Ficool

Chapter 57 - 57

මගෙ ශිවන්..."

.මාව ගැස්සෙනවා...සීතල හුලන් වදිනවා.....ආයමත් එයාගෙ ලෙස් රැලි මූනට වැටෙනවා.....නින්දත් අඩ නින්දත් මැද මම එයාට තුරුල් වෙලා ඉන්නකොට එයා මට කතා කෙරුවා...බඩ ගින්නක් දැනුනා උනත් මට ආයමත් වමනෙ යයි කියන බයට මම මීක් නොගා උන්නා උනත් එයාට තුරුල් වෙලා උන්න මට කට ඉරෙනකන් ඈනුම් පිට ඈනුම් යනකොට එයා මාව තුරුල් කරන් උන්න අතෙන් මාව අත ගගා හිමින්.කතා කෙරුවා .....

" බඩගිනිද....."

ම්ම්ම්...

"ම්ම්....තව ගව්වක් ඉවසපන්...යක් දෙස්සියක් ඉන්නවා.....මේ මුකලානෙ..."

අනේ අග්නී.....

"ඇයි.....යක් දෙස්සියක් කිව්වම බය උනාද....ම්ම්ම්...මම ඉන්නවනෙ....."

එයා ආයම මිමිනුවා....තරහව කියන දේ ඉහවහ යන යකෙක්ට උමතුවෙන් ආදරෙ කරන මම හූනියම් අම්මන්ඩියෙට බය උනා.....තරු පායපු රැත්තිරියක කෝච්චි පාරක් ඇස් වලට පේනතෙක් මානයක් නැතිව ගස් කොලන් මීදුම තෙත හුලන් එක්ක මම එයාට තුරුල් වෙල උන්නෙ නොදරුවෙක් ගානට වෙනකොට අග්නි ආයම මාව ඉස්සරහා පැත්තට හරවන් අභාගෙ තෝන් ලනුව දුන්නා...

" ඉදා...පැදලා බලපන්..."

අග්නි ....

" ඇයි.....පුරුදු වෙයන්....."

ඒ එයාගෙ වචන එයා මට කියනවා පුරුදු වෙන්නලු...රත්ත්‍රන් පාට අශ්වයගෙ පාට මද අන්දකරෙ බාගටෙ බාගයක් උදුරන් තිබුනත් සැරින් සැරේ එලියට මතු වෙන හද එලිය අභාගෙ වගේම අග්නිගෙ පාට එලියට පෙන්නුවා....

" මගෙ මැනික...."

මගෙ සර්වාංගෙම හීතල වෙලා ගියා...ඒත් මෙච්චර වෙලා දනුන හීතල නම් නෙවෙ.....ආදරේ උතුරන කටහඩ මගෙ සර්වාංගෙම හිරි වට්ටනකොට එයාගෙ සීතල අත් දෙක මගෙ බද වටේ එතුනා වගේම අග්නිගෙ නිකට මගෙ උරහිස උඩ තියා ගත්තා ....

සුවදයි.....

මම.හොරාවට එයාගෙ සුවද ඉව කෙරුවා ...කිය කිය ඉව කරනවා වගේ නෙවෙ...ලෝභ කමත් එක්ක හොරාවට ඉව කරනකොට ඒ සුවද ඕනාවටත් වඩා සුවදයි වගේ දැනුනා...මට මහා ලෝභ කමක් දැනුනා....

එයා මගෙ විතරයි ....එයා මගෙම විතරයි ....අග්නි කියන්නෙ මට අයිති වස්තුවක් විතරයි කියන හැගීම මගෙ පපුව වහගන්නකොට හොරාවට හොරාවට මගෙ බෙල්ලට දැනෙන්න නොදැනෙන්න හාදු තියන්න හදන අග්නිට මම හාදුවක් තියන්න මගෙ බෙල්ල ඇල කෙරුවා .....

නෑ...ඇත්තටම ...මට ඉබේටම ඇල උනා....

හාදුවක්.....මුලු හිතම මෝහනෙ කරන .....නිදාගන ඉන්න රාග නහර ඇහැරවන හාදුවක් මට ඕනා උනත් අග්නි නෙවෙ හාදුව තිබ්බෙ.....එයා මගෙ බෙල්ල ගාවින් ආයම ඒ සීතල දෙතොල අයින් කර ගත්තා ....

ඇයි එ....

අග්නී....

" එක. හාදුවක් තිබ්බොත්....මට උඹට තව හාදුවක් තියන්න හිතේවි.....තව එකක් තිබ්බොත්...තවත් එකක් තියාවි....එක හාදුව හාදු වැස්සක් උනෝති උඹට කෙදිරි ගෑවේවි.....නිදාගන ඉන්න හැම හැගීමක්ම නැගිටිනකොට මගෙ ඇගිලි නොසන් සුන් වේවි.....එතනින් එහාට උඹගෙ ඇදිවත ගැල වේවි.....නලලට මතු වෙන දාඩිය පිහලා පන යාවි....එතනින් එහා වෙන දෙ මම අමුතුවන් කියන්න ඕන නෑනෙ මැනික.....අද දොලහෙන් පටන් ගන්න වර දවස හෙට මහ රෑ දොලහා වෙනකන් තියනවා...එ වෙනකන් මගෙ තපස බිදින් නැතිව ඉදින්...."

