Ficool

Chapter 50 - 50

අග්.....නී....හ්හ්.....අ....ග්..

මම එයාගෙ උරහිස් වල එල්ලුනා....මම හිතුවෙම එයා මගෙ බෙල්ල අනිත් පැත්තට හැරෙව්වා කියලා ...නෑ....ඒත් නෑ.....එයා කෙරුවෙ මගෙ බෙල්ලෙ හිරි කඩපු එක...උඹව මරන්නද මැනික කියලා කියපු එයා මගෙ බෙල්ල අනිත් පැත්ත හරවනකොට කට කටස් ගාලා බෙල්ලෙන් සද්දයක් ඇහෙනකොට මම එයාගෙ උරහිස් වල එල්ලීගන අග්නීහ් ගානකොට එයා ගානක් නැතිව මගෙ බෙල්ල අනිත් අතටත් හැරෙව්වා ....ඒ එක්කම එයා මාව ඇතෑරියා .....

අනේ....අනේ...අග්....නී...හ්....

"මොකද....ම්ම්ම්..."

අග් නි ....මගෙ බෙල්ල....

" බය උනාද.....ම්ම්ම්....උඹ බය උනාද මගෙ ශිවන්...උඹ මට බයයිද....."

මගෙ ඔලුව අත ඇරෑපු එයා ඊලග පාර එයාගෙ දිග නියපොත්තකින් මගෙ නලල දිගේ පහලට ඇදන් ආවා....බය උනාද....ම්ම්ම්..උඹ බය උනාද මගෙ ශිවන් කිය කිය එයා අර නියපොත්ත මගෙ නාස් පොල්ල දිගේ පහලට ඇදගන එනකොට සත්තයි මම බය උනා මාව සූරයි කියලා ...

ඒ කටහඩ...

අවංකවම ඒ කටහඩ වෙනදටත් වඩා සීතලයි ...ඒ වගේම හරි බරයි...එයා මගෙ ඇස් දිහා බලන් උන්නා...ගානක් නැතුව මගෙ බෙල්ල දෙපැත්තට හරවපු එයාට මගෙ බෙල්ල සම්පූරනම අනිත් අතටම කරකවන එක මහා ලොකු දෙයක් නෙවෙ ...මම බලන් උන්නා..මගෙ හදවත ගැහෙන ගැහිල්ලට මට හිතුනා මගෙ හදවත පුපුරයි කියලා ..පපුව පලාගන එලියට එයි කියලා ...මම එයාට බයයිද කියන එකත් එයා ඇහුවෙ මාව තවත් බයකර කර වෙනකොට මටත් නොදැනිම මගෙ ඇස් කොන්වලින් කදුලු වැටුනා වගෙම එයා මගෙ ඇග උඩින් අයින් වෙලා අනිත් පැත්තෙන් ඇල උනා....

" ගානක් නැතිවම බෙල්ල දෙපැත්තට කරපු මට ඕක අනිත් අතටම කරකවන එක මහ දෙයක් නෙවෙ...ජීවත් උනත් උඹ මගෙ....මැරුනත් උඹ මගෙ.....ඒත්.....කලපයක් පෙරුම් පිරුවෙ තවත් පවක් පුරවගන්න නෙවෙ ....කිරි කලේකට ගොම බින්දුවක් දැම්මොත් මුලු කිරි කලේම අහක දාන්න වෙනවා....කල්පයක් තිස්සෙ එක එකා වෙනුවෙන් පිනට වැඩ කරපු මට එක තත්පරෙන් පව් පුරවගන්න බෑ ශිවන් ..."

මට එහා පැත්තෙන් වැතිරිලා උන්න අග්නිගෙ කටහඩ ඇතුලෙ තිබුන නපුරු කම ටික ටික හේදිලා යනවා වගෙ දැනෙනකොට මං හිමීට මගෙ ඔලුව හරවලා බැලුවා ..

අග්නී...

"...."

අනේ අග්නී.....

මං එයාට කතා කෙරුවා ...මොකද හැම වෙලේම තරහා ගන්න අග්නිගෙ කටහඩට වේදනාව එකතුවෙද්දි ඒක ඊටත් එහා වේදනාවක් උනා...

උඩ බෙලි අතට උන්න මං එයාගෙ පැත්තට හැරුනා...

අග්නී...

මන් මගෙ උනුසුම් ඇගිලිවලින් මම ඒ සීතල මූන අතගෑවා...ඒත් එයා නෙවෙ මා දිහා බැලුවෙ...එයා නෙවෙ මාව ගනන් ගත්තෙ ...එයා කෙරුවෙ ඔහෙ බලන් උන්න එක.....අවංකවම මට බය හිතුනා එයා අඩයි කියලා....මට බය හිතුනා එයාගෙ ඇස් වලින් කදුලු වැටෙයි කියලා ...දැන් නම්මාව මරයි කියන දේට වඩා එයා අඩයි කියන බය වේදනාව මට දැනෙනකොට මම අග්නී...අග්නී...අග්නී....අවසානෙදි මගෙ අග්නී...මගෙ පන....අවසානෙදි හැමදාම වගේ මගෙ දරුවගෙ අප්පච්චි කිව්වා...ඒත් අග්නි නෙවෙ මා.දිහා බැලුවෙ...එයා ඔහේ උන්නා.....අවසානෙදි මම බයෙන් උන්න දේ ඇත්තක් උනා...එයාගෙ ඇස් කොනින් කදුලු බින්දුවක් වැටුනා....

හැගීම් ගොඩාක් පිරුන අවර්න පාට වේදනා බින්දුවක් ...

"ඇයි මට එහෙම කෙරුවෙ ...මාව මැරෙයි ශිවන් ....."

අග්නී...මට.....

"වචන නාස්ති කරන්න එපා ...කැමති තැනක ඇවිදලා එන්න....තව අඩ හෝරාවකින් මං ගෙනහින් අරින්නම්."

අග්නී...අනේ අග්නී....ඇයි අග්නි මේ....ඇයි මගෙ අග්නී මේ..අනේ....ඇයි කියන්නකො අග්නී.....අනේ..ඇයි කියපන්කො රත්තරන් .....අග්නී...අග්...නී...

අග්...නීහ්.....

"මගෙ ආදරේ තරම දැන දැනම....මගෙ තරහවෙ තරම ...ඊරිසියාවෙ තරම දැන දැනම උඹ ඔය විදිහට හැසිරෙනකොට ....මගෙ අතින් පව් සිද්දවෙයි කියලා බයයි ශිවන් ...යකෙක් උනත් මං කල්පයක් නර බිල්ල අහක දැම්මා....ඒ උඹ හන්දා ...එහෙව් දෙයක් කරපු මටම උඹ මෙහෙම කරනකොට .....වේදනයි...මට වේදනයි.....උඹ දන්නවද මටත් වේදනාව දැනෙනවා....බඩ වැල නැති උනත්...මම කිරි උරපු එකෙක් .....මටත් වේදනාව දැනෙනවා....යකෙක් උනත්...මට සමහර චූටිම දේකට වත් වාවන්න බැරි තැන් තියනවා.....උඹට ඇවිදින්න ඕනා නම්...පලයන්...යන්න පුලුවන් හැම අස්සක් මුල්ලක් නෑරම උඹ පලයන්....උඹට කතා කරන්නෙ කව්ද...නැද්ද උඹ කතා කරලා බලපන්...උඹට ඉන්න ඕනා කොයි විදිහට ද....උඹ ඒ විදිහට .....ඉදපන්..."

අග්නී....අනේ....ඔහිම කතා කියන්න එපා මගෙ රත්තරන් ...ඔහොම.කියන්න එපා..අනේ....මගෙ...මහත්තයො....

මට නොදැනුවත්ම මගෙ කටින් අනේ මගෙ මහත්තයො කියලා කියවෙනකොට එයා මා දිහා බලන් ඉදලා ලාවට හිනා උනා.....ඒ උනාට ඒ හිනාව අස්සෙ මට දරන්න බැරි වේදනාවක් හැංගිලා තියනකොට එයා සම්පූර්නම මගෙ දිහාවට හැරුනා....

" මම සිංහයෙක් ....නිදිකුම්බාවලට විතරක් ආදරේ කරන.....උඹට ඕන තැනක ගිහින් වරෙන්.....තහංචියක් නෑ... "

එයා අතුරුදහන් උනා....කැමති තැනක ඇවිදින්න කියපු අග්නි අතුරුදහන් උනා....

මම සිංහයෙක් නිදිකුම්බාවලට විතරක් ආදරේ කරන කියලා කියපු අග්නි යන්න ගියා . ...ඒකෙ තේරුම....ඒකෙ තේරුම මොකක්ද.....??

උඹට ඕන තැනක පලයන් තහංචියක් නෑ කියපු අග්නි යන්න ගියා...හැබැයි නිදහස දුන්නෙම මගෙ පපුවට දරන්න බැරි වේදනාවක් දීලා....

මම බිම ඉදගත්තා . ... පපුවෙ වේදනාවටම මගෙ ඇස්වලින් කදුලු වැටෙනකොට මම කකුල් අස්සට මගෙ මූන ගහගන මම ඇඩුවා....මට හිතන්නත් කලින් මගෙ ඇස්වලින් කදුලු වැටුනා....

"නාඩා ඉදින්...."

අග්නී...අනේ...අග්නී...ඔයා...ආවද...ම....ගෙ...අග්....නී

තත්පර ගානක්....නෑ විනාඩි ගානක් මං මගෙ ඔලුව දනහිස් අස්සට ගහන් උන්නා ....ඕන තැනක ඇවිදලා වරෙන් තහංචි නෑ කියපු එයා යන්න ගියෙ මගෙ ඇස් වලට කදුලු දීලා වෙනකොට මගෙ හිස කෙස් අස්සෙන් ආයම සීතලම සීතල ඇගිලි තුඩු යනකොට මම ඉක්මනට ඔලුව ඉස්සුවා.....මම හිතුවෙ මගෙ අග්නි කියලා උනත්...ඒ උන්නෙ මගෙ අග්නි නෙවෙ.....ඒ උන්නෙ මගෙ අග්නි නෙවේ....ඒ උන්නෙ භෛරව්....ඒ උන්නෙ කාලි භෛරව්.....එයා අග්නිගෙ අඩවියට ඇවිදින් විතරක් නෙවෙ...අග්නිගෙ කාමරේට පවා ඇවිදින් ....ඒ විතරක් නෙවේ මගෙ ඔලුව පවා අත ගෑවා....

භෛරව්...තමුන්....තමුන් මොකද මෙතන...??මේක...මේක මගෙ අග්නිගෙ ....අග්නිගෙ....

