් තවත් කොහෙද බැදීමක්.....මම මොකුත් නොකියම ලාවට හිනා උනා.....හිනා වෙලා සමාව ඉල්ලුවා....

මට සමාවෙන්න....

එච්චරයි ....සෑහෙන්න බර හුස්මක් පොට කරන්න ඕනාවට මම අර හිනාව තවත් චුට්ටක් ලොකු කෙරුවා ....ඒ පිහිටෙන් මම අර වේදනාව පිට දාලා හිමින් සැරෙ අනිත් පැත්ත හැරිලා ලමයගෙ කිරි එක හදාගන නිවාගන කාමරේට ගියා....

සුදු පුතා....ආ මේ කුක්කු එක.....

එයා මගෙ පස්සෙන් ආවා....

මට ලගටවත් නොඑන්න දුන්න එයා ඒත් මගෙ පස්සෙන් ආවා....ඇද මැද උන්න ලමයව වෙනදා වගේම ඇද අයිනට දාලා මම මැදින් නිදා ගත්තා ...අයිනෙන් ඉඩ ඉතිරි උනා....එයා ඒවිද...නැද්ද දන්නෙ නෑ....මම ආයම මොකුත් නොකියා...ඇයි අග්නි කියලවත් නාහා ලමයට කිරි බෝතලේම පොවලා.කටට සූප්පුව දුන්නා....ඇස් දෙක ටිකක් කරකවපු කොලුවා ඒ චුට්ටකිම්ම නිදා ගත්තා ....

අග්නි තවම හිටගන....

මම ඇහුවෙ නෑ...එන්න කිව්වෙත් නෑ....හිස් කිරි බෝතලේ පැත්තකින් තියල මම ලයිට් එක ඩිම් කෙරුවා ....පොඩි එකා අන්දකාරෙට බයයි...එච්චරයි මම මගෙ පාඩුවෙ ඇවිත් ලමයා ගාවින් දිහෑදිලා එයාගෙ පැත්තට හැරුනා...

හුස්ම ඉහලට .....

පහලට...

ලබ් ඩබ්...

ලබ්....ඩබ්...

මගෙ පපුව අසාමාන්‍ය විදිහට ගැහෙන්න ගත්තා ....වචනයක් කතා නොකර එයා අපින් දිහා බලන් ඉන්නකොට ඒක මට ඊර වඩා ලොකු බයක් වෙනකොට මම බෙඩ් ශීට් එක අස්සෙ ඉදන් ගුලි උනා...

ඇද බර උනා.....

විනාඩි ගානකට පස්සෙ ඇද බර උනා....

එයා ඇදට නැග්ගා...

අපි දෙන්නම පොරවන් උන්න බ්ලැන්කට් එක ඉස්සුනා.....

ඒ එක්කම මගෙ බෙල්ල ගාවට සීතල සුසුමක් වදිනකොට මටත් නොදැනිම මගෙ යටි තොල හැපුනා...එයාගෙන් එකම එක ස්පර්ශයක්වත් නැතිවම එක සුසුමකින් මාව උමතු කරන්න පුලුවන් කමක් එයාට තියනකොට මම ඇස් දෙක තද කරන් උන්නා...

ටික්.....

ටික්...

ටික්

ටික්...

බිත්ති ඔරලෝසුවෙ කටුව කැරකෙනවා......ඒ ඒ එක්කම අග්නිගෙ සීතල වගේම දර දඩු අත මගෙ බද වටේ වගේම එයාගෙ බර කකුලක් මගෙ කකුල් හරහා වැටෙන කොට එයාගෙ සීතල තොල්.මගෙ කන් පෙත්ත ගාව නැවතුනා .....

"කාගෙන් හයියක් අරගනද අම්මට ගෑනු හොයන්න කිව්වෙ...ම්ම්ම්ම්ම්"

අග්....නී....

" මැරිලා යන්න ආසද....?"

.🤭 ජොබියා තනියම නිදහස් උනා...!!!

ආයම හෙත එන්නා....ම්

මේ ළමයා දොයියන්න යන්නෙ ඔය ලමයිනුත් දොයියන්න.....

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters