Ficool

Chapter 59 - 59

අ...ග්...

" ශ්....ශ්....උඹට ඕන තරන් වෙලා තුරුල් වෙලා ඉන්න පුලුවන් ..සමාව ඉල්ලන්න අඩන්න තහනම්..."

මම එයාගෙ ඇගට හේත්තු වෙලා ඔහේ උන්නා...මොකද මට ඔහේ ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නෑ...සමාව ඉල්ලන්න...අඩන්න තහනම් කිව්වම මම මොනවද කරන්නෙ.....මට තියෙන්නෙ තුරල් වෙලා ඉන්න....මට තියෙන්නෙ හිතේ වේදනාව අඩුවෙනකන් තුරුල් වෙලා ඉන්න.....

"උඹට සමාව ඉල්ලන්න එපා කිව්වෙ....උඹ මනුස්සයෙ හන්දා...මම නෙවෙ...මම උන්න තැන දෙයියො උන්නත් උඹ කරන්නෙ පෙරලන් දුවන එක .....මොකද උඹ මනුස්සයෙක්...උඹට දුක වේදනාව දැනෙනවා.....දුක වේදනාව අපි හැමෝටම එකයි..දෙයියන්ට.....යකුන්ට....උඹලට කියල නෑ...යක්කුන්ට දුක වේදනාව නැත්තන් ...."

එයා නැවැත්තුවා ...මම උන්නෙ ඒයගෙ රෝම පිරුන ...පලල් පපුවට මූන ගහන් වෙනකොට එයාට හොරාවට මගෙ ඇස් වලින් කදුලක් දෙකක් බිමට වැටුනා...එතනින් එහා නෑ...මොකද අම්මා හොදින් ...මට හිත හදාගන්න අග්නිගෙ වචන හයියක් වෙනකොට මම එයාට හෙත්තු වෙලා ඉන්නකොට මගෙ අග්නි හොරාවට හොරාවට ඇබිත්තන් හාදුවක් දෙකක් තියනකොට මට පූසෙක්ගෙ සද්දයක් ඇහුනා....ඒකත් දේවාලෙන්.....ලමයගෙ සද්දෙත් ලාවටඇහුනා....පූසා ඥෑව් ගානවා....හරියටම ඒක නිකන් මේ කතා කරනකොට ආපිට උත්තර බදිනවා වගෙ...කිටියෝ කිව්වම ඒකා අපිට ඥෑව් කියනවා වගේ.....

අග්නී.....පුංචි එකා.....?

"......"

මම අග්නි දිහා බලල පුංචි එකා කියනකොට අග්නි ඇස් හීනි කරන් දේවාලේ දිහා බලලා අහක බලා ගත්තා .....

ඒ කියන්නෙ භෛරව් ඉන්නවා....ඒකයි මේ මගෙ එකා පැලෙන්න හදන්නෙ....

අග්ගියේ.....අප්පුච්චියෙ....තා...එකක්...පුචාත ....අප්පුච්චියෙ...

මම හිමීට ආයම අග්නි දිහා බැලුවා...අච්චර දේවල් කරපු භෛරව් එක්ක මේ යකා ඊරිසියා කම්.කරන්න අරන් තිබුනා වෙන මොකුත් නෙවෙ ළමයා අප්පුච්චියෙ කියනවට .....වෙන මොකටවත් නෙවෙ කොල්ලා හුරතල් වෙවී හිනා වෙනවට...මම මොකුත්ම නොකිය ඊරිසියාව පිරුන ඒ මූන දිහා බලන් උන්නා....ඇහි බැම ඇකිලෙනවා.....ඇස් හීනි වෙනවා.....

ඇයි අග්නි ඔච්චර ඊරිසියා ....අපි දෙන්නා එනකන් උන්නෙ එයානෙ.....?

"නෑ..කවද කියන්නෙ..."

ඇත්තටම ඊරිසියාවක් නැද්ද අගනි..

" උඹට මසක්කන්ද...?"

එහෙනම් ඔය ඇස් හීනි වෙන්නෙ...ඇහිබැම ඇකිලෙන්නෙ.....

"මගෙ ඇහට රොඩ්ඩක් ගියා.....දැන් හරි.."

ආ...ඇත්තට....එහෙනම් ඔයා මෙතන ඉන්නකො මම කොල්ලව බලලා එන්නම්.....

මට හිනා යන්න ආවා.....කපටි කම්...බොරු කතා කියන්න පුරුදු වෙලා ඉන්න අග්නි මං ලමයව බලලා එන්නම් කියලා කියනකොට ඒ මූන ඇකිලිලා ගියා ...මම ගනන් ගන්නෙ නැතිවම එන්න ආව....ඒත් මම හිතන්නනෙ මට අඩි දෙක තුනක් වත් එන්න බැරිව යන්න ඇති...එයා මාව ඇදලා ගත්තා ....

" උඹ මගෙ විතරයි...."

මට.අවංකවම හිනා යන්න ආවා....හැමදේම කියලා දෙන අග්නිට මගෙ ගාවදි ඔක්කොම අමතක වෙනවා...පුංචි එකෙක් වගේ එල්ලෙන්න හදනවා....උඹ මගෙ විතරයි කියපු අග්නි ආයම මාව අතෑරලා මොකුත් නොවුනා ගානට රවා ගන්නකොට ඇවිස්සෙනබව දැන දැනම මට අවුස්සන්න ඕනා උනා.....

චුට්ටක් භෛරව්ගෙත් වෙන්නම්ද.....

මම එච්චරම තමා කිව්වෙ ඒ උනාට ඉන් එහා එක තත්පරයක් මම උන්නෙ නෑ....මොකද ඉන්නවා කියන්නෙ මාව මැරෙනකම්ම පොලවෙ ගහයි කියන සැකේ එනවත් එක්කම මම දේවාලෙ පැත්තට දිව්වා....දේවාලෙ දොරකොඩ ගාව හිටගන්නවත් එක්කම අම්මා ඊයෙ පෙරේදා අලුතෙන් ගෙනාව නිතර දෙවේලෙ ආසාවෙන් වතුර දාපු ඇන්තූරියම් පෝච්චියක් කුඩු පට්ටම් වෙලා ගියා....

දැන් ඉතින් හරි....මාව මිරිකයි යුශ එන තරමටම.....

"කෝ ඉතින් අහගන්න....."

ඥෑව්.....

අග්ගියෙ....තුප්ප...මේනිතත් එක්කත...අග්ගියෙ.....ඔව්....ආ...

අප්පුච්චියො..... මගෙ නමයගෙ....

"ඔව්..ඔව්....මගෙ ලමයගෙ කුප්පමේනිටත් එක්ක තමයි....කෝ අහගන්නකො.....කුප්පමේනි ...ඔන්න අහගන්න"

ඥෑ.....ව්ව්

මම.අහන් උන්නා...අග්නි මගෙ පුතා කියනකොට භෛරව් තවමත් අර නුපුරුදු ගතියටම මගෙ ළමයා කිව්වා...වෙන වෙලාවට එයාටම පුතා ගන්න කියන මගෙ යක් පැටියා දැන් මගෙ ළමයා කියන්න පටන් අරන් තිබුනා.....ඒ අස්සෙන් චුට්ටමාලගෙ කුප්පමේනියත් කියන කියන එකට ඥෑව් ගානකොට මම අහන් උන්නා භෛරව්ගෙ කතන්දරේ මොකක්ද කියලා ....

" ඔන්න....ඉතින්...ඒ යකා....මිනිහට ගහලා මැරෙනවලු...."

ඔව්...ලූ.....නේ අග්ගියෙ....මැයෙනවලූ...

ඥෑ.....ව්

මාව ගල් උනා...ආය DNA පරික්ශා කරන්න ඕන නෑ.....අග්නියා එකටම කියන්න ගියෙත් යකෙක් ගහලා මැරෙන කතාවක් වෙනකොට භෛරව් කියන ගමන් උන්නෙත් ඒ කතාවක්ම උනා.....අරුන් දෙනත් මැරෙන කතා වලට හූ මිටි ති‍ය තිය අහන් ඉන්නකොට මට කර කියා ගන්න දෙයක් නැති උනා....

අග්ගියෙ....

"ම්ම්ම්....."

ඊරයිත.....ඔව්.....ආ.....ඊරයිත...තුත්තා....න්.....ඊරයිත.......

"තව එකක් තියනවා කියන්නද?"

ම්ම්ම්ම්...කියන්නත....තව එකක්....

" ඔව්..."

ඔව්...ත.....

" ඔව්...."

ම්ම්ම්ම්.....තුත්තුන්.....ඉන්නා...ත...අග්ගියේ...ඔව්....අප්පුච්චියෙ .....අම්..මියේ....

".යෝ.....හ්.....වැටෙයි...වැටෙ...යි....කොන්ඩේ....කොන්ඩේ.....හ්...ලම...යෝ...."

ඟෑ...ව්.....

" කොහොමද කතාව....ලස්සනද.....ම්ම්ම්....තව බෙල්ල අඹරන.....පොලවෙ ගහන...නිල් වෙන්න ගහලා.මරන ඒවත් තියනවා...මගෙන් අහගන්නවද ....අද රෑට භෛරව් ගාවට යවන්නද....ම්ම්ම්ම්ම් ?? භෛරව්ගෙත් වෙන්න ආසයිනෙ නේ....ම්ම්ම්ම්....ආසයිනෙ...හැමදාම කතන්දර අහන්න විතරක් නෙවෙ....තව තව දේවල් පුලුවන් වෙයි....යවන්නද....."

අග්නී....ඊරිසියාව බේරෙන අග්නි.....මැරෙන්න තරම් ආදරෙයි කියන අග්නි ඒ පාර මගෙ පිටිපස්සෙන් ඉදන් මාව වචන වලින් හෙම්බත් කරන්න පටන් අරගන තිබ්බා...මාලුවා නහින්නෙ කට හින්දා කියන දේ අහලා තිබ්බත් මට කවදාවත් මාලුවෙක් කට හින්දා නහින හැටි අත් විදලම බලන්න පුලුවන් කම හම්බුනා...

ආව්...හ්...අග්නී....