"මම මොකට ආවා කියලද හිතන්නෙ..."

මොකට ආවා උනත්...මට මොකටද භෛරව්....උඹ මොකට ආවා උනත් මට මොකටද.....?

"...උඹ ඔය පිට කරන්නෙ උඹ විහින් කරගත්තු මෝඩකම් වල තරහවද අග්නිගෙ අඹුව...?"

මම ගස්සලා අහක බලාගත්තා .....එයා අහනවා මම මේ පිට කරන්නෙ මම විහින් කරගත්තු මෝඩකම් වල තරහවද අහන ගමන් එයා මගෙ අවුල් වෙලා ගියපු කොන්ඩෙ හදන ගමන් මා ගාවිම්ම ඉදගත්තා ...මම ඉක්මටන එයා ගාවින් ඈත් වෙලා අහක බලාගත්තා .....

"උඹ දැන් ගස්සනවා...පද්දනවා.....ඇදිවත නැතුව අඩ හෙලුවෙන් මගෙ විමානෙට පය ගහනකොට උඹට ඕක හිතුන් නැද්ද ...මගෙ අතෙ එල්ලිලා හුරතල් වෙන්න හදනකොට උඹට හිතුන් නැද්ද උඹෙ එකා මේව දැක්කොත් හිතට වේදනාවයි කියලා.....ම්ම්ම්....."

මම...මම හිතලා...හිතල කෙරුවෙ නෑනෙ....අනේ..භෛරව් ...මම...මම....

මම භෛරව් දිහා බලාගන මම හිතලා කෙරුවෙ නෑ...හිතලා කෙරුවෙ නෑ කියල කියනකොට එයා මා.දිහා බලන් උන්නා...හැබැයි ආයම නාඩා ඉදින් කියන්නවත්...මගෙ ඔලුව අතගාන්නවත් ආවෙ නෑ.....එයා කෙරුවෙ මම කියන එක අහන් උන්න එක විතරක් වෙනකොට මම ආය ආයම එයා ගාවදි මම හිතලා කෙරුවෙ නෑමයි කියලා කියනකොට එයා ලාවට ඔලුව හෙලෙව්වා....

" මොනවද අග්නි කිව්වෙ..."

එයා ..කිව්වෙ....

" ඔව්.....උඹට කියපු හැම දේකටම පස්සෙ අග්නි මොනවද කිව්වෙ..."

මම බිම බලාගත්තා ....මම බිම බලාගන කල්පනා කෙරුවා .....එයා යන්න කලින් මොනවද මට කිව්වෙ කියලා කල්පනා කෙරුවා.... ...අග්නිගෙ ඇස්වල කදුලු එක්ක මාව කඩා වැටෙනකොට මට එයා කියපු දේ පවා අමතක උනා...

එයා...එයා..කිව්වා....එයා සිංහයෙක් ...නිදිකුම්බාවලට ආදරෙ කරන ....එහෙම .....

"ම්ම්....තෙරුම දන්නවද .....?"

........

"ඒ කියන්නෙ අග්නිගෙ අඹු සිගිත්ත තේරුම දන්නෙ නැද්ද ....."

අනේ භෛරව් ....මම ඉන්න තත්වෙ දිහා බල බල මට ඔහොම කරන්න එපා භෛරව් .....මට ඔහොම කරන්න එපා....

මං කෑ ගැහුවා .. .භෛරව් ඊට හපන් ...අග්නිට හපන්.....භෛරව් කෙරුවෙත් මගෙ අග්නි වගේම වචන වලින් මාව හෙම්බත් කරවපු එක වෙනකොට මං කෑ ගැහුවා ....මං ඉදගන උන්න තැනින් නැගිටල කෑ ගැහුවා ....එයා බලන් උන්නා....අයියා මල්ලි දෙන්නම මාව තැලුවා...අයියා මල්ලි දෙන්නම කෙරුවෙ මාව වචන වලින් තලපු එක වෙනකොට මං වෙව්ල වෙව්ල කෑ ගැහුවා .....

"සිංහයෙක් මොනවද කන්නෙ ...නිදිකුම්බාවක් ඇල්ලුවොත් මොකද වෙන්නෙ...හොදට කල්පනා කරපන් ශිවන්....."

...භෛ...

" මං කිව්වෙ කල්පනා කරන්න කියලා...අග්නි ඉවසන තරම් මට ඉවසන්න බෑ...මොකද එයාට ඉවසන්න හේතුවක් තියනවා...උඹ උගෙ පන හන්දා....මට එහෙම හේතුවක් නෑනෙ..ඒක හන්දා...ගොත නොගහා හිතලා කියපන්....."

සිංහයො කන්නෙ මස්නේ...අනේ දෙවියනේ ඌ මස් ඇරෙන්න වෙන මොනවද කන්නෙ...කන්න නැති උනත් බඩගින්නෙ මැරිලා යනවා මිසක්කා...නිදිකුම්බා.....නිදිකුම්බා කොලයක් ඇල්ලුවත් ඇකිලෙනවා.....

භෛරව්....භෛරව්...

" ම්ම්ම් තේරුම දන්නවද්....."

සිංහයෙක් කන්නෙ මස් විතරයි .කොයි තරම් බඩගින්න දැනුනා උනත්....

" කොයි තරම් බඩගින්න දැනුනා උනත්...කන්න දෙයක් නැතිනම් ඌ බඩගින්නෙ මැරිලා යනවා මිසක්කා කවදාවත් සිංහයෙක් තනකොල කාලාවත් බඩගින්න නිවාගන්නෙ නෑ...ඒ වගේම....නිදිකුම්බාවක් කියන්නෙ....පිටස්තර ස්පරශයක් පවා ප්‍රතික්ශේප කරන එකෙක්.....හිතලා බලපන් ශිවන්.....අග්නි කියන්නෙ...උඹ මත්තෙම නැහෙන එකෙක්...උඹ නැති දාක වෙන එකෙක්ගෙන් ආදරයක් හොයන් නැතිවම උඹ මත්තෙම නැහිලා මැරිලා යනවා මිසක්කා ඌ කවදාවත් උඹෙන් පිට යන්නෙ නෑ...ඌ සිංහයෙක් නම්...උඹ නිදිකුම්බාවක් වෙයන්....මල්ලි උනත් ....මම වෙනත් පිරිමි පරානයක් ...මට හැගීම් දැනිම් නැත්තෙ නෑ....එහෙමයි කියලා උඹ හිතන්ඩ එපා...මගෙන් උඹට අබමල් රේනුවක් තරම් වරදක් වේවි කියලා ....ඒත් උඹ හන්දා උගෙ හිත බිදුනා..."

මම අහන් උන්නා...මොකද මට අහන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුන් නෑ...මම වැරදි ...නොදැනුවත්ම උනත් මම කරලා තිබුනෙ වරදක්.....අග්නි යකෙක් උනත්....ආදරෙ ගාවදි..අග්නි තරම් ආදරේ කරන එකෙක් මේ ලෝකෙ තවත් නැති වෙනකොට මගෙ එක බැල්මක් එයාගෙන් පිට යනවටවත් අග්නි කැමති නැති උනා..මගෙ එක හුස්මක් එයාගෙන් පිට යනවාට එයා කැමති නැති උනා....

භෛරව්....මම...මම දැන් මොකද කරන්නෙ...

" උඹට කරන්න දෙයක් ඉතුරු නෑ....ඌම හිත හදාගන එනකන් ඉදපන්....."

ඒත් ඒත්....මම මොකක්ද දෙයියනේ කරපු වරද.....උඹගෙ අතින් අල්ලපු එකද....උඹේ අතේ එල්ලීගන උන්න එකද.....?? එහෙම බැලුවොත් මට කාවත් අල්ලන්න බැරිද භෛරව් ....ආ...මට කා එක්කවත් හිනා වෙන්න කතා කරන්න බැරිද...???

"පුලුවන්....බැරි කමක් නෑ...හැබැයි ...උඹට නොදැනුවත්ම උඹ හුරතල් වෙනවා...මගෙ එකෙක් උනා නම්...කල්ප ගාන පැත්තකට දාලා මම දෙකට ඉරලා දානවා....ඒත් ඌ එහෙම නෑනෙ....යක්කු උනත් ආදරේ ගාවදි අසරවෙනවා කියන්නෙ ඕකයි...ඌ උඹව දාලා ගියත්.....ඌ මාව එව්වෙ ඒකයි.....ඌ මාව.මෙතනට එව්වෙ උඹ අඩයි කියලා දන්න හන්දයි....අග්නිගෙ ආදරෙ හරි බරයි ශිවන් ...සම්මතද .....අසම්මතද කියලා හිතනවට වඩා.....ඌ ආදරේ ගාවදි...හරි ආදරනීයයි....ඌට ගෑනියක් ගන්න බැරි කමක් නෑ....ඌට ගෑනු එකට දහයක් උනත් ගන්න බැරි කමක් නෑ...ඌට....දැන් හිතුනොතින් ....

නවත්පන භෛරව්...නවත්තපන්...අග්නි මගෙ...මගෙ කියන්නෙ මගෙ....මම නොදැනුවත්ව ඇඹ ගාව නැල වෙන්න ඇති.....ඒත්....අග්නි මගෙ...උණ හිතන්නෙ මගෙ අග්නි මාව අතාරියි කියලද...නෑ..කවදාවත් නෑ....උඹ හිතනවද මම අග්නිට වෙන එකියෙක්ගාව නවතින්න ඉඩ දේවි කියලා .....නෑ.කවදාවත් නෑ...භෛරව් ..අග්නි මගෙ....මගෙ...මගෙම විතරයි .....

මම කෑගැහුවා..අග්නි මගෙ මගෙ ගගා ඇද රෙදි ඇද ඇද කෑ ගැහුවා ..එයා මාව නවත්තන්න හැදුවෙත් නෑ...හිනා උනෙත් නෑ..විහිලු කෙරුවෙත් නෑ....අඩුම ගානෙ උඹ කෑ ගහන එක නවත්තපන් කිව්වෙත් නෑ...

" උඹට දැන් දැනෙනවනෙ ඒ හැගීම කොච්චර බරද කියලා නේ...ඒක හන්දා....ප්‍රවෙසමෙන් ..."

භෛරව් යන්න.ගියා...නිකන් නෙවෙ...ඇගිල්ලකුත් උරුක් කරලා රවාගන බලන් ඉදල යන්න ගියා.....අග්නිගෙ කාමරේම මම වනසලා තිබුනා....

අග්නීහ්...

මම කතා කෙරුවා .....ඒත් අග්නි නෙවෙ ආවෙ.....