එයා මට දෙන්න හදපු හාදුව හිර කරගත්තට හේතු.කිව්වා....කඩවර ගොටුවක් දෙන්න නම් කහ නාලා කිලි ඇරලා ඉන්න ඕන වෙනකොට මම මගෙන් වෙන්න ගිය වැරද්ද ඉක්මනට හදාගත්තා .....

ටකස් ටකස්...ටකස් ටකස්...

අභාගෙ කුර කට්ට පොලවට වදින වාරයක් වාරයක් ගානෙ එන සද්දෙ ඇරුනම මෙලෝ දෙයක් නොතිබ්බ කොට එයා බඩ ගිම්මෙ උන්න මට ගව්වක් ඉවසන්න කියපු හන්දා මං ගව්වක දුර ඉවසුවා .....

"තව අඩි දහයයි දොලහයි මැනිකෙ..."

යන්න ආව ඈනුම මං දත් අස්සෙ හිර කර ගත්තා .....අග්නිගෙ වචනත් එක්ක මං යන්න ආව ඈනුම හිර කරගත්තා ....එයා කිව්වා වගේ අඩි දහයක් දොලහක් යනකොට මේ මහ මූකලානෙ කනා මැදිරි එලියක් තරම් ලන්තෑරුම් එලියක් පත්තු වෙනකොට එයා මගෙ අතෙ තිබුන අභාගෙ ලනු පට අරගන ඒ පැත්තට හැරෙව්වා ....

"බහින්න....."

මම බලන් උන්නා.....ගෙයක්ද.....නැත්තන් කූඩාරමක්ද කියලා හොයන්න බැරි ගෙදර උලු වෙනුවට තිබුනෙ ගෝනි පඩංගු හා සමාන හම් රෙදි වෙනකොට ගෙයි දොරකොඩට ලිප් ගල් තුනක් උඩ තිබුන කල්දේරමෙ මොනවා හරි ගොජ ගොජ ගාලා පැහෙන ගමන් තිබ්බා වගේම කල්දේරම අස්සෙ තිබුන දේ නොපෙනුනත් මහ මූකලානෙ එහා මෙහා යන හුලන් රැල්ල ඒ සුවද හතර අතටම අරන් යනකොට ඒ තැම්බෙන්නෙ වෙරලු කියලා මට දැනුනා ....

අග්නී...අර...

"වෙරළු...උඹට අකැපයි ...බඩ යාවි එලිවෙනකන්.....ඔව්වා යක්කු ප්‍රේතයන්ට ...මහ මූකලානෙ තනිපන්ගලමෙ ගෑනු පරානයක් ඉන්නකොට මූකලානට අරක් ගත්තු...ඉබාගාතෙ යන උන්ට ගතමනාවක් නොදුන්නොත් .....ඒකිටත් ඉහ ගහන්න වෙන්නෙ නැති වේවි....."

වෙරලු සුවදට ඉව කරන්න හදපු මට ලැබුන උත්තරේ එක්ක බය උන මට නිකනුත් බඩ යන්න වගේ එනකොට මම ඉක්මනට.අත් දෙක දෙපැත්තට දික් කෙරුවා එයාට.මාව වඩා ගන්න කියල කියන්න....

" කෝලම..."

එයා මාව වඩාගන බිමට බැස්සුවා .....ඒත් හාදුවක් නම් නෑ.....තුරුල් කර ගැනීමකුත් නෑ.....අදරනීය වචන වගේම ආදරනීය බැල්මක් විතරක්ම වෙනකොට එයා ආයම මගෙ මූනට පහත් උනා....

"මැරෙන්න තරම් ආදරෙයි..."

අනේ අග්නී.....

" ම්ම්ම්...."

එපා අග්නි....

" ඇයි.....අකැපයිද .....මට හැම වෙලේම.හුගාක් ආදරෙයි කියන්න තේර්‍ර්න්නෙ නෑ මගෙ ශිවන්....ඒක....ඒ වචන මට දැනෙන්නෙ නෑ....මරෙන්න තරම් ආදරෙයි.....ඒ වචන පපුවට බර නැද්ද...."

එයා කූඩාරම දිහා එක පරක් බලලා මගෙ කනට කොදුරනකොට අවංකවම මගෙ අග්නිගෙ ආදරේ බරයි කියන එක මට දැනුනා...මට ඒ ආදරේ බරයි ..මම එයා දිහා බලල ලාවට ඔලුව වැනුවා....මොකද මට ආයම දෙන්න උත්තරයක් තිබුන් නෑ....තුරුල් වෙන්න ඕනා උනත් එයාගෙ වචන ආයම මතක් වෙනකොට මම එහෙම්ම ඔලුව උස්සලා හද දිහා බැලුවා....

වටකුරුයි........හැමෝම හදට ආදරෙයි.....මිනිස්සු හදට ආදරෙයි කියනවා ආවාට ගැන නොහිතාම...අච්චර තරු තිබුනත් කවුරුත් කියන්නෙ නෑ මම තරුවකට ආදරෙයි...මට තරුවක් වෙන්න ඕනා....මට ඒ තරුව වෙන්න ඕනා කියලා සමහර විට තරුවට වඩා හද දිලිසෙන හන්දා වෙන්න ඇති.... . ....

අග්නී.....

"ම්ම්...."

උඹත් අර තරුව වගේ...

" කොයි.."

අර ඈතම ඈත තියන පුංචි තරුව වගේ...

" ඇයි ඒ....."

දන්නෙ නෑ....

" හේතුවක් නැද්ද නැතිනම්...උඹට ඒකට දෙන්න හේතුව කියා ගන්න තේරෙන්නෙ නැද්ද...."

හැමෝම ඉල්ලන්නෙ හදක්නෙ.....මට හදක් එපා.....මට ඕනෙ තරුවක්.....කාටවත් අයිතිවාසිකම් කියන්න බැරි...කාටවත් බැලු බැල්මට මට මෙයාව ඕනයි කියලා කියන්න බැරි....කොටිම්ම....කාගෙවත් ඇස්වලට පේන්න වත් ඉන්න බැරි තරුවක්...හරියටම අර වගේ.....වලාකුලු විතරයි ....තරුවක් තියනවද කියල වත් හොයන්න බෑ....

"ඒ තරම්ම ලෝභද මට...."....

ලෝබයි....මැරෙන්න තරම්.....

එතනින් එහා එයා වත් මම වත් කතා කෙරුවෙ නෑ....තත්පර ගානක් අපි දිහා අපි බලන් උන්නා.....ඒත් එයාට තව දුරටත් බලන් ඉන්න බැරි එයාගෙ සිල් බිදෙන හන්දද කොහෙද ඉක්මනට අහක බලාගන මාවත් අතින් අල්ලගන අර යක්දෙස්සියි කියපු කෙනාගෙ කූඩාරම් ගෙදරට ඇතුල් උනා...

"ධීරා...."

මම අග්නි දිහා බැලුවා...එයා එතන උන්න ගෑනු කෙනාට කතා කෙරුවෙ හරියටම අදක ඊයෙක නෙවෙ.....මුලු ජීවිත කාලෙම ඉදන් දැනන් උන්න කෙනෙක් විදිහට වෙනකොට මුලු කූඩාරමටම තිබුන පරන වෙලා ගිය රවුම් මෙසයක් ගාව ඉදන් උන්න වයස ගනින්න බැහැයි කියන තරමට ළාබාල ගෑනු පරානෙ අග්නි දිහා බැලුවා.....බලලා ලාවට ඔලුව වැනුවා...

" ධීරා...උඹ හොදින්ද....."

අග්නි.....කෝ බලන්න...මට උඹ දිහා බලන්න ඕනා....මගෙ අග්නි......ම්ම්ම්....උඹ කඩවසම් වෙලා.....

මගෙ අග්නි.....??

මගෙ ඇහිබැම එකට රැලි උනා...මැරෙන්න තරම් ආදරෙයි කියන අග්නිට තත්පර ගානකට මාව අමතක වෙලා යනකොට අර ගෑනු පරානෙ මගෙ අග්නිට මගෙ අග්නි කියනකොට මම බලාගන උන්නා....ඒ දෙන්නා කතා කෙරුවා...මට තේරුනෙ වචනයයි දෙකයි....එතනින් එහා මොකුත්ම නොතේරෙනකොට අග්නි අර ගෑනි එක්ක හිනා වෙවී කතා කරනකොට අවංකවම මට බලන් ඉන්න බැරි උනා....මැරෙන්න තරම් ආදරෙයි කිව්වා තරම් උනත් මාව පුපුරන්න ආවා.....මාව ඊරිසියාවෙ පැලෙන්න ආවා...මෙච්චර වෙලාම.මගෙ බඩගින්න ගැන කරදර උන අග්නිට ඊට පස්සෙ මගෙ බඩගින්න අමතක උනා.....

සිල් බිදෙයි කියලා මාව තුරුල් කරන් හාදුවක් නොදුන්න අග්නිට ඒකිගෙ අතින් අල්ලන් හාදුවක් තියන්න.....ඒකිව බදාගන්න පුලුවන් වෙනකොට ඇස් දෙක හීනින් කරන් බලන් උන්න මම බලාගන ඉන්න බැරි තැනම මම කූඩාරමෙන් එලියට ආවා...

ඒකත් අභා ගාවට....මොකද මට බය හිතුනා.....යක්කු පෙරේතයො ඉබාගාතෙ යන මූකලානෙ එහා මෙහා යන්න.....ඒ දෙන්නගෙ අකුරක් නොතේරෙන කතාව කූඩාරමෙන් එලියටත් ඇහෙනකොට මම යටි තොල හපාගන අහන් උන්නා.....

මොනවා උනත් මම කව්ද කියලා උඹට කියන්න තිබ්බා.... ඒ ගැනි කව්ද කියලා මට කියන්න තිබ්බා....එ මොකුත් නෑ...ධීරා ගාගන ලගට දිව්වා...යැයි යැයි ගානවා...

මහ ඇඹලයෙක්නෙ බලන් ගියහම.....සිල් බිදගන්න බෑ මගෙ මැනික කියපු කටිම්ම තමා ඒකිට යැයි යැයි ගගා ගිහින් තුරුල් කරගත්තෙ....පරන කෑල්ලද දන්නෙ නැ....

කව්ද දන්නෙ...මාත් නැති එකේ මූට ගෑනු ඉන්න ඇති විමානයක්...අනේ අප්පගෙම පුතානෙ....

පදුරු අස්සෙ හැංගිල උන්න වන්ඩිල්ලන්ගෙ කන් බීරි කරන සද්ද එක්ක ඉදහිටක ගහල අත්තකින මැරිලා වැටෙන කොලයක්...කෝටු කෑල්ලක් වැටෙන සද්දෙ ඇරුනම වෙන මොකුත් නෑහෙනකොට අග්නියගෙයි අර ගෑනිගෙයි කච බචෙ මම හරි ඉවසීමෙන් අහන් උන්නා.....

මම හිතන්නෙ මට ඊරිසියා හිතුනා...යක් දෙස්සියක් බව දන්නවා උනත් මට ඒකිව මරාගන මැරෙන්න හිතුනා....

තත්පර ගානකට මම පරිනත කමින් එහා මහ ලද බොලද කොල්ලෙක් වගේ හිතන්න ගත්තා .....

වෙන මොකටවත් නෙවෙ අග්නි ඒ ගෑනිගෙ නලලට හාදුවක් තිබ්බා....අවංකවම කිව්වොත් මම අග්නිගෙ හාදුවලට පෙරේතයි.....සෘංගාරෙ උතුරන තැන්වලදි අග්නිට මගෙ දෙතොලම මදි වෙන්න හාදු තිබ්බා උනත් ඒ ඔක්කොටම වඩා අර නලලට තියන හාදුව හැගීම් ගොඩාක් පිරුන හාදුවක් වෙනකොට ලද බොලද ප්‍රේම වන්තයෙක් ගානට වැටුන මම හේතු හොයන් නැතිවම තරහා අරගන එයාට බැන්නා.....

ඇඩුවෙ නෑ.....අඩන්න කදුලු ආවෙත් නෑ...එයා වැරද්දක් කරන්නෙ නෑ කියන්න ඉර හදටත් වඩා විශ්වාස උනත් මට මෙවෙලෙ මහ ආත්මාර්තකාමී ලෝභ කමක් දැනෙනකොට මමත් යක්ශ පැටියෙක් වගේ තනිය බැන බැන උන්නා...

"මැනික....."

......

විනාඩි ගානක් මම තනියෙන් ඉන්න ඇති....ලිප උඩ පැහෙන වෙරලු වල මලකඩ වගෙ කුයිලෙ හතර අත යනකොට තට්ට තනියම ඉන්න බයෙ උනත් මම මුරන්ඩු කම් කර කර එලියෙ ඉන්නකොට එයා ආවා ඇවිදින් මගෙ බද වටේ අත් දෙක දලා තුරුල් කර ගන්නකොට මම ඒ අත් දෙක ගසලා දැම්මා

"ඇයි මේ...."

එයා මගෙන් අහනවා ඇයි මේ කියලා ...කතාවක් තියනවනෙ සමහරු කොච්චර ගුටි කෑවත් ලැජ්ජ නෑ කියලා ...මාත් ඒ වගෙ අග්නිගෙ ආදරෙ මට බව දැන දැන උනත් ඊරිසියාව දරාගන්න බැරිව මම අග්නිව මගෙන් ඈතට තල්ලු කෙරුවා ...

මගෙ වෙන්නම ඕන නෑ ....ඉන්න තැනක සතුටින් ඉදින් අග්නි.....

" උඹ කොයි විදිහටද මැරුම් කන්න ආස ම්ම්ම්ම්ම්..."

ඇයි.....දැන් අර බදාගන උන්නෙ....ඒවා....ඒවා දැක දැක මම එතන ඉන්නද...උඹට ඕනෙ මරලා දාන්න නම්...මරලා දාපන් ....එච්චරයි නෙ දන්නෙ...

මම කියෙව්වා ....අග්නි ඉනට අත් දෙකම තියාගන ඇස් හීනි කරන් මා දිහා බලන් ඉදලා මගෙ මැනික් කටුවෙන් අල්ල් ගත්තා ...

"වරෙන් යන්න මගෙ කොට මගුල....ආදරේ බව දැන දැන මෙතනට වෙලා මතුරන්නෙ ඇයි ම්ම්ම්....."

එයා මාව ඇදගන යනවා...බොරු කියන්න ඕනා නෑ....මම බලන් උන්නා එයා මාව හොයන්න එනකන්...මම බලන් උන්නා....එයා මාව තුරුල් කරගන්නකන්.....බෑ බෑ කිව්වත් මම ආස උනා එයා මට තර්ජනේ කර කර ආදරෙයි කියන හැටි අහන්න....

එයා මාව කෙලිම්ම කූඩාරම ඇතුලට එක්ක එනකොට අර කෙල්ල... ගෑනු පරානෙ මොනවද මන්දා අලවගයක් පුච්චලා මේසෙ උඩින් තියලා මා දිහා බලනකොට මම ඉක්මනට මගෙ අග්නිගෙ අතින් අල්ල ගත්තා හරියටම මේ ඉන්නෙ මගෙ අග්නි කියල කියන්න වෙනකොට ඒ ගැනි ලාවට හිනා උනා මට තරහා ගියා . ...

" ධීරා...මං හිතන්නෙ මගෙ අඹු සිගිත්තට තව නම් බලන් ඉන්න බැරි තරම් ඊරිසියා හිතිලා වගේ ...පුලුවන් නම්....උඹගෙ ඇත්ත රූපෙට ආව නම්....".

ඒ අග්නි ....මම ඊරිසියාවෙන් පැහැවනවා බලන් ඉන්න බැරි කමටද කොහෙද අග්නි අර මනුස්සයට ඇත්ත ස්වරූපෙට එන්න කිව්ව විතරයි මම මහ මූකලානම දෙබෑ වෙන්න හූ තිබ්බා.....

අනේ .....අනෙ ..අග්...නීහ්.....

" බය නොවී ඉදිල්ලා...උඹට කරදරයක් නෑ..."

මාව වෙව්ලුවා...මෙච්චර වෙලාම ලස්සන රූපයක් තිබුන ධීරා එක පාරම බලන්න බය හිතෙන යක්ශ පරානයක් වෙනකොට මට බලන්න බය හිතුනා මම අග්නිගෙ පිටිපස්සෙ හැංගුනා .....

අනේ....අග්නී....ඒකව්ද....ඒ කව්ද.....අනේ...අග්නී එ කව්ද කියන්නකො....අග්නී...

මම ඇසුත් වහන් පිටි පස්සෙ ඉදන් නහින්න හදනකොට එයා මට ඇස් අරින්න කිව්වා....එයා මට ඇස් ඇරලා ආයම බලන්න කිව්වා.....කරන්න දෙයක් නැති කම මාව අසරන කරනකොට යක්කු දෙන්නෙක්ට මැදි උන මම බයේ ගැහි ගැහි ඇස් අරිනකොට ධීරා මා දිහ බලන් උන්නා....

" මගෙ ශිවන්...මේ ඉන්නෙ....උඹගෙ අග්නිවයි...කාලිවයි එලියට ගත්තු වින්නඹු අම්මා..."

අග් ...නී.....මෙ....

ඉතින්....උඹට හිතා ගන්න පුලුවන්නෙ....මම ඇයි මේ ගෑනු පරානෙ වැලද ගත්තෙ කියලා...

මම හොරාවට ධීරා දිහා බැලුවා...ඒ රතු ඇස් දෙක බලන් ඉන්න බය හිතෙන අමනුස්ස මූන දිහා බලන් ඉන්නකොට කූඩාරමට ඉහලින් කෑගහගන ගියපු කෑරලා හන්දා මගෙ පන යන්න ආවා...හැබැයි තත්පර දෙක තුනෙන් එයා ආයම අර තරුන හම පොරව ගත්තා ...මොකද නැත්තන් මගෙ පන යනවා කියලා ධීරටම තේරුනා.....

" උඹල දැන් ඔය ගොටුව දෙන්න දන්නවද....?"

අග්නිට වැඩ....මාව ධීරා ගාවතනිකරපු අග්නියා එලියෙ තිබුන වෙරලු කල්දේරමේ සුවදට වහ වැටිලා එලියට යනකොට ධීරා පුච්චපු මන්ඥ්ඥොක්කා අලේට කහ ගැහුනු ලුනු කැට දෙක තුනක් කුඩු කරලා ඉහාගන කන ගමන් උන්න මගෙන් ධීරා ප්‍රශ්නයක් අහනකොට මම බයෙන් වගේ දෙපැත්තටම නැති උත්තරයක් දුන්නා....

" උඹ බයෙන් ඉන්නෙ.....බය වෙන්ඩ කාරියක් නෑ....මම උඹලගෙ බෙල්ල කඩන් නෑ...එහෙම කෙරුවොත් මට ඉන්ඩ වෙන්නෙත් නෑ...ඇරත්.....මම එහෙම කරලත් නෑ....උඹලා හිතන්නෙ හැම අමනුස්ස පරානෙම රීරි, මාංසෙට කෑදරයි කියලද..."

න්න්..නෑ....

." එහෙනම්...උඹ වෙව්ලන්නෙ මොකද.....මමයි ඒකලාහෙ වගතුග බැලුවෙ...මමයි ඒකලාව ඉස් ඉස්සරෝම අතට ගත්තෙ...ඒකලගෙ අම්මලාගෙ හුස්ම තිබ්බෙ එවුන් වදල මාසයයි...ඒ වෙනකොටත් එවුන් දෙන්නවම දෙයියන්ට බාර දීලා ඉවරයි.....උඹලා බය වෙන්ඩ කාරි නෑ.....ඒකලාට වින්නඹු කම් කෙරුවෙ මම උනාට.....මාත් එවුන්ට අම්මෙක් උනා...."

මම පිච්චුන මඥ්ඥොක්කෙ දත් වලින් ලෑටි ගගා අහන් උන්නා.....එයා කියවනවා....කාලා බොන්ඩයි කියලා මට පොල්කටුවකට වතුරත් දුන්නා...

මම සැරින් සැරේම අග්නිව හෙව්වා....

" ඒකව වෙරලු කල්දේරමෙන් ගන්නවා බොරු...ඔය උන්න දෙන්.....මගෙ හිච්චා....වයසට ගිහිනුත් වෙනස් වෙලා නෑ ඒකා...මං උඹලට කියල දෙන්නම්....පූජාව තියන විදිහ ගැන....මේ කියන කරුනු කාරනා බොහෝම හොදින් අහගන ඉදිල්ලා රත්තරනේ ....අකුරක් වැරදුනත් ඇති.....උඹට වන්දි ගෙවන්ඩ වේවි...."

ධීරගෙ තරුන මූනෙ ආයම අම්මෙක්ගෙ හැගීම් මතු වෙන්න ගත්තා.....එයා කඩවර පූජාව තියන හැටි කියන්න පටන් ගන්නකොට වස් වද්දගන්න බය මම කන බොන මගුල් පැත්තකදාලා අහන් උන්නා.....