එයා මාව කොනිත්තනවා පලයන් පලයන් ගගා තල්ලු කරනවා... ඇයි දැන් උගෙත් වෙන්න ඕනා නේද ගගා මාව හෙමබත් කරනවා.....විහිලුවට කිව්වෙ කිව්වත් අග්නි නෙවෙ ඒක අහන්නෙ.....තේරුම් ගන්නෙ නැහැයි කියලා හිතෙන බරම බර දේවල් ගානක් නැතිවම තේරුම් ගන්න අග්නි...මාව අඩවන්න අකමැති අග්නිම හය හතර නොතේරෙන එකෙක් ගානට වැටිලා එකම දේ කිය කිය පලිගන්න හදනවා...මගෙ තුන් හිතක වත් නැති දේවල් තනීයම කියව කියව එයාම ඊරිසියා කාර කම් කර ගන්නවා....

" හිතෙ ඇත යන්ඩ ...මරල හංගනවා මල කදවත් හොයන්ඩ බැරි වෙන්ඩ....."

....

"වටේ යන්ඩ පුරුදු වෙලා...."

......

" මගුලෙ යන්ඩ අහනවා"

මම කම්මුලකට අත ගහගත්තා.....මම කියන වචනම එයා මට ආය ආයම කිය කිය මගෙ වටේ කැරකෙනකොට මම මොකූත් නොකියා අහන් උන්නා...බැනලා බැනලා ඇතිවෙයිනෙ කියලා ....

" ඒක අහපු ලස්සන....භෛරව්ගෙත් උනාට කමක් නැද්ද....ඉතින් පලයන්...මොකාද අල්ලගත්තෙ..."

......(මේ කට නම්....)

" ඇයි .....උගෙ එක ලොකුද මට වඩා...එදා දැක්කද දන්නෙ නෑ...හිතේ ඇති බිබික්කම ගිහින් හුරතල් වෙන්න....."

මගෙ දෙවියනේ...අග්නී.....

" ඇයි....ඔය උඹට අමාරුයිනෙ.....උඹට අමාරුයි....කැහියාව....."

කොහෙන්ද අග්නි ඔය මගුල් ඉගනගත්තෙ.....?

"චුට්ටමාගෙන්"

යෝ.....හ්.....අග්නීහ්...ඇයි මගෙ අග්නි මේ....මම බොරුවටනෙ කිව්වෙ....අග්නී...මම බොරුවටනෙ කිව්වෙ....උඹනෙ දරුවගෙ අප්පච්චි අග්නි...

අග්නියගෙ මූන බිබික්කමක් වෙලා.....මම ආසයි.....තරහෙන් පුපුරන....ආදරේ උතුරන අග්නිම මෙහෙම දැනෙන නොදැනන ගාන හුරතල් වෙන්න ඕන කම හංගන් හුරතල් වෙනන්න හදනකොට අවංකවම මම ආසයි...ආදරෙ උතුරන ඇස්ම ...ඊරිසියාවෙන් පිරෙනකොට ආදරේ වැඩි තැන තන්හාවෙන් පුපුරන්න හදන මගෙ අග්නි දිහා බලන් උන්න මම මගෙ ඇහිලි තුඩු වලින් ඉස්සිලා එයාගෙ බෙල්ලට හාදුවක් තිබ්බා...මොකද ඒකා තරහ ගිහුන් හින්දදෝ මන්දා අඩියක් දෙකක් තවත් උස ගිහින් තිබ්බා....

මගෙ ආදරනීයම යක්ශ පරානෙ.....මගෙ තුන් හිතකවත් නෑ මගෙ අග්නි ...මගෙ හීනෙකවත් නෑ...මගෙ ශිවන් හැමදාම අග්නිගෙ.....ඊරිසියා කම් කරනකොටත් උඹ ආදරනීයයි මගෙ අග්නි.....තරහා ගන්නකොට මට දරන්න බැරි උනත්....උඹගෙ ආදරේ ගාව මම ඊටත් වඩා අසරනයි මගෙ අග්නි....උඹේ ආදරෙ හරි බරයි....මට උඹ නැතුව බෑ මගෙ අග්නි

මම හරි හිමින් මුමුනනකොට එයා ලාවට හිනා උනා...හිනා වෙලා මගෙ නිකටෙන් අල්ල ගත්තා .....

" දන්නවද මගෙ මැනික...දාලා නොයන බව දැන දැනම දාලා යන්න කියන්නෙ මට උඹගෙ කටිම්ම ""මට උඹ නැතිව බෑ මගෙ අග්නි කියන වචනෙ අහගන්න ආසාවට"....මං ඒ වචන වලට ලෝභයි මගෙ ශිවන්.....යමන් මැනික මූන කට හෝදගනින්.....උඹට වේදනයි නේද...."

එයා මගෙ ඔලුව අත ගාලා....ඔලුව දිගේ අත පහලට ගෙනිච්චා .....එහෙම්ම එයාගෙ සීතල අත මගෙ කොදු නාරටිය දිගේ ඇවිදින් තුනටිය ගාව වගේම අතුල් පහර වැදුන තට්ටම් හරි හෙමින් පිරිමැද්දා .....එයා අහනවා මට වේදනයි නේද කියලා .. ...

මගෙ යටි බඩ නෑවගෙ...කලවා තවමත් වෙව්ලනවා ....ඒත් ගෙදර ආවම අමාරුයි වගේ ඉන්න පුලුවන්ද ....මම ලාවට හිනා උනා....ඔව් කියලා කියන්න ඔලුව වැනුවා.....එයා පුංචි එකාව ගන්නම් කියලා මාව යන්න හරවනවත් එක්කම දේවාලේ ගාව තිබුන කුරුදු ගහේ තිබුන ලේන් කූඩුවෙ කඩාගන පුංචි පැටියව මගෙ උරහිස උඩට වැටිලා බිමට වැටුනා...