එයාගෙ හිත හැදෙනකන් කියලා ...අනේ එයාගෙ හිත හැදෙනකන් කියලා මම.කොච්චර වෙලා.ඉවසන්නද...

අග්නීහ්...

මම ආයම කෑගැහුවා....කාමරෙන් එලියට ඇවිදිල්ලත් කෑ ගැහුවා.....ඒත් එය නෑ...

අග්නී ....හ්හ්....

මම සදලුතලෙත් පහුකරන් ඇවිත් පඩිපෙල බැහැලත් කෑ ගැහුවා .....එහා පැත්තෙන් තියෙන්නෙ කාලි භෛර්ව්ගෙ අඩවිය වෙනකොට මට තරහව දුක ඉවසීම නැති තැන ඇවිලි ඇවිලි තිබුන මැටි පහනක් අරන් කාලිගෙ අඩවියට විසික් කෙරුවා ...ගල් පවා ගැහුවා ....

අග්නී .....ඇත්තමයි උඹ නාවොතින් මං අරූගෙ අතින් හරි මැරිලා යනවා .....අනෙ අග්නීහ්හ් ...

 .......

ඒත් නෑ ..කිව්ව්ත් වගෙ මං පුලුවන් තරම් කාලිගෙ පැත්තට ගල් මුල් ගැහුවා ....ඒත් එයා ආවෙ නෑ.....අග්නි එපා කියන්නෙ මොනවද .....එයාට තරහයන්නෙ මොනව කෙරුවමද ..මං ඒ හැම දේම කෙරුවා ....එයාව ගෙන්නගන්න මන් එයා එපා කියපු හැම දේම කරනවා කිය කිය කෑ ගැහුවා ....

අග්නි... .උඹමයි කිව්වෙ...මන්තර ජප කරන්න වෙලා නිමිති තියනව කියලා ..හරියට ජප නොකෙරුවත් වස් වදිනවා කිව්වෙ උඹමයි අග්නී...වස් වැදුනත් කමක් නෑ ..මං පොත බලන් මතුරන්න් කලින් වරෙන් අග්නි ...

මං මුරන්ඩු කම් කෙරුවා ...එයාව ගෙන්න ගන්න පුලුවන් හැම දේම කෙරුවා ඒත් අග්නි නෙවෙ ආවෙ....මං අවසානෙදි පඩිපෙලෙ අවසානම පඩිය උඩ ඉදගන ගරාදි වැටට ඔලුව හේත්තු කර ගත්තා .....කාලිගෙ සදලු තලෙ පුරාවටම ගල් මුල් පහන් කටු ඇති....ඒත් මට වැඩක් නෑ මට ඕනෙ අග්නිව...මට ඕනෙ මගෙ අග්නිව .....මුරන්ඩු කම් කරලා හරි මගෙ අග්නිව මගෙ ගාවට ගෙන්න ගන්න...ඒත්....එයා නෙවෙ ආවෙ.....එයා නෙවෙ මාව ගානකටවත් ගත්තෙ....වෙනදට එයාගෙ ඇස් මානෙම තියන් ඉන්න මාව අද අමතක කරලා යන්න ගිහින්.....එයාගෙ සුවද විතරක් මගෙ ඇදුම් වල තියලා එයා යන්න ගිහින් ....

"අන්න....අර පුංචි එකා නැකිටලා...."

මම උන්නෙ බිම බලාගන ....අග්නි ගැන කල්පනා කර කර....ඕන තැනක ඇවිදපන් නිදහස තියනවා කියලා මාව රිදවලා ගියපු අග්නි ගැන හිත හිත.....ඒ එක්කම ආව භෛරව් ගෙ කටහඩත් එක්ක මම එයාගෙ සදලුතලේ දිහා බලනකොට එයා මං ගහපු ගල් මුල් දිහා බලාගන මොන මොනවදෝ මුමුනන්න ගත්තා .....

එයා අඩනවද....

" බලන්ඩ ඕනා නම් උඩට එනඑකයි..."

ඇයි එකපාරක් මං ඇවිල්ලා කරගත්තු හරිය මදිද.....

"අග්නිගෙ අඹු සිගිත්ත මං උඹට උඩට එන්න කිව්වෙ අයියගෙ දරුවව පෙන්නන්න මිසක්....."

අයියගෙ ...අයියගෙ උනෙ කවද ඉදන්ද ..උඹගෙ අයියට මහන්සි ඇති ලමයි වදලා .....කැත කුනු අත ගාලා....කරේතියන් නලවලා ....උඹගෙ අයියා දන්නෙ කොල්ලගෙ පිට් කන්න.....උඹගෙ අයියා දන්නෙ.....

මං කෑ ගැහුවා ....අග්නිට ඉවසන්න බැරි දෙයක් තමයි නිඛිල් එයාගෙ නෙවෙ කියන එක.....මේක ඇහිලවත් එයා එයි කියලා හිතාගන මං පහල ඉදන් බෙරිහන් දෙනකොට එයා අහන් උන්නා ...

"ඇයි....ඌ තව මොකුත් කෙරුවෙ නැද්ද .....?"

භෛරව් .....