"ඒමොන දේ කියන්නත් කලියෙන් දෙයක් කියන්නම් රත්තරනේ ...ඒකා උඹ හන්දා නැහුනෙ අදක ඊයෙක නෙවෙ.....ඒකා උඹ එනකන් බලන් උන්නෙ අදක ඊයෙක නෙවෙ.....ඒකා මැරි මැරි බලන් උන්නෙ අදක ඊයෙක නෙවෙ....යක්කුන්ට උනත් පපුකැහුතු තියනවා.....ඒක උඹ දන්නවා...ඒක උඹට දැනෙනවා...මේක තමයි අවසානම වතාව....උඹලා සිහියෙන් මේක කරන්ඩ ඕනා....ඌ මේ දවස එනකන් බලන් උන්නා...ඌ මේ දවස එනකන් ඉවසන් උන්නා...රන්ඩු සරුවල් කොහෙත් වෙනවා.....මොකද උඹලා දෙන්නම දෙවිවරු නෙවෙ....ඒත්....කොයිම මොහොතකවත්...අග්නි කියන උඹගෙ වස්තුවව සැක කරන්ඩ එපා.....ඒකා උඹට පන ඇරලා ආදරෙයි .....උඹ ඇදිනුවෙ නැති උනාට.....උඹ මාව දැක්කෙ නැති උනාට....මම උඹලව දන්නවා....මම් උඹලව දැකලා තියනවා...උඹලා මේ ගන්න සාත්තරෙ යහපතට විතරක්ම යොදවපන්....ඒ හැම පිනක්ම ඔය අයියා මලෝට දීපන්.....උඹලා නොදන්න තවත් දේව්ල් හුගක් තියනවා...

මම හුස්ම හිරකරන් අහන් උන්නා...ධීරා කියවනවා....එයා මාව දැනන් ඉදල තියෙන්නෙ අධීර විදිහට ඉපදුන කාලෙ ඉදන් වෙනකොට මම කරන හැම පිනක්ම අයියා මලෝට දීපන් කියනකොට මම ඔලුව වැනුවා....එතනින් පස්සෙ එයා මට කඩවර පූජාව තියන හැටි කියා දුන්නා.....

"ඔන්න අහගනින් හෑල්ල....

කඩවර දෙයියන් කතරගම දෙයියන්ගෙ අඩුක්කුවෙන් දෙයක් ලබාගන්ඩ වරම් ඇති කතර ගන දෙවියන්ගෙ සෙනවොරක් පදවියක වැජඹෙන සෙනවිරක් කඩවර ප්‍රමුඛ මල් කඩවර නැත්තන් කඩවර කියල හත් කට්ටුවකින් සමන්විතයි..මේ කඩවර දෙවියන් එක එක ලෙඩ රෝග වලදි කඩවර දෙයියො විදිහටත් තවත් ලෙඩ රෝග වලදි කඩවර යක්ශයා විදිහටත් කඩවර දෙවියො එක්ක කටයුතු කරනවා.....

ඒ හන්දා තමයි මයෙ රත්තරනේ කඩවර පූජාව කඩවර ගොටුව කියලත් උඹලගෙ නර වරිගෙ නම් පට බදින්න පුරුදු වෙලා තියෙන්නෙ ....ඒ හන්දා අග්නිගෙ වස්තුව මේන් මේවා හොදට අහගනින්...

කඩවර ගොටුවක් සූජානම් කරනකොට දෙවියන්ට වගේම යක්ෂ සේනාධිපති වෙනුවෙනුත් කලමනා හදන්ඩ ඕනෙ.....

මේ කලමනාවලට පලතුරු ජාති හතක් රතු මල් රතු සේලයක් රතු මල් මාලාවක් පොල් ගෙඩියක් තැඹිලි ගෙඩියක් කැවිලි ජාති හතක් මුරුක්කු උලුඳු වඩේ දිය මස් ගොඩ මස් ගන්ඩ ඕනා.....හැබැයි රත්තරනේ දිය මස් කිව්වම මෝර මාලු මඩු මාලු දියබරි මාලු අකැපයි....ගොඩ මස් කියන කොට ඌරු මස් හරක් මස් අකැපයි...

මේ එක්කම බදින බිත්තර,ඇට ඇට පුළුටු ඒ කියන්නෙ මුං ඇට වී තල මෑ උළුදු පස් වර්ගෙක ඇට ගන්න පුලුවන් ...."

මං අහන් උන්නා.....ඇහිපිල්ලමක් වත් නොගහා අහන් උන්නා....

"හැබැයි රත්තරනේ මේ ගොට්ට සාමාන්‍ය පූජාවකට වඩා වෙනස්....මේකට රීරි ගොටුවක්....ඒකියන්නෙ ලේ ගොටුවක් ,මත්පැන් ස්වල්පයක් ,කළු සුරුට්ටුවක් ...අබින් වගේ දේවල් චුට්ට චුට්ට ගන්න පුලුවන් ....එතකොට රීරී එහෙමත් නැත්තන් ලේ වලට අමුකහ ,බුලත්විටට ගන්න හුණු එක්ක එකතු කරලා කොටා ගත්තම රතුපාට තලපයක් හැදෙනවා...අන්න ඒකත් පිරිසිදු බුලත් කොලයක තියා ගන්න ඕනා.....

උඹට තේරුනාද රත්තරනේ ...මේකට අමතරව හත් මාළුවක් එකතු කරගන්නවා..මේකට අළු කෙසෙල් අළු පුහුල් බණ්ඩක්කා අකැපයි....මේකට අල වර්ග දෙකක් බෝංචි වම්බටු මුරුංගා මෑකරල් කරවිල වගේ දේවල් ගන්න පුලුවන් ..මේ හැම දේම

හොදින් හෝදලා කොටලා නැවුම් ඇතිලියක තියලා හදා ගන්න ඕනා.....ඊට පස්සෙ සාමාන්‍ය ව්‍යංජනයක් හදාගනවා වගේ ලුණු ඇඹුල් නොබලා පිරිමි පරානයක් මේක හදාගන මේකත් වෙනම නෙළුම් කොළයක තියලා ගොටුව ඇතුලෙ තියාගන්න ඕනේ ...මේ එක්කම පුංචි විලක්කුවක් ද සාදා ඒක පොල්තෙල් වලින් පොගවා සූජානම් කරගන කපුරු හදුන්කූරුත් වෙන වෙනම හදාගන්න ඕනෙ....