අනේ අග්නී.....

චූටි පැටියෙක්...අනේ....වැටුන පාරට පැටියට සිහිය නැ ති උනාද කොහෙද ...

චූටි ඇස් දෙක එලියට පනින්න ඔන්න මෙන්න තියනකොට වේදනාවටමද කොහෙද පැටියගෙ ඇස් වලට කදුලු පිරිලා තිබුනා....

" ඒකට සිහිමුර්ජා උනා...."

එයා කිව්වා පැටියට සිහියනැති උනා කියලා ...ඒ එක්කම මම දුවලා ගිහින් පින්තාලියෙන් වතුර අල්ලක් ගෙනාවා...අග්නිගෙ ඇගිලි තුඩු දිගේ ගියපු වතුර බිංදු හරි සීරුවට අර ඇබිත්තකට චූටි මූන පුරාවටම යනකොට අනේ ඒකා හයියෙන් හුස්ම ගත්තා ...චූට්ටකට නැති කට කට අස්සට වතුර බින්දුවක් දාන ගමන් බයේ ගැහෙන ලේන් පැටියව දැක්කම මට.මතක් උනේම.මගෙ දරුවව....අඩනකොට කදුලු පිරෙන් ඇස් දෙක.......

" ඒකව උඩ ඉදන් වැටෙනකොටම.බයටම සිහි නැති වෙලා...."

අග්නි කියවනවා....පුංචි පැටියා දැන් හුස්ම අල්ල අල්ල ඉන්නකොට හිල් වෙලා වැටුන ලේන් කූඩුව අස්සෙ තිබුන පුලුන් කෑලි...කොස්සෙ කොහු.....මේ ඔක්කෝම බිම විසිරිලා තිබුනා

අග්නි...මේ පැටියා තනියෙන්ද අග්නි.....

" නෑනෙ මැනිකෙ...මෙච්චර චූටි පැංචෙක් තනි වෙන්නෙ නෑනෙ....පුංචි උන් කොහොමද අම්මා නැතුව ...

අග්නි නැවතුනා...එයා කියන්න හදපු දේ එක පාර නවත්තලා මගෙ දිහා බලනකොට මගෙ ඇස් වල කදුලු පටලයක් ඒ වෙනකොටත් බැදිලා අහවර වෙලා තිබුනා....

සමහර දේවල් ලොකු පුංචි කියලා නෑ මගෙ අග්නී දරා ගන්න වෙනවා.....සමහර අහිමි වීම්.ලොකු පුංචි කියල නෑ අග්නි....දරා ගන්න වෙනවා...එයාගෙ අම්මා තාත්තා නැතිනම්.....

" අපිට වැඩි නෑනෙ මැනිකෙ...."

මම මොකුත්ම නොකියා ඔලුව වැනුවා.....මම අහන්න හදපු එකට එයා මට කලින් උත්තර දෙන ගමන් පුංචි පැටියව එයගෙ අත්වල උනුසුමට ගුලිකර ගන්නකොට අනේ ඒකාගෙ අර රවුම් ඇස් කදුලු වලට දිලිසුනා.....

මං නිඛිල්ව අරන් යන්නම් අග්නි....

"ම්න්..."

එයා ඊට එහා මොකූත් කිව්වෙ නෑ....මම කෙලිම්ම දේවාලෙ ඇතුලට ගියා.....අග්නි කෙනෙක්...එලියෙ එක අග්නිගෙ කෙනෙක් ඉන්නකොට ...අග්නි වෙනුවෙන් තවත් අග්නි කෙනෙක් උන්නා.....නිකන් නෙවෙ...කතන්දර කියලා දීලා හොද පන ගිහින් උන්න අග්නි කෙනෙක්...එයාගෙ උකුල උඩ ළමයි දෙන්නෙක්ටම නින්ද ගිහිල්ලා.....මගෙ නිඛිල් වගේම කුප්පමේනියටත් භෛරව් ගාව උනුසුමට නින්ද ගිහින් තියනකොට භෛරව්ගෙ කොන්ඩෙ ගන්න දෙයක් නැතුව තිබ්බා...එයා අග්නිට කරන දේමයි භෛරව්ට කරලා තිබ්බෙ...එයා අග්නිගෙ මූනට කරන දේවල්මයි භෛරව්ට කරලා තිබුනෙ ...

මම එයාව ගන්නද.....

මම ඇහෙන නෑහෙන ගානට එයාගෙන් ලමයව ඉල්ලනකොට එයාට ලමයව දෙන්න බෑයි කියන්නද කොහෙද එයා ලමයව අත් දෙකෙම්ම තුරුල් කරගත්තා .....අනේ එයාට ලෝභ හිතුනද කොහෙද...මං බලන් උන්නා...එයාට ඇතියි කියලා හිතෙනකන් ඉන්න දීලා මම බලන් උන්නා ....ඒත් අවසානෙදි මගෙ දිහා බලන් ඉදලා දරුවව මගෙ පැත්තට දික් කෙරුවා...පූස් පැටියා නින්දෙන් වගේ අනතමනත වෙලා ඇහැරෙනකොට ඌ වැනි වැනි එහා මෙහා බල බල ඉදලා ආයම භෛරව් ගාවට ගිහින් ගුලි උනා...මං ලමයව වඩාගන එලියට එන්න ආවා....