"උඹ හදන්නෙ ඌව වචනෙන් රවට්ටන්න නම්..වචන නාස්ති නොකර උඩට වරෙන් ....අපිට තිබුනා මෙහෙන් ගෑනු පරානයක් කරගහන් වෙන උන් වගෙ පාඩුවෙ ජීවත් වෙන්න ...ඒත් අපි කෙරුවෙ මොකක්ද .....නරයො දෙන්නෙක්ට පැල් බැදන් ආදරෙ කරපු එක....උඹලා මහ යක්කු....නිකන් නහින් නැතිව උඩට වරෙන් "

මොකක්....භෛරව් මොකක්ද ඒ කිව්වෙ... නරයො දෙන්නෙක්.....එයා කාටද ආදරේ .....ඒත් අග්නිත් නැති වෙලෙ. ..මට මොකටද ඕක...

මං හිමින් හිමින් පඩි පේලිය නැග්ගා .....හැම තැනම ගල් මුල්....මගෙ අග්නි දැක්කනම් මරනවා මාව....මා දිහා බලපු භෛරව් හැරිලා කාමරයක් අස්සට යනකොට මාත් ඒ පස්සෙම්ම ගියා ....ඒක එයාගෙ නිදන කාමරෙ ..වෙනසක් නෑ..මගෙ අග්නිගෙ එක වගේමයි....ඒකෙත් තිබුනෙ ඇදක් විතරයි ....නෑ...තවත් දෙයක් තිබුනා ...අපි ගෙවල් ඉස්සරහා දොරකොඩ පිච්චමල් දාලා තියන වතුර භාජනෙ වගෙ තනි රිදියෙන් හදපු බදුනක් තිබුනා .....භෛර්ව් ඒක දිහා බලන් ඉදලා මා දිහා බලන කොට මං ඉක්මනට එතනට දුවලා එ වතුර එක දිහා බැලුවා .....

දෙ .....දෙවියනේ ..භ්...භ්..භෛරව් ...අර. .අර.....

මට උතුර දකුන මාරු උනා...මාව නිකන් උස්සලා පොලවෙ ගැහුවා වගෙ උනා....කිව්වත් වගේම නිඛිල් අඩනවා ...එත් අඩන ලමයව නලවන ගමන් උන්නෙත් මං....අඩන කොලුවා එක්ක උන්න මාව දැකපු මට උතුර දකුන මාරු වෙනකොට මං භෛරව් දිහා බැලුවා ...

අනේ භෛරව් ...ඒ ඒ කව්ද ....ඒ කව්ද ...මගෙ ළමයා ගාව ඉන්නෙ ඒ කව්ද ඉන්නෙ කියපන් භෛරව් ....

මං බලන් උන්නා...මගෙ මූන වතුර බාජනේ ඇතුලට යන්න වගෙ පහත් වෙනකොට භෛරව් මාව ආයම උඩට ඇදලා ගත්තා .. ...

"බය නොවී ඉදපන්.....ඒ ඉන්නෙ අග්නිගෙ උන්.....උඹ නැති බව දැනගත්තම දරුව අඩනවා ....අඩන හන්දයි ඌ උබේ රූපෙන් ඉන්නෙ....."

මං බලන් උන්නා මගෙ කොල්ලා යකෙක්ගෙ අතෙ ඉදන් අප්පුච්චියෝ ගගා අර යකාගෙ කම්මුල් හප හප කෑ ගහනකොට මාව රත් උනා....ඒ අස්සෙන් චුට්ටන්....අනේ මෙ යක්ස කොල්ලා මොන මගුලද අර මගෙ වෙස් අරන් ඉන්න යකාට කියන්නෙ...

"ඔන්න ඔය ආව පොඩි ඇටයා දැන් දෙපාරක් තුන් පාරක්ම සද්දෙ දැම්මා.....තව එක පාරක් දෙපාරක් දැම්මොත්.....ඌ කයි අනිවාර්යයෙන්ම ....."

අනෙ ...අනේ...එපා භෛරව් ....එපා....ඌ කට තිබ්බ පලියට කියෙව්වට තාම පොඩි කොල්ලෙක්...අනේ ඒක උගෙ හැටි...

"අර බලපන් ..මූ යක්කු ලව්වා වැඩ ගන්න හැටි.....අර බලපන් ....."

මම නලලට අත ගහගත්තා ...චුට්ටමා මං වගෙ ඉන්න යකා ලව්වා තේ හදවගන්න යනවා ..මූ අද මං එන්න කලින් මැරෙනවා ....

මං බලන් උන්නා නිඛිල් වගේම චුට්ටන් මගෙ රූපෙන් උන්න යක්ශාත්මෙට රැවටිලා ඉන්නකොට මං බලාගන ඉදලා ඉදලා භෛරව් දිහා හැරුනා ...

භෛරව් .....මේකෙන්....මගෙ අග්නිව...

"කාමරේ ඇති....."

මගෙ අග්නි ...මගෙ අග්නි....ඔයා කියන්නෙ...මගෙ...මගෙ අග්නි...

"අග්නිල දෙන්නෙක් නෑනෙ....?"

එයා කිව්වා අග්නි ඉන්නවා කියලා ...මගෙ කාමරේ.....එයා කිව්වා අග්නි ආපහු ඇවිදින් කියලා ...මම නෙවෙ එක මොහොතක් නැවතුනෙ....මම නෙවෙ එක මොහොතක් ආයම කතා කරන්න හැදුවෙ ...ඇදගන උන්න ඇදුමත් උස්සගත්තු මං හුස්මක් නොගෙනම මගෙ අග්නිව හොයාගන දිව්වා....