මං අහන් උන්නා ධීරා ...එතනින් එහා පැය ගානක් යනකන් ධීරා මට කඩවර ගොටුව තියන විදිහ අකුරෙන් අකුර කියනකොට මගෙ ඇස් නිදිමතෙන් බර වෙන්න ගත්තා ....ඇගට දැනෙන තෙහෙට්ටුව එක්ක මට නිදිමත ඉහවහ ගියා.....

"ශිවන්....උඹලා නිදාවැටෙනවා...අවසානම හරිය අහගනිල්ලා....නැත්තන් උඹලා ආයම වැරද්දුවොත් හැම දේම නැති වේවි...."

මගෙ ඇස් වැහෙන්න ආවා පලතුරු වට්ටිය බුලත් මේ ඔක්කෝම කහ වතුරෙන් හෝදලා බුලත් වට්ටියෙ අඩියට අතුරන්න කියනකොට මගෙ ඇස් වැහිලා ගියා.ඒත් ධීරා ආයම මාව ඇහැරෙව්වා ...ඇහරවලා ආයම කියවන්න ගත්තා .....

"අර වට්ටියෙ මැදට පොල් ගෙඩියක් වගේම තැඹිලිගෙඩිය තියලා අනිත් දේවල් ඒ වටේට පිලිවලකට තියාගන කොනක හදාගත්තු පුංචි විලක්කුවයි හදුන් කූරුයි අව්ලගන්න ඕනා.....තැඹිලි ගෙඩිය උඩ කපුරු පෙති දෙකක් විතර තියලා ඒක රතු සේලෙකින් වහලා ඒ ගොටුව බාර දියන්.....එතනින් එහාට හැම දේම උඹේ අතේ ...වරදවන්නෙ නැතුව කන්නලව්ව කියපන්...."

පස්වාන් දහසකට තද වරම් බල වරම් ඇති සෙනවිරත්න මුල් කඩවර දේවතාවුන් වහන්ස.....

අද කෙම්මුර...

වෙලාව රෑ නවයයි පහයි.....කලින් දවසෙ රැයෙන් බාගයක් ධීරා කඩවර ගොටුව තියන හැටි අකුරක් නෑර කියලා දුන්නට පස්සෙ මගෙ අග්නි මාව ඉර නගින වෙලාවෙ කලාවැවට එක්ක ආවා....කහවතුරෙන් නාපු මම මගෙ අතින් කඩවර ගොටුවට ඕන කරන හැම කලමනාවම මං ස්‍රද්දාවෙන් හැදුවා ...මන් ඒ හැමදේම කරනකන් මගෙ අග්නි බලන් උන්නා...පායගන ආව ඉර මුදුන් වෙලා මල ඉර බැහැලා යනකනුත් මන් කඩවර පූජාව තියන්ඩ හදවතිම්ම පේ වෙලා උන්නා.....

අවසානෙදි ඒ වෙලාව උදා උනා...කඩවර දෙවියො නරලෝකෙ දිහා බලන්නෙ රෑ දහයයි දහය උනත් පොදුවෙ ගන්න වෙලාවක් හැටියට රෑ නවයයි පහ වෙලාව සම්මත වෙනකොට 

කලාවැවට අදිපති කඩවර අප්පච්චි ට කඩවර ගොටුවක් තියලා මට වරම් ගන්න අවසර ඉල්ලපු මන් කඩවර කන්නලව්ව කියන ගමන් මගෙ අග්නිගෙ වගේම කාලිගෙ ප්‍රාර්තනාව ඉශ්ඨ වෙන්නයි කියලා මං කන්නලව් කරන්න ගත්තා .....

ගන්න වරම නරකට කරන්නෙ නෑ යහපත ඇර අයහපතට සාත්තරේ යොදවන්නෙ නෑය කියලා මං කඩවර අප්පච්චි ගෙන් අවසර ඉල්ලුවා .....

එකම අකුරක් වරද්දන් නැතුව මන් කන්නලව්ව කරලා අවසානෙදි අත් දෙක වැදගන සෑහෙන්න වෙලාවක් ඇස් පියාගන උන්නා....මන් ආයම ප්‍රාර්තනා කෙරුවා ....ආය ආයම ප්‍රාර්තනා කෙරුවා ...අග්නිගෙ වගේම භෛරව් ගෙ බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්තනා කෙරුවා ...

"මැනික....."

සෑහෙන්න වෙලා ඇස් පියාගන උන්න මම එයාගෙ කටහඩත් එක්ක මම ඇස් ඇරියා ...එයා බලන් උන්නා...එයාගෙ ආදරනීයම ඇස් වලින් මා දිහා බලන් උන්නා ...

අග්නි....

මන් එයාගෙ පැත්තට හැරුනා....කෙම්මුරේ ඉවර වෙන්න තව හෝරා දෙකක් විතරයි ඉතුරු මන් දන්නවා මෙතනින් එහාට තියෙන්නෙ මගෙ අග්නිට වෙන් වෙච්ච හෝරා ගාන වෙනකොට එයා අත දික් කෙරුවා .....

"මගෙ කොටමගුල...."

අග්නී.....

"ම්ම්.....බයද...."

මන් උන්නෙ අග්නිගෙ අත් දෙක උඩ ....එයා මාව අරන් යන්න යන්නෙ කොහෙද කියන්න දන්නෙ නෑ.....ඒත් ඒ ආදරනීය බැල්ම මාව කොහේ අරන් ගියත් කමක් නෑ කියන තරමට මාව උමතු උනා .....

මෙච්චර වෙලා තහනම් වෙච්ච අග්නිගෙ උනුසුම අග්නිගෙ සීතල කපාගන මගෙ සර්වාංගෙම වහගන්නකොට එයා මාවත් අරන් ආයම අභාගෙ පිට උඩ නැග්ගා ...

අග්නී.....අපි මේ කොහෙද යන්නෙ අග්නි....

"උඹගෙ අග්නිගෙ ගෙදරට ...."

ආදරනීයම හාදුවක් .....අභාට අපිව අරගන යන්න ඉඩ දීපු අග්නි මාව එයාගෙ උකුල උඩ තියාගන මගෙ නලලට ආදරනීයම හාදුවක් තිබ්බා ...

තත්පර ගානක්...

තත්පර ගානක් මගෙ නලල උඩ මගෙ අග්නිගෙ සීතල දෙතොල නැවතිල තියනකොට මං මගෙ අත් දෙක අග්නිගෙ සර්වාංගෙම වටෙ එතුනා....ටකස් ටකස් ගාන අභාගෙ කුර සද්දෙත් එක්ක මගෙන් පිට උන කෙදිරිය වැහිලා යනකොට මං ඉන්නෙ ඇත්ත ලෝකෙද නැතිනම්....මවාගත්තු ලෝකයක් ඇතුලෙද කියලා මටම හිතාගන්න බැරි වෙනකොට ඊලග තත්පරේදි අග්නි මං අග්නිගෙ අත් උඩ ඉදන් ඉෆ්‍රිත් දෙවොලෙ ද්වාරෙ ගාව හිටන් උන්නා ....

අග්නි .....මෙච්චර ...ඉක්මනට ....මෙච්චර ඉක්මනට ...අපි ආවද අග්නි.....

"ඇයි...මගෙ මැනික කැමති නැද්ද..."

ඇරුන දාවාරයක් ක්‍රි.....ස් ගාලා වැහිලා යනකොට එදා වගේම අදත් පහන් අව්ලපු පරන පාට උනත් නමක් දෙන්න නොතේරෙන සුවද එහා මෙහා යන කොරිඩෝවකින් මාව හරහට උස්සන් ආව අග්නි එයාගෙ කාමරේට ඇවිත් දොර වහලා දැම්මා...

🙂ජොබී හෙට එන්නම්...

අද කොටස නම් චුට්ටක් ...නෑ ගොඩක් බෝරින් ඒක මමම දන්නවා 😂

ඒකට එකම හේතුව මේක මනඃකල්පිත කතාවක් උනත් මට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන ලියනකොට ඇත්ත දෙවිවරු දාලා බොරු ලියන්න බෑ....මම මේ හැම දේම හොයාගන ලියන දේවල්...සමහරක් මම ආපහු සරල කරලා ලියනවා මොකද සමහරක් පොඩි නංගිලා ඉන්නවා එයාලා මේ දේවල් දන්නෙ නෑ...මං ආසයි මං දන්න දෙයක් තියනවා නන් ඒ ගැන කියලා දෙන්න..ලස්සන පොතක් කියව්ලා තිබ්බොත් ඒක මගෙ කතාවක් අස්සට දාන්න...

යන්ත්‍ර මන්ත්‍ර හූනියම් පිල්ලි ගැන කියනවා නම් ....ඒ සාස්තරේ හරියටම ඉගනගත්තු මිනිස්සු ඉන්නවා ...මැනික් හින්නෙ බලවත් රොඩී ගුරුකම් කරන මිනිස්සු අදටත් ඉන්නවා ...දකුනෙ මිනිස්සු අදටත් ගුරුකම් සාස්තරෙ හොදටම කරන අය ඉන්නවා .....ඉතින්....ඇත්ත බොරුව සමගර ඉතින් ඇත්ත දේවල් තියෙනකොට මට බොරු ලියන්න බැරි නිසා මේ වගෙ චැපි ලියනකොට බෝරින් වෙනවා ....ඒකට ජොබීත සමාවෙන්න ....ඒ වගේම මං දේවකන්නලව් ලියන එක පවා නතර කෙරුවා මොකද හරියටම ලියවුන් නැත්තන් වස්වදිනවා වගේම මන්තර කියවන්න නැකත් වෙලා තියනවා ...අවේලාවෙ කියවෙලා වස් වදී කිය්ලා මං ඒකත් නැවැත්තුවා මොකද මං මේක ලියන්න හුගක් මහන්සි වෙනවා .....ඒකයි ...ඉතින් මේවගෙ චැපියක් බෝරින් වෙන්න හේතුව මං ටිකක් විස්තර කරන හන්දයි.....

ඉතින්...එහෙනන්.....

හෙට යෙ යෙ එක්ක එනකන්

..හැම කායයියෙක්ම පයිස්සමින් ඉන්ඩ්...

මේ ළමයා බුජි.....

ඔයලමයිනුත් බුජියන්න .....

මම....

ජොබී...

මු.කා.හ කැ.පි.....

Ferdeesha ❤️💚😘 ...

More Chapters