අම්මා.....අම්මා....

මම නින්ද ගිය දරුවව කරපින්නගන අම්මගෙ කාමරේට එනකොට අනේ අම්මට නින්ද ගිහින් තිබුනා....මම අම්මගෙ ඉදිමුන කකුල දිහා බැලුවා..පත්තු බැදපු කකුල පිට්ටු ගෙඩියක් වගේ තියනකොට මම හිමීට කකුල අත ගෑවා.....

රස්නෙයිද මයෙ පුතා.....

මම ඉදිමුන කකුල අතගානකොට අප්පච්චි ඇවිත් මගෙන් කකුල රස්නෙයි ද අහනකොට මම ඔව් කියලා කියන්න ඔලුව වනනකොට අප්පච්චි ලොකු හුස්මක් ගත්තා ...

කියන දේ අහන්නෙ නෑනෙ....සෑහෙන දවසකට.අඩිය ගහන්න බැරි වේව්.....

අප්පච්චි ගෙ ඇස් දෙක තිබුනෙ වේදනාවෙන් නින්දගිය අම්මගෙ මූනෙ වෙනකොට මම කර පින්නන් උන්න දරුවව අනිත් පැත්තට මාරු කරගන ඇදෙන් ඉදගත්තා.....

අප්පච්චි .....වෙන වෙදෙක් ගාවට යමුද...අම්මා වෙදෙක් උනත් .....අපි වෙන කෙනෙක් ගාවට යමුද මට හිතට හරි මදි...මගෙ හිතට මේක හරි මදි...අම්මා කොච්චර හොද උනත් මට අම්මව අරන් යන්න ඕනා අප්පච්චි .....

මම ඇදේ ඉදගන අම්මා දිහා බලන් අප්පච්චිට අම්මව වෙන වෙදෙක් ගාවට අරන් යමුයි කිව්වා, වෙන තැන්වලදි අම්මගෙ අත් දෙක....අම්මගෙ අත් ගුනේ ඕනවටත් වඩා විස්වාස කරන මට අද අම්මගෙ වෙදකම විශ්වාස නැති උනා.....ඒත් අප්පච්චිගෙ මූනෙ තිබුනෙ බය නොවී කලබල නොවී ඉන්න කියන බැල්මක් වෙනකොට මම දරුවව අරගන නැගිට්ටා ...

"මැනිකෙ...."

කොන්දට අත තියාගන ලිපේ තිබුන පරිප්පු හොද්ද කූරු ගාපු මම අග්නිගෙ කටහඩත් එක්ක හැරිලා බැලුවා .....

මම උන්නෙ වේදනාවෙන් රෑ අල්ලපු අඩව් වල වේදනාව දැන් දැන් කලවා වල වේදනාව ඇගට දැනෙන්න ගත්තා...අප්පච්චි උන්නෙ අම්මගෙ කකුලට තෙල් අතගාන ගමන් වෙනකොට මම උයන්න ආවා...භෛරව් ගාව නිදා ගත්තු පුංචි එකාව මෙට්ටෙන් තියපු මම ඇගපතේ වේදනාව අඩු වෙන්නත් එක්ක නෑවා ...ඒ උනත් අප්පච්චි අම්මා ගාව වෙද හෙද කම් කරනකොට මට කුසියට නෑවිදින් ඉන්න බැරි උනා....

මැනික ගාගන මගෙ ගාවට ආව අග්නි අම්ම අප්පච්චි නැති බව දන්න හින්දම බය නැතිවම මාව පිටිපස්සෙන් තුරුල් කරගන එයාගෙ නිකට මගෙ උර හිස උඩින් තිබ්බා ආයම කම්මුල් වලට හාදුවක් තිබ්බා ...මං දන්නවා අග්නි ආයම ආවෙ මොකක් හරි කියන්න ආයම ආවෙ ආවෙ මොනවහරිම දෙයක් මගෙ ඔලුවට දාන්න වෙනකොට මං පරිප්පු එකට අවසානම කිරි ටික දාලා සම්පුර්ණයෙන්ම අග්නි දිහා බැලුවා ....

අග්නි.....

"උඹ හෙට ඉදන් දවසම නෑනේද ...."

මං නොයා බෑනෙ අග්නි....

"දන්නවා.....ප්‍රවේසමෙන්....තේරුනාද ...."

අග්නී...ඔය ටික කියන්නද ආවෙ...නැත්තන් ...තව මොනවා හරි හංගනවද ...

මං ඒ මූන දිහා බලාගන තව මොනවා හරි හංගනවද අහනකොට එයා නෑ කියලා කියන්න ඔලුව වනනකොට මං එයාට බැදපු බිත්තර තුන හතර එයාගෙ පැත්ත දික් කරලා පුංචි එකාට කවන්න ලැහැස්ති උනා .....

සුදු මහත්තයා ...කෝ....මේ අප්පුච්චියට පේන්න ආ....ආ ගාන්න ....ආ ගානකෝ..

ම්හුක්....අතිනෙ.....අප්පුච්චියෙ.....පුතා....ත..බයිය....න්න....බයි....ම්ම්ම්ම්හ්....

හරි බයියන්න පුලුවන් .....කෝ හොද පුතානෙ...

"අනේ ඒකට කරමතේ මැනිකෙ..."