අග්නී....හ්...

මං කෑ ගැහුවා ....අන්දවලා තිබුන හැම සලුවක්ම බිම දිගේ ඇදෙනකොට සලුපටක ඇමිනුන මැටි පහනක් බිඅ වැටුනෙ සලුවත් ගිනි අවුලගන වෙනකොට මම ඒ වත් ගනන් නොගෙන මම කාලිගෙ භෛරව්ගෙ අඩවියෙ ඉදන් අග්නි අමරේන්ද්‍රන් ගෙ ඉසව්වට දිව්වා...හරියටම යන්න යන දේව් දාස්ව නවත්තන්න හදන පාරෝ දේවා...දේවා...ගගා දුවනවා හා සමානවම මම දාලා ගියපු අග්නිට කෑ ගහගා දිව්වා.....

වෙනසකට තිබුනෙ පාරොට තිබුනෙ ග්ලිසරින් කදුලු වෙනකොට මට තිබුනෙ අවංකවම හැගීම් වල කදුලු ...

අ...ග් ...නී....

මම අඩවන් කරලා තිබුන දොර පලුව ඇරගන කෑගහනකොට එයා හැරිලා බැලුවා

අ...ග්නී....අග්නී....හ්....

සලුව එහෙන් ගිනි ගන්නකොට මම නෙවෙ ඒක ගනන් ගත්තෙ මාවත් එක්කම.ඇවිලුනත් කමක් නෑ.මගෙ අග්නි ඇවිදින්නම් කියලා හිතපු මම එයා ගාවට දුවන් එනකොට එයා එක පාරින් මගෙ ඇදුම ගලවලා බිම දාලා පෑගුවා ...

"පිච්චුනාද?"

ඔව්....

"කොහෙද ....."

මෙන්න මෙතන....මගෙ හදවත අග්නී...

"..."

එයා කලබල උනා....ඇදිවත ගිනි ගත්තා උනත් මන් එයාවම ඉල්ලන් දුවන් එනකොට එයා එක තත්පරෙන් මගෙ ඇදුම ඉරලා පාගලා දාන ගමන් මගෙන් පිච්චුනාද අහනකොට මං එයාගෙ අත අරන් මගෙ පපුව උඩින් තියාගන මගෙ හදවත කියනකොට එයාගෙ ඇස් ගැස්සුනා....

අග්නී...ඒක වේදනයි අග්නි....අනෙ උඹ නැති තැන වේදනයි...උඹ නැති තැන හිස්....එපා අග්නි...මාව මැරේවි ...අනේ....මාව...

"ශ්ශ්....දැන් ඒක ඉවරයි .....වරෙන් ගෙදර යන්න....ගොම්මනට කිට්ටුයි....වැස්සි ගත්තු එකා ඒවී...."

එයා මගෙ කට වැහැව්වා .....කටවහලා මා දිහා බලන් උන්නා හැබැයි හාදුවක් වත් වැලදගැනීමක් වත් ...අඩුම ගානෙ....අඩ හෙලුවෙන් උන්න මගෙ සර්වාංගෙ කිසිම තැනක් ඇල්ලුවෙ වත් නෑ...මට දුක හිතුනා ....මට වේදනාවක් දැනුනා ....එයාම ඇදෙන් තිබ්බ ඇදුම් ඇදන් මම එයා පස්සෙන් මේ අමුතුලෝකෙන් එලියට ආවා...

ආයමත් සීතල අන්දකාර මූකලාන මැදින් එයා මාව පියවි ලෝකෙට එක්කන් ආවා...එත් අර මගෙ මැනික...මගෙ ශිවන් කියලා ආදරෙන් කතා කරපු මගෙ අග්නිට ඒක අමතක වෙලා ...

අග්නී.....

"ගිහින් ඇගපත හෝදගනින්...පහනක් වත් තියන්න පුලුවන්ද ඔය කිලිටි පිටින්...?"

අග්නී.....හ්....

එයා හැරුනා.....ඇග්පත හෝදගන්න කියපු එයා මෙට්ටෙ උඩ තනීයම කියවන පුංචි එකා ගාවට ගිහින් ඉදගන්නකොට මං වේදනාව පුරවන් එන්න හැරුත් එක්කම කිරි වැස්සිව මස් කරාපු එකා ගෙයි වැට කඩුල්ල පනිනකොටම ඇග හෝදන එක පැත්තක දාපු මම එලි බහින්ඩ හැදුවා ....

අයි...බ්වෑක්...බ්....බ්....බ්වෑක්.....

වෙදහාමිනේ....

වෙදහාමිනේ .....හ්.....

" මැනිකෙ.....එපා යන්ඩ....ඉදින් පොඩ්ඩක්....."

එලි පත්තට බහින්න හදපු මාව අග්නි අල්ල ගත්තා ..එපා බජින්ඩ කිව්වා .....අරුව වත්තම් කරන් උන්න උන් දෙන්නා අම්මට කතා කරනකොට අරකා ඉවරයක් නැතිවම වමනෙ කෙරුවා ...

වෙදහාමිනේ .....

" දැන් යමන්....."

එයා මගෙ පිටකොන්දට ඇගිල්ලකින් ඇනලා දැන් යන්න කියනවත් එක්කම මම එලියට ආවා...

මොකද මේ ....

අනේ...වෙදහාමිනෙ නැතුවද මහත්තයා ...