බඩගින්නෙ නෙ ....කොහොමද නිදි කරවන්නෙ.....

"ඇයි බන් මේ ළමයි කන්න ගියහම අඩන්නෙ .....කෝ අප්පච්චි ගෙ සුදු පුතා...ආ....ගාන්න.....".

...

අ....පානෙ ...අග්ග්....ගියෙ ...අපානේ....

මං අගිලි තුඩු වලට ඇනුන බත් කට අඩව අඩව කට අස්සට දානකොට ළමයා නිදිමත වැඩි කමටම අග්නිගෙ උරහිස උඩ ඔලුව ගහගත්තා ....ලමයට ආයම නින්ද ගියා...කොල්ලට කවපු පිගාන අරන් කුසියට යනකොට අප්පච්චි අම්මට කවන්න බත් පත අරන් කාමරේට ගියා ....

"චුට්ටක් ලගට වරෙල්ලකො...."

ලමයට කන්න දීලා බොන්න දීලා අම්මගෙ වැඩත් කරලා ඇද මෙට්ටෙ උඩට වැටුන මම උන්නෙ බිත්තිය අයිනට වෙන්න නින්ද ගිහින් උන්න පුංචි එකා ගාව වෙනකොට මගෙ අග්නිට පාලු හිතිලද කොහෙද මාව ලගට ඇදලා ගත්තා ...

"අම්මගෙ කකුල කැඩිලද....බිඳිලද...ම්ම්ම්ම්"

අග්නී....

"මං අහන්නෙ කැඩිලද බිදිලද ...අම්මා අප්පච්චි කිව්ව දේ නෙවෙ....උඹට තේරෙන දේ කියපන්....."....

ඔතෑනි ගතියෙන් උන්න මං ඉක්මනට අග්නි පැත්තට හැරුනා ....මොකද එයා පොඩ්ඩක් ලගට වරෙල්ලකො කියන්න මාව ලගට අරන් තියෙන්නෙ හුරතල් කරන්නවත් ....හාදු තියන්නවත්....ආයම දාඩිය මුගුරු හලාගන උස් පහත් වෙන්නවත් නෙවෙ කියන්න දැනුන මං එයා දිහා බැලුවෙ ....

"ඔක්කොටම කලින් උඹ ඉන්නෙ දුකෙන් සතුටින්ද ඉන්නෙ කියපන් මගෙ ශිවන් ...."

එයා මගෙ මූන අත ගෑවා .....අත ගගා මං දුකෙන්ද සතුටින්ද ඉන්නෙ අහනවා ....මං ඉන්නෙ දුකින්.....ඒත් අග්නිට මං දුකෙන් ඉන්නෙ කිව්වොත්...

සතුටින් අග්නි...

"......"

මන් එයාට බොරුවක් කිව්වා....මං එයාගෙ ඇස් දිහා බලන් බොරුවක් කිව්වා .....ඒත් මං දන්නවා මගෙ අග්නි ඒ වචන පිලිගන්නෙ නෑ.....එයා මගෙ බෙල්ලෙ තිබුන රුද්‍රාක්ශ මාලෙ දිහා බලන් උන්නා ....

"උඹ ඉන්නෙ දුකෙන් .....වේදනාවෙන් ...ඒත් උඹගෙ සතුට උඹ දෙපැත්තෙම්ම තියාගන උඹ ඉන්නෙ වේදනාවෙන් ....උඹගෙ සතුට මේ ගෙයි අස්සෙ තියාගන උඹ ඉන්නෙ වේදනාවෙන්...."

.......

"උඹගෙ සතුට මම නෙවෙද මැනික....මේ කොල්ලා නෙවෙද.....අම්මා අප්පච්චි නෙවෙද ....එහෙම එකේ...සතුට උඹ ගාව තියාගනත් මූන අකුලන් ඉන්නකොට යකෙක් උනත් මට වේදනයි ශිවන් .....උඹ දන්නවා....කොයි තරම් අමනුස්ස ගති තිබුනත් මම උඹට වහ වැටිලා ....මම උඹට දිශ්ටි වැට්ලා....මිනිස්සු කියනවා අයිති කරගන්න එකම නෙවෙ ආදරේ කියලා ....ඒත්...මට සමාවෙයන් මැනිකෙ .....මට අයිති නොවුනොත් මම උඹව මරලා දානවා...මරාගන මැරෙනවා ....උඹගෙ දුක.සතුට ....කදුලු හිනාව...මේ හැම දේම මගෙ...උඹගෙයි කියන්න කිසිම දෙයක් නෑ.....මම උඹට උමතුවෙන් ආදරෙයි ...මම උඹට පිස්සුවෙන් ආදරෙයි ...කොටිම්ම මට දැන් උනත් උඹව මරන්න තරම් උමතුවෙන් ආදරෙයි ....ඒත් උඹගෙ අග්නිට හීනයක් තියනවා ශිවන් ....උඹගෙ අග්නිට හීනයක් තියනවා මැනිකෙ..."

මට මහ වේදනාවක් දැනුනා...මගෙ අග්නිට දුක දැනුනම මටත් අන්ත.වෙනකොට මම එයාව තුරුල් කරගත්තා ...එයා අහනවා එයා මගෙ ගාව ඉන්නකොටත් ඇයි මට සතුටින් ඉන්න බැරි කියලා ....එයා මගෙන් අහනවා දරුවා මගෙ ගාව ඉදලත් ඇයි මට සතුටින් ඉන්න බැරි කියලා ....එයා මට මැරීගන ආදරෙයි ....එයා මට ආදරෙයි මාව මරන්න තරම් ආදරෙයි කියන එක කදුලු පුරවන් කියනකොට මට වේදනාවක් දැනුනා.....එයාට හීනයක් තියනවා කියන කොට මට වේදනාවක් දැනුන....

මගෙ අග්නී.....

" ...."

උඹ මා ගාව ඉන්න හැම තැනකම මම සතුටින් අග්නි...උඹ මගෙ ගාව ඉන්න හැම තැනකම මම පිරිලා .....උඹව මතක් වෙන හැම තැනකදිම මගෙ හදවත පිරිලා....ඉතින්...මම සතුටින් නෙවෙ කියන්නෙ කව්ද අග්නි.....මම උඹට ආදරෙයි .....පුලුවන් නම් මගෙ පපුව පලලා බලපන් මගෙ අග්නි.....උඹට තියන ආදරේ හැම ලේ බිංදුවක් අස්සෙම තියේවි....

අග්නි...මම ප්‍රාර්තනා කරනවා...උඹගෙ හිතේ තියෙන්නෙ මොන හීනෙද...ඒක යතාර්තයක් වෙන්න කියලා ....

" මට ඕනෙ ඉෆ්‍රිත් කෙනෙක් නොවී පුරුකක් දෙන්න....."

මගෙ ඇස් වලට කදුලු පිරුනා.....ඉෆ්‍රිත් කෙනෙක් නොවී පුරුකක් දෙන්න....අග්නි භෛරව් කියන්නෙ වෛරයෙ මුද්‍රාවක්...මගෙ පපුව පෑරුනා .....ඉෆ්‍රිත් කෙනෙක් නොවී කියන්නෙ වෛරයේ මුද්‍රාව වෙනුවට ආදරේ මුද්‍රාවක් එයා ඉල්ලන්නෙ....

උඹගෙ හීනේ....යතාර්තයක් වෙන්න කියලා මම ජාති ජාතිත් ප්‍රාර්තනා කරනවා මගෙ අග්නි....

උඹ මේ තත්පරේ වෙනකනුත් හිතනවා නම්.....මම සතුටින් නෙවෙ ඉන්නෙ කියලා ...උඹ මාව මැරුවත් මම මැරෙන්නෙ සතුටින් ...

අග්නි....උඹ යක්ශයෙක්...මම නරයෙක්.....ජීවිතේ කොතනක හරි ..කවදකම හරි.....මගෙ හුස්ම නවතීවි.....මේ හැම දේම නැතිවෙලා ....යාවි....උඹ මම ඉතිරි වේවි....ඒත්...එතනිනුත්.....මම යන්න යාවි.....අග්නි....මං වෙනුවෙන් ප්‍රාර්තනා කරනවද...මගෙ හුස්ම යන මොහොතේ ...ආය ආයම මේ කොට මගුලව උඹගෙම වෙන්න කියලා ...කාටත් කලින් උඹටම හම්බෙන්න කියලා .....

"කියවන්න ගත්තම ඉවරයක් නෑ...යකෙක් උනත් මට රිදෙනව...කට පියවපන්...."

එයා මගෙ කට මිරිකුවා....කට මිරිකන් මගෙ නලලට හාදුවක් තිබ්බා....

" දැන් එහෙනම්...ප්‍රශ්න වලට උත්තර දීපන්....ආවට ගියාට මිනිස්සුන්ට බෙහෙත් බදින්න බෑ.....උඹගෙ පිටිපස්සෙන් මම ඉන්නවා...කිසිම වෙදෙක් සාස්තරේ හරියටම උගන්නනෙ නෑ....ඒත් මම උඹට උගන්නන්නම්..."

එයා මාව තුරුල් කර ගත්තා .....හැබැයි ඒ තත්පරෙම්ම මාව අහකට විසික්.කෙරුවා ....

"හුරතල් වෙන්ඩ මෙතන.....අහගනින් හොදට...."

හා ..ඉතින් විසික් කරන්නෙ....අනේ අග්නී...ඇගපත වේදනයි යක්සයෝ.....

" ඉතින්...ඒකට මම මොනවා කරන්නද....අල්ලගන උන්න හින්දනෙ මාත්....භ්භ්...භ්භ්....."

අනේ කට වහපන්කො අග්නි...ලැජ්ජ කරන්නෙ...

" කරනකොට නම් ඔහොම කිව්වෙ නෑ....."

මම අහක බලාගත්තා මේ අග්නියට වෙස් පෙරලෙනව ඉදලා ඉදලා කියවන්න ගත්තොත් වැලලෙන්න හිතෙන දෙයක්.....ඒත් තත්පර ගානයි....එයා මාව ආයම ඇදල ගත්තා ...හැබැයි මෙතනින් එහා කිසිම විහිලුවක් තිබුන් නෑ...ආදරනීය වැලදගැනීම් හාදු මේ මොකුත් නෑ...අග්නිගෙ චරිතේ ආයම මාරු උනා....