අම්මා.තාම ආවෙ නෑ....ඇයිමේ....?

මේන් මේකට අජීර්නයක් හැදිලා...වමනෙ කරනවා ඉවරයක් නෑනෙ....

" අහපන් ඇයි දොස්තර කෙනෙක් ගාවට නොයා මෙහාට බඩගෑවෙ කියලා?"

දොස්තර කෙනෙක් ගාවට යන්ඩ එපැයිනෙ...

දොස්තර කෙනෙක් ගාවට ගියා බෙහෙත් ටික වත් පත්තියන් වෙන්නෙ නෑනෙ ...

ඇයි...මොනවා කැවිලද.....

ක්....ක්...බ්වෑක්....බ්බ්....වෑක්...

කන පතට කුරුමිනියෙක් වැටිල ඉදල මූ ඒක අහක් කරලා කාලා....ඒත් කාපු වෙලේ ඉදන් මෙහෙමයි.....

" ඔහොම බලන් ඉදින්..දැන් ඕකා ලේ වමනෙ කරාවි....."

අග්නි...මගෙ අග්නි පිටිපස්සෙන් හිටගන දැන් අරක කරයි...මේක කරයි කියලා කියනවත් එක්කම අරූ ලේ වමනෙ තලියක් එලියට.දැම්මා විතරයි ඒකව වත්තම් කරන් උන්න බය වෙලා නහින්ඩ හැදුවා.....

මේකට පිට කාරනාවක් කරලද කොහෙදෝ....

" කියාපන් කරපු එකම පිට කාරනාව ලේ ලොද පිටින් බඩ දරු වැස්සිව මස් කරපු එක කියලා .....කියාපන් කරපු එකම පිට කාරනාව කිරි අම්මෙක් මස් කරපු එක කියලා ....."

මගෙ අග්නි ආයම.කියෙව්වා ....අරූට වමනෙ ගිහින්ම හෙම්බත් වෙනකොට මම අත්දෙක පිටිපස්සට බැදන් මිදුලට බැස්සා ....

මේකා මේ කාපු බීපුවක් අජිර්නෙ වෙලා ...ඒක හරි හැබැයි නිකන් නෙවෙ....උඹලා මොකක් හරි අකටයුත්තක් කෙරුවා නම්...පාපොච්චාරනේ කරන්ඩ පුලුවන් නැතිනම්...මට අදුන නොබලා මූනෙන් කියන්ඩ පුලුවන් උන දේවල්....

මම හැම දේම.දන්න එක වගෙ අරුන්ගෙ මූනවල් බලාගන කියවනකොට උන් මොකුත් දන්නෙ නෑ වගෙ රගපානකොට මම වෙරලු ගහ දිහා බලලා ආපිට උන් දිහා බැලුවා ...ඒ කරලා එලියෙ තිබුන පහන් පැලේ පහන අවුලලා යාතිආවක් කරනවා වගේ අත්වැදන් ඉදලා ආපිට හැරුනා

මේක සුරාසුර බැල්ම තියන අඩවියක්...උඹලා ඔය මොකූත් නොකෙරුවා වගේ උන්නට.....උඹලා පය ගහනකොටම ඒ කුයිලෙ දැනෙනවා....උඹලට පිටින් කරාපු පිට කාරනාවක් නෑ...කරපු එකම පිට කාරනාව ලේ ලොද පිටින් කිරි සප්පයෙක් මස්කරාපු එක...බඩින් උන්න වැස්සියක් මස් කරාපු එක...කිරි දුන්න අම්මෙක් මස්කොරාපු එක.....මට කරන්ඩ දෙයක් නෑ.....මේකටත් එහෙම්ම මැරෙන්ඩ ඇරපල්ලා.....

අනේ....අනේ...බුදු මහත්තයො...සමවෙන්ඩ....සමාවෙන්ඩ.....කතරගම දෙයිහාමුදුරුවන්ගේ නාමෙන්...

තොපි කොරාපු පව් කාරකම් වලට දෙයියන්ගෙ නමින් පලිගහන්ඩ එපා බොලව්....ඕකට කාපු බීපු අංශුවෙ ඉදම්ම එලියට යාවි.....ඒ යන ගමනෙදි...ඒකා මේ අතටත් ඉන්ඩ පුලුවන් . .අනිත් අතටත් ඉන්ඩ පුලුවන් වැට උඩ....

බ්වෑ....ක්ක්ක්ක්ක්

මම උන්ව බයකෙරුවා...අර අසරන මනුස්සයගෙ වේදනාව මතක් වෙලා මේකා මැරෙයි කියන කතාව කොය කිය බයකරනවා එක්කම අරූ ආයම වමනෙ කෙරුවා .....රතුම රතු පාට ලේ ගුලියක්.....

🥺 ජෝබිත නිදහස් වෙන්න පුලුවන් උනේ දැන්නෙ🥺🥺

හෙට ඉදන් යෙ යෙ දෙන්නම්...කායයියත වැඩ තිබ්බනෙ හුගා...රියක්...ම්හුක්.....

මේ ළමයා බයියනව...ඔය ලමයිනුත් බයියන්ඩ....

ගුත් නයිත්....කාවයියනේ.....😘😘👉👈

මම

ජොබී ....(මු.ක.හ.කැ.පි.🤓🤓😂

Ferdeesha ❤️💚😘 .....

More Chapters