" මගෙ ශිවන්...පාරම්පරික වෙද කම හරියටම පිහිටවන්න ඕනා එකක්.....ඇටයක් කැඩුනම...බිදුනම මුක්කුවක් ගහන එක නෙවෙ වෙදකම....පත්තක් තියලා බදින එක නෙවෙ වෙද කම....උඹ වෙදකමක් කරන හැම වෙලේම මේක හිතපන්... තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගෙ වගේම අනන්තවූ බුදු බලෙන් සනීප වේවාය කියලා ප්‍රාර්තනා කරපන්....හතුරෙක්ද...මිතුරෙක්ටද නෑ...උඹ අනිවාර්යයෙන්ම ඉසිවරයෙක් වෙන්න ඕනා...."

මම අහන් උන්නා...මොකද මෙතනින් එහා තිබුනෙ ගුරු ගෝල සම්බන්දයක් වෙනකොට මම අහන් උන්නා...

"කැඩුම් බිදුමකදි කියන විදිහට උන්නොත් කියන කාරනා හරියට ඔලුවෙ තියාගන ප්‍රවෙසම් උනොත්....තුන්මාසයයි...සුවකරන්න පුලුවන් ...ඇල්වතුර අගුනයි....තෙල් මිරිස් විනාකිරි අන්නාසි අගුනයි... කැඩුමක් බිඳුමක් කියන්නෙ...දෙකක්...උඹලගෙ ඔය කටුවකට අනතුරක් උනෝතින්...එකටම උඹලා හොදටම බලන්න ඕන මේක කැඩුමක්ද බිදුමක්ද කියලා....

කැඩුමක් කියන්නෙ....උඹලගෙ ඔය ශරීර කූඩුවෙ තියන ඇටයක් දෙකට මැදින් කැඩෙන එක.... බිදුමක් කියන්නෙ...ඕන් ඕක වෙන් වෙන්නෙ නැතිව පුපුරලා යන එක....

ඔන්න එහෙනම් අහගනින් ඇට කැඩුමක් උනෝතින්....

උඹලා මුලිම්ම කරන්න ඕනෙ ඒකට මුල් ප්‍රතමාදාරෙ දෙන්න ඕනා...ලෙඩාව සංසුන් කරවන්න ඕනා...වෙනමොකටවත් නෙවෙ...ඒකගෙ ඇට කැඩෙන්නෙ අනතුරක් හන්දා නම්...ඒකග් ඔලුව අපි එකටම හදන්න ඕනා.....මතුපිටින් තුවාල තියනවා නම්....නොකිලිටි වතුරෙන් හෝදලා හොදට පිරිසිදු කරගන්න ඕනා.....ඒත් උඹ මේකත් කල්පනාවට ගන්ඩ ඕනා..ඒකා වැටිලා තියෙන්නෙ උඩකින් නම්.....ඒකට වතුර එහෙම පොවනවා නෙවෙ...එහෙම උනෝතින් ඉහට ගහාවි...(මොලේට හානි විය හැකියි) .....

මේවලට තව අකැප කෑම.වර්ග තියනවා...දවල් දොලහට කලියෙන් නාන්න ඕනා.....කිරි ....කිරි ආහර එහෙම වැඩියෙන් ගත්තට කාරි නෑ.....පලා වර්ග පුංචි මාලු එලවලු වර්ග...කැපයි....තලන බටු එහෙම ගුනයි...

මම අහන් උන්නා....එයා කියන හැම දේම...ගුන අගුන හැම දේම කැඩීමක් බිදිමක් විතරක් නෙවෙ ඉසිපිරිතාලෙ ගෙනියන හැටි....පත්තුව බදින හැටි...බෙහෙත් කොල මැල්ලුම හදන හැටි ...නැකත් බලලා තෙල් හිදින හැටි....මෙ ඔක්කොම හරි හිමින් අකුරක් නෑරම දවසකට මතක තියා ගන්න පුලුවන් තරමක් කියල දීපු අග්නි මගෙ දිහා බැලුවා....

" උඹලට දැන් තෙහෙට්ටුයි..."

අග්නි හරි....මට දැන් තෙහෙට්ටුයි.....නිදිමතයි ...ඉනෙන් පහල දැන් දැන් නෑ වගේ දැනෙනකොට මට ඇස් පියා ගන්න ඕනා උනා....මට ආයම හෙට ඉදන් නොමැරි මැරෙන්න වෙන්නෙ...එක දෙයක් නෙවෙ.....මගෙ උරහිස උඩ දැන් මට දරන්න බැරි තරම් වැඩ කදක් ගොඩ ගැහෙන ගමන් තිබ්බා....

අග්නී....මට...නින්ද...යන්න...එන්නෙ....

" නිදා ගනින් මගෙ මැනිකෙ....උඹලට මම කියපුවා හැමදේම සිහියෙ තියාගනනි.....උඹ පඩියෙන් පඩිය නගිනකොට .....උඹලහෙ අම්මා පඩියෙන් පඩිය බහීවි ....උඹ ටික ටික අල්ලගන්නකොට ....ඒ අතින් ටික ටික ගිලිහේවි...කොටිම්ම....වෙද කම...අමතක වෙලා යාවි......

උඹ උඩම පඩියට එනකොට .....වෙදහාමිනේ අවසානම පඩියෙ ඉදීවි...දැන් නිදාගනින්....."

🙂ජොබී නිදහාස්....

ආයම හෙට එන්නාම්.....

පියෝනියා එක්ක එනකන්පයිස්සමින් ඉන්ඩෝ...

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters