Ficool

Chapter 36 - 36

අග්නී....

" උඹට සහලවලා උන නේ බන්....මම යන්න කලිම්ම උන ගැනෙයි කියලා කිව්වනෙ නේ....".

එයා මාව නෑව්වා...එයාම මාව උස්සගන ආවා...එයාම මගෙ ඔලුව එකම එක වතුර බිදක් නොහොටින්න පිහ දැම්මා...හැබැයි මේ කිසිම දෙයක් මැදින් වෙන කිසිම දෙයක් උනේ නෑ....ඊයේ නානනකොට තිබුන හාදු වැස්ස තිබුන් නෑ.....ඊයෙ නානකොට තිබුන ආදර වදන් මෙලෝ දෙයක් තිබුන් නෑ...ඒ වෙනුවට තිබුනෙ මගෙ වේදනාත්මක සුසුම් විතරක් වගේම අග්නිගෙ නෝක්කාඩු කතා මාව ගනන් ගන්නෙ නැතිව එහා මෙහා යන හැටි ඔව්වා විතරක්ම උනා...

මට වේදනයි ....නාලා ඉවර වෙනකම්ම මම කෙරුවෙ සමාව ඉල්ලපු එක...ඒත් ඒ එකම වචනයක් වත් අග්නි ගනන් ගත්තෙ නෑ....තඹේකට මායම් කෙරුවෙ නෑ...තනිකරම ගගට ඉණි කැපුවා වගෙ....ඔහේ මගෙ වචන නාස්ති වෙලා ගියා .....

එයා මාව උස්සන් ආවා...හැබැයි ඒ උස්සන් එනකොට වත් මා දිහා බැලුවෙ නෑ .එයාගෙ ඇස් මා ගාව විහිලුවටවත් නැවතුනෙ නෑ.....එයා කෙරුවෙම මාව මගෑරපු එක..මාව ගනන් නොගෙන උන්න එක....

එයා මාව ඇද මෙට්ටෙන් තිබ්බා...මම එහෙම්ම නිඛිල් දිහා බැලුවා....එයා ලමයට පැම්පර්ස් එකක් අන්දවලා...හැබැයි දෙපැත්ත මාරු කරලා...නිදාගන උන්න පුංචි එකා මුනින් අතට හැරුනා.....

අග්නීහ්...

තිබුන දුක වේදනා දෙපිටින් යන්ඩ මම කෑ ගැහුවා....

" ඇයි...මොකද...."

ඇයි මොකද අහන්නෙ....උඹ මගෙ ලමයට ගැහුවද....

" මොකක්ද....ආය අහපන් බලන්ඩ...."

මම නැවතුනා... ඒ ඇස් දෙක දිහා බලලා ඊලග පාර මට කට අරින්ඩ බැරි වෙනකොට මම ලමයගෙ රතු පාට වෙච්ච ඇබිත්තන් තට්ටම දිහාබැලුවා..අනේ මේ යක්සයා මගෙ කොල්ලට ගහල....මම හිමින් අත ගෑවා....

ඇයි අග්නි ලමයට ගැහුවෙ...මා එක්ක මොන තරහවක් පිරිමැහුවත් කමක් නෑ අග්නි ....ඇයි හය හතර නොතේරෙන කිරි සප්පයට ගහන්නෙ අග්නි...

මම වැරදියට අන්දවපු පැම්පර්ස් එකෙන් එලියට පැනපු තට්ටම අත ගගා ඇයි අහනකොට අග්නි ඇවිත් මා දිහා රවාගන වගේ බලන් උන්නා...

" උඹට හාල්ද?මම මොන මගුලට ලමයට ගහන්ඩද....ආ බන්...උඹ වමනේ දානකොට වමනෙ දැම්මෙ උඹේ මොලෙත් එක්කද කියපන්කො..."

අග්....

" ගොනෝ හොදට ඇස් ඇරලා බලපිය කොල්ලගෙ පුක මදුරුවෙක් කාලා ගොබ්බයා...පල පල ගිහින් බුදියපිය"

වැඩක් නෑ...මම ආයම වැඩ වරද්ද ගත්තා..කරපු වැරදි මදිවට තව අලුතෙනුත් වහු කුනක් ඔලුවට පටලව ගත්තු මම බිම.බලන් ඉදලා අග්නිගෙ අත ඇල්ලුවා ....ඒත් අග්නි කෙරුවෙ මගෙ අත ගසලා දාපු එක....

අග්නි...උඹට මට මෙහෙම කරන්න පුලුවන්ද අග්නි.....උඹට පුලුවන්ද මාව මේහෙම රිදවන්න ...ඇයි අග්නි මාව ගනන් නොගන්නෙ....ඇයි මට මෙහෙම රිදවන්නෙ...

.....

අග්නී...හ්

" උඹ කරන්නෙ ඔය.ලමයව ඇහැර්වන්න හදන එක....මෙන්න මේක බීලා බුදිය ගනින්"

මට ඕන කසායක් නෑ අග්නි..

" හරි....උඹට බොන්න බැරි නම් වෙව්ල වෙව්ල ඉදපන්...හැබැයි මෙතන නිදා ගන්නෙ නැතුව වෙන ඕන තැනක බුදියපන් උඹ හින්දා මේ මොකුත් නොදන්න ලමයා ලෙඩ වෙන්න ඕන් නෑනෙ..."

මගෙ ඇස් වලට අලුතෙන් කදුලු උනන්න දෙයක් තිබුන් නෑ.....එයා මට පෙන්නපු කසාය එක මම එක උගුරට බීලා මෙට්ටෙ උඩ පෙරලුනා.....

කොලුවා බිත්තිය අයිනෙ....ඊට පස්සෙ මම. ...ඊට පස්සෙ.....අග්නි ..එන්න ඕන අග්නි උනත් ....මගෙන් පස්සෙ මෙට්ටෙ හිඩැසක් ඉතිරි උනා....

.මට වේදනාවක් දැනුනා....ඇස් කොන් වලින් පහලට වැටුන කදුලු කොට්ටෙට උනන කොට මට තුරුල් කරගන්න ඉතුරු උනේ පුංචි එකාව විතරක් වෙද්දි මට උන හන්දම ඒකත් නැති උනා .....

මන් නැගිට්ටා .... වෙනදා වගෙ නම් විදිල්ල කෙටුවා වගෙ නැගිටින්න බැරි උනා..නැගිටිනකොට මට මගෙ සර්වාංගෙන් කොතනින්ද කැක්කුමක් නො එන්නෙ කියලා හිතුනා ...අග්නිගෙ හපන් කම් වල හරිම වේදනාව එන්නෙ දැන් වෙනකොටත් අලි හොඩ වැල වැදුන පාරට බඩ නෑවගෙ හිතුනා.....

මට කෙදිරි ගෑවුනා... නැගිටින්න හදපු මට කෙදිරි ගෑවෙනකොට මම හරි අමාරුවෙන් නැගිටලා ලමයව පොරවන තවත් රෙද්දක් අරන් මන් කොල්ලව පොරවනකොට මං බලාගන උල් වෙච්ච ඇබිත්තන් කෙටේ බිස්කට් කෑල්ලක් තියනවා...අනෙ කකා ඉන්නකොටද කොහෙද නින්ද ගිහින් තියෙන්නෙ.....

මන් කට ඇරලා බිස්කට් කෑල්ල එලියට ගත්තා ..නින්දෙන් හිර උනෝතින් එහෙම ....

ලෙමන්පෆ්.....අග්නියා ලමයට කවලා තියෙන්නෙ ලෙමන් පෆ්...ඇයි අර කොල්ලගෙ බිස්කට් තිබුනනෙ .මේකා ඒකත් කාලද??

මන් සද්ද නැතිවම ආය ඇද මෙට්ටෙට පෙරලුනා ....මගෙ සර්වාංගෙම වේදනා දෙනවා ..එයා ඉන්නම ඕන තැන මං උන්නෙ තනියම ..එයා මාව තුරුල් කරගන්නම ඕනා තැන මං උන්නෙ තනියම...

පරිස්සමින් ගිහින් වරෙන් මැනිකෙ කියපු අග්නිගෙ වචන ....අනෙ දෙයියනෙ ඒවා නිකම්ම නිකන් වචන නෙවෙ...ඒවා අස්සෙ පැලෙන්න ආදරේ තිබුනා ....

අග්නී....

මම හිමීට ඇද මෙට්ටෙ අතගෑවා ....එයා මට නොදැනෙන්න ඇවිත්ද බලන්න... නෑ....එයා ඇවිදින් නෑ..මෙට්ටෙ හිස් .... මං ඇස් කැරකෙව්වා එයා ඈත ඉදන් හරි මා දිහා බලන් ඉන්නවද බලන්න ඒත් නෑ.....මගෙ අග්නි ඒත් නෑ.....

අග්නී .අනෙ ඔයා ඉන්නවද මගෙ අග්නී....

මං කෑ ගහන්න බැරි කමට කතා කෙරුවා ....ඒත් නෑ...එයා යන්න ගිහින්.....එයාට තුරුල් වෙලා නිදාගන්න බලන් ආව මට සිද්ද උනෙ එයා නැතිව නිදාගන්න වෙනකොට සහලවලම උන ගත්තු මම වේදනාවෙන් ගුලි උනා ....

අනේ .....අම්...මාහ්....

විනාඩි පහක්...දහයක් ...නෑ ...වැඩිම මං පැය භාගයක් නිදා ගන්න ඇති.....බඩ කලතවගන බීපු කසාය එක එලියට පනින්න හදනකොට මං කටට අත තියාගන මෙට්ටෙන් නැගිටන් කාමරෙන් එලියට බඩ ගෑවා ....

බ්වෑක්...බ්වෑ....ක්.....

අනේ....හ්...අග්...නීහ්...ඉන්න...තැනකින්....වරෙන්...කො....අග්...නීහ්.....

මං බිත්තිය අල්ලන් වමනෙ කර කරම අග්නිට අඩ ගැහුවා ....ඒත් අග්නි නෙවෙ ආවෙ....එයාගෙ නපුරු කමෙ තරම කියන්නෙ එයා නෙවෙ ආවෙ... ..

අග්නීහ්.....

මං ආයම කතා කෙරුවා ...ඒත් එයා නෙවෙ ආවෙ.....වැඩක් නෑ.....එයා ඔහොමයි .....මට මීට වඩා දෙයක් අග්නිගෙන් බලාපොරොත්තුවෙන් වෙන්න බැරි උනා....එයාගෙ තරහව සාදාරනයි කියලා හිත හදාගන්න හැදුවා උනත් වෙලාවෙ හැටියට අත් වාරුවක් ඕන උනත් එයා ආවෙ නැති වෙනකොට මට දුක හිතුනා ....

අග්නී....මට උඹෙන් කවදාවත් මිනිහෙක්ට ඕන කරන ආදරයක් බලාපොරොත්තු වෙන්න බැරිද අග්නී....

මං එච්චරයි ඇහුවෙ ...මං එච්චරයි කිව්වෙ . ....එතනින් එහාට වචනයක් වත් නොකියපු මං ආයම අමාරුවෙන් අමාරුවෙන් ඇවිදින් මෙට්ටෙට වැටිලා ඇස් පියා ගත්තා....මීට වඩා හොදයි මං මැරිලා ගියා නම් කියන්න කට පන නොතිබුනත් මං මගෙ හිතින් සිය දහස් වාරයක් මාව මැරුනා නම් හොදයි කිව්වා.....අවසානෙදි මොන දෙවියන්ට පින් සිද්ද වෙන්නද දන්නෙ නෑ අඩ හෝරාවක් ඇතුලත මගෙ ඇස් දෙක තදින්ම පියවෙලා යනවා එක්කම මුලු පපුවම හිස් වෙලා යන්න මටත් නොදැනි ලොකූ හුස්මක් පිට උනා.....

අප්පුච්චියේ...අග්ගියෙ....අප්පුච්චියා....

"කෝ.....ආ ගාන්ඩ ආ ගාන්ඩ ඉතින්...."

අග්ගි...යේ...

"ම්ම්ම්..."

අප්පුච්චියා...

"වන් ඉලයා.....කෝ..අප්පච්ච්ගෙ පැටියා කියන්න බල්න්න වන්...ඉලයා"

වම්...ඉනයා...

"යෝ.....ඉතින්....තාම දත් නෑනෙ....කෝ එන්ඩ අප්පච්චි ගාවට ඔය කොටබරියා බුදියෑව දෙන්....මගෙ පුතා එන්ඩ"

ම්ම්ම්...

අප්පුච්චියෙ...අග්ගියෝ...

"ඕ.....කෝ ආ ගාන්ඩ..."

අපානෙ....ම්හුක්...අපානෙ...අග්...ගියේ...අපානෙ...

"ආ...එපා කියලා කොහොමද ....අපේ යක්කුත් ගිලින්නෙ මේවා තමයි....කෝ...හොද පුතානෙ....ආ ගාන්ඩ...උඹලගෙ අප්පුච්චියා ඊයෙ උඹවයි මාවයි දාලා වැද්දියෙක් එක්ක යන්න ගියානෙ..."

ගියා...නෙ....කෝත....වැත්තියෙක්....

"කොහෙද ඉතින්....කියන්නෙ.....කැලේට තමයි..."

ම්ම්ම්...ඔව් නේ...කැනේත තමයි නේ....අප්පුච්චියේ...කැනේත...තමයිනෙ....

"ඔව්...දෙන්ඩ ඕනා ඔය කොට බරියට පුක පුපුරන්ඩ"

පුත...පුපුරන්ද...තොත බරියේ.....

"ඔව්...වන් ඉලයා...කෝ හොද ලමයා වගේ මේක කන්ඩකො.....අපිත් මෙව්වා කනවනෙ...මගෙ පුතත් දැන් යකෙක්නෙ....ඒක හන්දා කන්ඩ"

ම්ම්ම්...පුතත්....පුතෙක්...නේ.....

"පුතත් යකෙක්...යකෙක්..."

ම්ම්...නකෙක්...පුතත්....

වෙලාව කීයද කියන්න දන්නෙ නෑ...මට ඇහැරුනා....හැබැයි මං ඇස් ඇරියට මෙලෝ මගුලක් පෙනුන් නෑ...කරුවල කාමරේක ඔබලා වගෙ..අග්නි එක්ක මගෙ පුංචි එකා හරිහරියට කියවන සද්දෙ ඇරුනම ඇස් ඇරියත් මෙලෝ මලදානයක් නොපෙනුන මම උන ගතිය හන්දා තවත් ගුලිවෙන ගමන් අප්පච්චි ලා පුතාලගෙ කතාව අහන් උන්නා....අග්නියා කොල්ලට මොනවා හරි ගිල්ලනවා ...මොනවා ගිල්ලනවද කියන්න දන්නෙ නෑ මහ යකා උගන්නන ඔක්කෝම පොඩි යකත් අනිත් අතට කියවනකොට මං මාව යටකරලා තිබුන රෙදි ගොඩෙන් එලියට ආවා...

මගෙ දෙයියනෙ....

මට කතා කරගන්න බැරි උනා...අල්මාරියෙ පියන් දෙක නාය ගිහින් වගෙ ඇරලා දාලා තිබුනා අග්නියා මුලු අල්මාරියෙම තිබුන රෙදි අරන් මාව පොරවලා ....

මට දුක හිතුනා...බනින්න නෙවෙ මට දුකක් දැනුනා ...මට කියන්න ඕනා උනා අග්නි මේ ලෝකෙ තියන වටිනම සාලුවෙන් මාව පෙරෙව්වා උනත් මට උඹේ උනුසුම තරම් දෙයක් නෑ මගෙ අග්නී කියලා කියන්න ඕනා උනත් අග්නි හැසිරුනෙ මං මෙතන නැති විදිහට ..අග්නි හැසිරුනෙ මං කියන කෙනාව පේන්නෙ නැති විදිහට ....

අග්නී....

මං කතා කෙරුවා පුංචි එකා අග්නිගෙ උකුලෙ ඉදන් අත් දෙකෙම්ම අල්ලන්‍ රොටියක් එක්ක ඔට්ටු වෙවී උන්නා ....රොටි කොහෙන්ද ...??ඒක තමා එයා කිව්වෙ එයාලත් මේවා කනවා කියලා .....ඇත්ත....රොටි කියන්නෙ පුලුටු...බතක් උයන්න නොදන්න අග්නියා කොගෙන්ද රොටි ගෙනාවෙ?

අග්නී.....රොටී...කොහෙන්ද ....

මං හරි අමාරුවෙන් වචන ගැටගහගත්තා .....හිතනවද අග්නි උත්තර දුන්නා කියලා....නැතිනම් දෙයි කියලා .....?

නෑ...අග්නි ඇහුන් නෑ වගෙ උන්නා....එයා අඩුම ගානෙ රෙදි කන්ද මැදින් නැගිට්ට මා දිහාවත් නිකමට වත් බැලුවෙ නෑ....එයාගෙ අතේ උන්න කොලුවා නම් රොටි කෑල්ලක් හපන ගමන් එකගෙ ඇස් හීනි කරලා පොඩි උන්ටම ආවේනික උන බොරි හිනාවක් දැම්මා.....

අග්නී.....දැන් වත් ඔය තරහව නිවුන් නැද්ද මගෙ අග්නි...මම....වැරදි...මම...මම පිලිගන්නවා.....මට තිබුනා එතනින් යන්න...අනේ මම වැරදි මගෙ අග්නි...මට සමාවෙන්න...

" හ..හ්...වැරදි .....උඹ දන්නවලු ....උඹ දන්නවා නම් මොන මගුලටද වැරදි කෙරුවෙ කියපන්.....ආ??උඹලා දන්නෙ වැරදි කරලා සමාව ඉල්ලන්න...."

අනේ...අග්නී...

" අත ....අත.....ගනින් අහකට ..අල්ලන්නෙ නෑ ආ මාව....උඹ ඇල්ලුවොත් එහෙම කඩලා දානවා ඔය අත .....උඹ හිතුවද මමත් වැරද්දක් කරලා සමාව දෙන ජාතිය්‍ර් එකෙක් කියලා ....."

අග්නී ....උදෙ පාන්දරම මගෙ ඇස්වල කදුලු නාලිකා ආයමත් පෑදුනා .වේදනාවෙ දිය උල්පත් සක්‍රීය වෙනකොට මටත් නොදැනිම මගෙ ඇස් වලින් කදුලු වැටුනා...අග්නි...මගෙ ආදරනීයම අග්නි....මාව තුරුල් කරගන්න අග්නි ...මට පිස්සුවෙන් වගේ ආදරේ කරන අග්නි ....එකම එක වැරද්දක් හින්දා මාව පිටස්තරයෙක් ගානට දාලා තිබුනා.....එයා මට එයාව අල්ලන්න තියා අඩුම ගානෙ ලන් වෙන්න වත් ඉඩක් තිබ්බෙ නෑ...

අග්නී උඹට මාව ඒ තරමට එපා උනාශ අග්නි...උඹට ඒ තරමට මාව එපා උනාද???

මම හිතේ වේදනාව එලියට දැම්මා..උදේ පාන්දර කියලා නොබලා මමත් කෑ ගැහුවා ....එයා නෙවෙ මාව තඹේකට මායම් කෙරුවෙ ....එයා කෙරුවෙ ලමයගෙ කට පිහපු එක වතුර පොවපු එක....

අග්නීහ්හ්හ්.....

බැරිම තැන මම මගෙ අතට අහු උන රෙද්දකින් දමලා ගැහුවා.....

"මොකද...මොකක්ද දැන් උඹට වෙන්ඩ ඕනා කියපන්....??"

මොකක්ද වෙන්ඩ ඕනා කියන්නෙ...අයි අග්නි ඇයි අග්නි මට මෙහෙම කරන්නෙ...ඇයි දෙයියනේ මට මෙහෙම කරන්නෙ....ඇයි උඹ මට රිදවන්නෙ.....ඇයි...උඹ මට රිදවන්නෙ මගෙ අග්නී....හ්...අනේ ඇයි .....

මම ඇඩුවා....එයාව අල්ලන්නත් තහනම් මම ඇඩුවා....

"මෙහෙම කරන්නෙ....උඹට මෙහෙම කරලා මදි....උඹ දන්නෙ නැද්ද.....රොඩියෙක් එනකොට ගෙවල්වල ගෑනුන්ව පවා හංගනවා කියලා...ආ...උඹලා දන්නෙ නැද්ද වැද්දෙක් මුනිච්චි උනාම ඇහැට කනට පේන උන් වහන් වෙනවා කියලා ...මට කියපිය බලන්ඩ තෝ ඔය කෝන් වල්ල ගිලලා පිස්සා වගේ එගෙ ගියා නම්..තොගෙ අම්මා ආපහු එනකන් මම ඉන්ඩ ඕනා නේද යකො...?"

අග්....

" වහපන් කට...එපා උඹ මගෙ නම වත් කියන්ඩ....උපන්දා ඉදලා හැදුනෙ මෙකෙ...තොට තොපෙ අම්මා කියල දීලා නැද්ද ....ආ...පරයො..."

එයා ලමයගෙ කන් දෙක අත් දෙකෙම්ම වැහුවා....තරහව කොයි තරම්ද කියනවා නම් අග්නිව වෙව්ලනකොට මම බිම බලාගත්තා...මට ඒ මූන දිහා වත් බලන්න හයියක් නැති උනා.....මම බිම බලාගම උන්නා...වැඩක් නැ...අග්නි මට එච්චර ලේසියකට සමාව දෙන එකක් නෑයි කියලා හිතෙනකොට මම කට පියාගන ඉදලා ආයම අග්නි දිහා බැලුවා එයා ලමයවත් වඩාගන නැගිට්ටා...නැගිටලා යන්න ගියා...

අග්නී....

දුකටම මගෙ ඇස් වලින් කදුලු වැටෙනකොට මම දනි පනි ගාගන නැගිටලා එයා මාව වැහෙන්න දාපු රෙදි ටික ආයම ගුලිකරලා ඇතුලට එබුවා....නමලා දානකොට අල්මාරියෙ ඉඩ ඇති උනත් ගුලි කරලා ගුලි කරල ඔබලා දානකොට අල්මාරියෙත් ඉඩ මදිවෙනකොට හිතේ වේදනාවෙන් උන්න මම ඒ වේදනාව අල්මාරියෙන් පිට කරන්න හදල එතනත් කදුලු පිරුනේ මගෙ ඇස්වලටම උනා....

ආව්හ්....අම්මේ...අනේ....හ්හ්...අම්....මාහ්...

මම කකුල අල්ලන් නැවුනා...තිබුන තරහට මම වහන වහන පාර ඇරුන අල්මාරි පියනට දඩාරියන් කුනුහර්ප දෙක තුනකුත් කියන ගමන් පයින් අනිනකොට උන අමරුවෙන් උන්න මාව පරඩැලක් වගෙ විසික් උනා...ඒ අස්සෙන් කකුලත් දෙදුරුම් කෑවා...

මගුලෙ වැඩ කරනවා මගුලෙ වැඩ....ඇයි යකො....ආදරේ නැත්තන් මොන පකටද මාව වැහුවෙ ...අල්ලන්ඩ එපා නම් ලබ්බටද බලාගන උන්නෙ ..ඊයේ රෑ ඉදන්...ඊයේ රෑ ඉදන් නේද මම සමාව ගන්නෙ...මට ...මට...මට...

දුක වැඩි කමට මම අනිත් පාර බනින්න ගත්තා...එයා නෙවෙ ආවෙ....කුනුහර්ප පල පලනකොට එයාට බනින මම කුනුහර්ප වමෑරුවා....ඒත් එයා නෙවෙ ආවෙ...

මම නැගිට්ටා...නැගිටලා හෙමින් හෙමින් එලියට ආවා....ඊයේ රෑ දාපු වමනෙ තලිය අතුරු දහන් වෙලා තිබුනා..හැබැයි සිනි ගදඉතිරි වෙලා තිබුනා.....

.අග්ගියේ....ම්ම්හු....ක්...පුතා...ත ...කෝ...පුතා ...ත..

"හරි...පුතාට මොනවද ...මගෙ පුතාට මොනවද ඕනේ.....ම්ම්ම්...අල තියනවා....ඒත් අල කන්ඩ උයන්ඩ එපැයිනෙ....ම්ම්ම්..කරවල සුවදකුත් එනවා...ඒත් ඉතින් පුතාට අග්ගියා වගේ අමුවෙන් කන්ඩත් බෑනෙ..."

මම හොරෙන් බලන් උන්නා...අග්නියා කොල්ලවත් වඩාගන ලිප් බොක්කට නැගලා....යක්කු ලිප් බොක්ක උඩ ඉදගන්නවා කියලා කතාවක් තිබ්බට මීට කලින් කවදාවත් නොදැකපු මම අද යක් පැටියෙක් එක්ක යකෙක් ලිප් බොක්කෙ ඉදන් දුමේ එල්ලලා තිබුන කරවල උරේට ඉව අල්ලන හැටි දැක්කා.....

අග්නී.....බඩ ගිනිද...මං..කරවල කෑල්ලක් පුලුටු කරන්න්ද .....

මම බැරි උනත් හිමින් හිමින් එතනට ගියා....ඒත් අග්නි නෙවෙ මාව ගනන් ගත්තෙ...එයා ලමයව වඩාගන ලිප් බොක්කෙ බිමට බැස්සා...අග්නියා කරවල උරේට ඉව අල්ලනකොට අරූ පුලුවන් තරම් දැලියි අගුරුයි නාලා...මහ එකාට වඩා අරූ යකා වෙලා...කොල්ලගෙ මූනෙන් එකයි දැලි...

අග්නි ඔය ලමයගෙ මූනෙ දැලි අග්නී.....

" ......"

අප්පුච්චියේ...මේ.....මේ.....අප්පුච්චියේ...මේ....හ්....ම්හුක්.....අප්පු....ච්චියේ.....

මම අග්න්නිට කතා කරනවා අග්නි මාව තඹේකට මායින් නොකර යනවා....කොල්ලා ගිරිය කඩාගන මට කතා කරනවා අග්නිගෙ සිහියෙන් උන්න මට ලමයව මගෑරෙනවා...අග්නි යන්නෙ කොහෙටද මමත් බැනුම්.අහන්න හරි ඒ පස්සෙන් යනවා.....අග්නිගෙ අතේ උන්න කොල්ලා මං කතා කරනකම්ම අප්පුච්චියෙ ගගා ඉදලා අවසානෙදි යටි ගිරියෙන් බෙරිහන් දුන්නා....

අප්පුච්චි....යේ.....මේ....මේහ්....අප්...පු.....ච්චියෙ.....වන්...ඉනයෝ....නකො....ම්හුක්....

නිඛිල්...වහපන් කට..උඹ අප්පච්චිට කතා කරන්නෙ ඔහොමද...

" එතකොට උඹ ලමයට කතා කරන්නෙ ඔහොමද?"

අග්නි...මේ ඉන්නෙ මගෙ දරුවා ..

" ඌට හුස්ම දුන්නෙ මම....."

අග්නී....

" ඇත්තද....මේ ඉන්නෙ උඹේ දරුවද....ම්ම්ම්..මේ ඉන්නෙඋඹගෙ දරුවද ආ....කතා කරපන් ඉතින්...මේ ඉන්නෙ උඹේ දරුවද... එතකොට මූ මගෙ නෙවෙද....ආ....මූ මගෙ නෙවෙද...හරි..ගනින් එහෙනම්...හැබැයි....මම උඹට දරුවව දෙනවා...මගෙ හුස්ම ආපිට උරවන් ...එතකොට උඹට හිතා ගන්න පුලුවන් නේ....උඹට ඉතුරු වෙන්නෙ මොකෙක්ද කියලානේ.....?? ආ ශිවන්.....ආ..."

අ....ග් ...

"........"

එයා ගියා....එයා ලමයවත් අරන් මාවත් හප්පන් යන්න ගියා.....නිකන් නෙවෙ මගෙ ඇගේ ලේ වතුර කරලා....මට කියන්න කියලා කිසිම වචනයක් ඉතිරි නොකරම...එයා කියපු කතාවට මගෙ සර්වාංගෙම ලේ වතුර වෙලා ගියා.....එයා කිව්වා ලමයව දෙන්නම් කියලා...හැබැයි හුස්ම ආපිට උරවන්...දෙවියන්ට ඉවසීම නැති උන තැන නොදරුවව දෙකට ඉරලා උඹට බාගයයි මට බාගයයි කිව්වා නම්...අග්නි.....දෙයියනේ...අග්නි .....

මම තත්පර ගානක් උන්නා....අග්නි උඹ මගෙන් පලි ගන්නවා...

කුස්සිය ඇතුලෙ උන්න මම ලිප් බොක්ක දිහා බලලා එන්න හැරෙනකොට මට පුංචි එකාගෙ හිනා සද්දෙ ඇහුනා...තව දුරටත් මාව ඒ දෙන්නට අයිති නෑ වගේ ...තව දුරටත් මට ඒදෙන්නගෙ සතුටට අයිතිවාසිකම් කියන්න බෑ වගේ.....

මං ආයමත් කාමරේට ගියා..... එයා ඉන්නවා මෙට්‍ටෙ උඩ...පුංචි එකාගෙ මුලු මූනම පිහිදලා ...කොල්ලව උඩ දානවා .....ඒ චුට්ටකින් ලමයව එයා නිදි කරවන්න ගත්තා ....මට ලෝභ හිතුනා...මටදුක හිතුනා....පුංචි එකා පපුව උඩ තියාගන පස්සට තට්ටු කරන කොට පුංචි එකා අනේ අපූරුවට නිදා ගත්තා ....මං එහෙම්ම බිත්තියට හේත්තු උනා.....මන් දන්නවා එයා තව ටිකකින් යන්න යාවි....එයා තව ටිකෙන් මගෙ ඇස්වලින් වහන් වේවී.....

අග්නී.....

මං ඇතුලට ගියා....මං ඉන්නෙ වේදනාවෙන් ....මන් ඉන්නෙ එයා මාව මගාරින වේදනාවෙන් ...එයා නින්ද ගියපු ලමයව මෙට්ටෙන් තියලා නැගිට්ටා ...

අගිනී.....යන්න එපා....ඔහොම නවතින්න අග්නී...

යන්න හදපු එයාව මං නවත්තගත්තා ...

"මට උඹත් එක්ක කතාවක් නෑ..."

එච්චරයි එච්චරම එච්චරයි .....ඒ වචන මුවහත ඕනවටත් වඩා තිබුන ඊතල වගේ....එයා යන්න ගියා....අග්නිගෙ දඩුවම මගෙ පපුවට බර වැඩී....

අග්නි යන්න ගියා...මගෙ පපුවම හිස් කරලා .....මං ඔහේ වැටිලා ඉදගත්තා ....පුංචි එකාගෙ මුලු මූනන එයා පිහිදලා තිබ්බා.....

වෙලාව යනවා...වෙද ගෙදරට මිනිස්සු එනවා යනවා ...ඒ අස්සෙන් චුට්ටන් ඒකා උදේට කන්න ඔතාගන ආව රොටිය හොරකම් කෙරුවෙ කව්ද අහ අහා නහින්ඩ හදනවා...

මගෙ රොටිය ගත්ත එකෙක්ගෙ...අම්මෙක්...අපෙක්...

ඒ...ඒ..චුට්ටන්.....

මං ඉක්මනට ජනෙල් කූරුවල එල්ලුනා....අර යක්ස අග්නියා හොරකම් කරලා තියෙන්නෙ මේකගෙ රොටිය....මූ මොකාද වගේ සාප කෙරුවොත් කොල්ලට බඩ යයි....

මගෙ රොටිය නෑනෙ...අප්පා....

ඉතින් යකො රොටියට ඔච්චර නහින්ඩ ඕනෙද ..උඹ දන්නෙ නැද්ද රොටී පුලුටු කියලා .....

පුලුටු උනා නැතා...ඒක මගෙ රොටියනෙ...මටමයි වෙන්නෙ ...ඊයෙ උදේ ඉදන් මගෙ මේ උරහිසක් කකියනවා ...දැන් රොටියත් නෑ....මගෙ හදහන ගෙනත් දෙන්නම්...පොඩ්ඩක් බලපන් සිවන් අයියෙ සෙනසුරු නීක වෙලා රාහු කිච වෙලා චුට්ටන් පච වෙලා ගිහින්වත්ද කියලා ....මට මෝල් ගහ උස්සන්ඩවත් පන නෑ අප්පා...

මං අහන් උන්නා ....ඒකගෙ අදෝනාව ...උගෙ වෙලාපත්කඩේ බලන්ඩලු...මුගෙ රොටිය නැති උන එකටත් දැන් වෙලා පත්කඩෙ බලන්ඩ ඕනද.....මං එහෙම්ම ලාච්චුව ඇරලා ඒකට රුපියල් පනහක් දුන්නා

.මූ ආසයි මැදට පැනිපොල් ඔබපු හැලප කන්ඩ....රොටිය නැතත් ඒකෙන් දෙකක්වත් කන්බෙ නැතැයි...

ඉදා මේක තියාගනින්....හැලපයක් කාලා ඉතුරු විසි පහ ඉතුරු කරගනින්...

මන් ඌදිහා බලලා ඇස් හීනි කර ගත්තා මූ රුපියල් පනහ දිගෑරලා කොලේට තට්ටුවක් දැම්මා..

උදේ ඉදන් අල්ල කැසුවෙ රුපියල් පනහක් හම්බෙන්ඩද.....තූ විතරක් ...

උඹ ඕක අරන් යනවද නැත්තන් ....

ඇට්ටරයා රුපියල් පනහත් අරන් උගෙ කොටු කොටු කලිසම් සාක්කුවෙ ඔබාගන යන්න යනකොට මං එහෙම්ම පෙනඩෝල් දෙකක් බීලා එලියට බැස්සා ...මට අග්නිව හොයා ගන්න ඕනා.....මාව මැරුවත් කමක් නෑ ඒ අත අල්ලගන අනේ අග්නී තවත් මට රිදවන්න එපා කියන්න ඕනා උනා...

අග්නී...හ්.

අනේ අග්නී.....

අග්නි....හ්....

අනේ මගෙ අග්නී...මට මහන්සී.....දේවාලෙන් ගොරකා කැලේටයි ..එතනින් ආය වෙරලු ගහ ගාවටයි බඩ ගාලා අනේ මට මහන්සී මගෙ අග්නී.....පින් ....අයිති වෙයි....අනෙ උඹ මෙහෙම පලිගන්ඩ එපා අග්නී.....

විශ්වාස කරන්න එලි බැහැපු එලි බැහිල්ල...හෝරා තුන හතරකුත් ගෙවුනත් මට අග්නිව හොයා ගන්ඩ බැරි උනා....කොල්ලට දවල්ට බිත්තර ගෙඩි දෙකක් එක්ක අල තම්බලා කවනකනුත් අග්නි ආවෙ නෑ...මට ලමයව කර පින්නන් ගොරකා කැලේට බඩ ගාන්න බැරි තැන මං අග්නිව හොය හොය වෙරලු ගහ වටේ ඇවිද්දා.....

චුට්‍ටන්ගෙ ලොක්කක්කා කඩේ ගිහින් එන ගමන් මගෙ ගාව උන්න කොල්ලව අරන් ගියායින් මං දහ වංගියකට වඩා ගොරකා කැලේට බඩ ගෑවා ....

මං මේ හැම දේම කරන්නෙ හොය හොය දුවන්නෙ ආදරේ හින්දනෙ මගෙ අග්නී ගගා මං ගොරකා කැලෙ මැද නහින්න හැදුවා ....ඒත්.....ඒත් අග්නි නෙවෙ ආවෙ.....

අග්නී....උඹ මාව අතෑරියද මගෙ අග්නී....

මම හති වැටුනා...ආදරෙ හන්දම මං හති වැටුනා ...

ඉර බහින්ඩත් ලගයි....ඊයෙ කතරගම ඉදබ් ආව එකා ආවෙ නෑ...ඌ ආව නම් මට තවත් ගින්නක්....මං ඔහෙ ගිහින් වෙරලු ගහ යට හිට ගත්තා...

වෙරලු ගහෙ මල් ඔහේ හැලිලා තිබුනා.....ගෙඩියක් ආවත් මං මගෙ ජීවිත කාලෙටම ඔය ගහෙන් එක ගෙඩියක් කාලා නෑ....අම්මා ගෙඩි හැදුන කාලෙට ඔය ගෙඩි තම්බනවා...වෙරලු තැම්බෙන සුවදට යක්කු එනවා හෝ ගාලා.....

උඹ මං දිහා බලන් දැක්කෙ නෑ වගේ ඉන්නවද මගෙ අග්නී .....

මං ආයම කතා කෙරුවා ....ඒත් නෑ....

හරි....උඹට ඕනා මාව නැති කරගන්නනෙ මාව පිස්සෙක් කරන්නනෙ...හරි අග්නි....හරි....උඹ මාව ගනන් නොගන්නෙ ඊයේ ඉදන් අග්නි....උඹ මාව ගනන් ඔගන්නෙ ඊයෙ ඉදන්...උඹ මට මේ වේදනාව දෙන්නෙ ඊයෙ ඉදන්...මගෙ කටේ කෙල නෑ අග්නි උඹට කතා කරලම...

මම ගහ යටට වෙලා ඉදන් කියෙව්වා ...කියවලා කියවලා ඇස්වලින් ආව කදුලු පිහ පිහම ගෙයින් එලි බහිනකොට ඉනේ ගහ ගත්තු වස් දන්ඩත් අරන් මං ගොරකා කැලේට දිව්වා ....

උඹ කරන්නෙ මාව නොමරා මරන එක....ඉතුන් ඊට නරකද.....ඊට නරකද අග්නී....

ගොරකා කැලේට දුවලා වස් දන්ඩ අතට අරන් හිතුවක්කාර කම් කර කර කැරකි කැරකි කෑ ගැහුවා ....එක ගහක් කොලක් වත් හෙලවුන් නෑ....

අග්නී...උඹට ඕනේ මේකනෙ....උඹට ඕනෙ මේ දේනෙ....හරි මගෙ අග්නි...උඹ අහන් ඉන්නවා නම් මං මේ කියන දේවල් අහගනින් මගෙ අග්නී....

අග්නී....මං උඹට බැදිලා ඉවරයි මගෙ අග්නී....අන් උඹට පිස්සෙක් වගේ ආදරේ කරන්න පටන් අරන් ඉවරයි අග්නී....උඹ මට මෙහෙම රිදවනකොට ...උඹ නැතිව හුස්මක් ගන්නත් අමාරුයි කියලා දැනෙන මට මැරෙන්න තරම් අග්නී....

මගෙ මැනිකෙ...පරිස්සමින් ....මගෙ ශිවන්...මං උඹට ආදරෙයිනෙ මගෙ මැනිකෙ....ඒ වචන කෝ.....ඒ ආදරේ කෝ මගෙ අග්නි....උඹ මට උඹව අල්ලන්න පවා තහනම් කෙරුවා...මං...මං...දන්නවා...මගෙ අතින් ...වැරදි උනා....අග්නී....අනේ අග්නී.....හ්...ඒ දේවල් එකක්.වත් හිතලා කරපුවා නෙවෙ.....

මං උඹ ගාව වැද වැටුනා...අග්නී මට මෙහෙම කරන්න එපාය කිව්වා ...ඒත්....ඒත් උඹ කෙරුවෙ දිගින් දිගටම මාව ප්‍රතික්ශේප කරපු එක....

උඹ දන්නවද ඒක වේදනයි.....ඒක දරන්න බැරි තරම් වේදනයි...

මං ඇඩුව....කෑ ගැහුවා....තනිකම දරා ගන්නම බැරි තැන මං හිතුවක්කාර කම් කරන්න හැදුවා. මං අග්නිට වහ වැටිලා....එක හුස්මක් කල්පයක් තරම් දිගයි කියලා හිතෙනකොට අග්නිව හොය හොය ගියපු මට අවසානෙදි සහලවලා උන ගත්තු එකේ උන විකාරෙට වගෙ ආවා .....

අනේ දෙයියනේ...ඒ තරමට මං අග්නිට ආදරෙයි....

අග්නී...

මං ආයම කතා කෙරුවා .....වස් දන්ඩ පිම්බොතින් වෙන්නෙ මාව මෝහිනිට අහු වෙන එක....පිඹින්න ගත්තම ඒකි එනවා ම්...ඒකි ඇවිදින් නටනවා.....නටන්න ගන්නෙ නවත්තන්න බලාගන නම් නෙවෙයි....ඒකිට ඇති වෙනකන් පිම්බෙ නැති උනොත්...මැරෙනවා ඇරෙන්න වෙන දෙයක් නෑ....එතනින් එහා කතාවක් ලියන්න තව තීන්ත ඕනෙ නෑ...

අග්නී...

මගෙ රත්තරන් අග්නී....උඹ අහන්ද ඉන්නෙ මගෙ...අග්...නී...

අග්නී....මනුස්සයෙක්ව ...මරන්න....ඇන කොටා...ගන්නම...ඕන නෑ අග්නී....මනුසායෙක්ව මරන්න පුලුවන් හොදම විදිහ මොකක්ද දන්නවද මගෙ අග්නී...පපුව පැලෙන්න තරම් ආදරේ දීලා...මගින් අතෑරපන්....එතනින් එහා ඌ ජීවත් වෙන්නෙ නෑ....හුස්ම වැටුනත්..... ඌ ඇතුලතින් මැරිලා අග්නී....

හරියටම මං වගේ ....උඹ මාව අතාරුන්න අතාරින්න මාව මැරි...මැරි යනවා ...උඹ මගෙන් හැංගෙන්න හැංගෙන්න...මට මාව නැති..වෙනවා ...

මගෙ අග්නී....මට මහන්සී....තවත් බෑ...මට...තව...හයියක් කියන දෙයක් ඉතුරු වෙලා නෑ මගෙ අග්නී...

මං...උඹට ..ආදරෙයි මගෙ...අග්නී....මං....උඹට නොසෑහෙන්න ආදරෙයි ....උඹට මාව ජීවත් කරන්න බැරි නම්....උඹ පලයන් ...උඹ....ආය....නොඑන්නම මාව දාලා....පලයන් ....මට මැරෙන්න දීපන් ...

උඹ නැතිව ජීවත් වෙනවට...වඩා ....හොද.....යි.....මැරිලා යන එක...

මං මගෙ කදුලු වලට කම්මුල් ඕන තරම් තෙමපන් කියලා අවසානෙදි මාව මැරිලා යන එක සැපයි කියලා වස් දන්ඩ කට ගාව අරගත්තා ....යක්කු ගස් නගිනවෙලේ මන් මෝහිනීව සමයන් කරවන්න හිතා ගත්තා ...

අග්නී....උඹ මාත්‍රාවක් .....නිකන් නෙවෙ...අධි මාත්‍රාවක් .....මං උඹට වහ,වැටුන පිස්සෙක් ...ටිකක් නෙවෙ ....ආදරේ හින්දා උමතු වෙච්ච එකෙක්.....උඹ මට හැම දාම කියනවා මැරෙන්න තරම් ආදරෙයි කියලා...ඔන්න එහෙනම් අහගනින් මගෙ අග්නී.....

මං ගොරකා ගස් දිහා බලාගන කෑ ගැහුවා ....

මගෙ අග්නී....උඹ මට මැරෙන්න් තරම් ආදරෙයි ....

මං උඹට මැරුනත්...ආදරෙයි...මගෙ....ආ....හ්....ව්.....භ්!"

"මැරුම් නොකා නවත්තපිය ඕක...!!!"

අ...ග්....

චටාස් .....!!!!

කායයියත අලුතෙන් කවර්ස් දෙකක් හම්බුනානෙ....ස්තූතියි නංගා ඔයාගෙ මහන්සියට

😴ජොබී නිදහාස් ..

💛මගෙ එකවුන්ට් එකේ සාමාන්‍ය පෙල කරලා ප්‍රතිපල ආව චූටි නංගිලා මල්ලිලා ඉන්නවා නම්... ...ඒ හැමෝටම මම හදවතිම්ම සුභ ප්‍රාර්තනා කරනවා ....ඒවගේම ඉස්සරහටත් හොදින් වැඩ කරගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ...

එහෙනම් ආයම කොටසකින් එන්නම්...

ජොබීත දොයිය මතක් හැදිලලූ.....😴😴😴

මේ දවස්වල මට එක අප්ඩේට් එකයි දෙන්න පුලුවන් වෙන්නෙ මගෙ යාලුවා බලාගන්න ආච්චි අම්මට අසාද්‍යයි ගොඩක්....ඉතින්....එයාට මට උදව් කරන්න වෙනවා රැයක් දවාලක් නැතිව.... ජොබිය මහ පාන්දරත් වෙව්ල වෙව්ල එහා මෙහා දුවනවා ....405බස් එකේ යන රීඩක ජොබියා දන්නවා ඇති මේ දවස් වල එලියට බැස්සම තියන සනීපෙ.....🥺🥺🥺.....(ඉතින් හිතපල්ලකො...යක්කු ගහන කතා ලියලා මුව කාවයියා රෑට පාරෙ දුවන දිවිලි ගැන....😂😂 තුන්මන් හන්දියෙදි කුනු හප්ප විමානයයි😂😂)

ජැන් ඔය ලමයිනුත් බුජියන්ඩ....ජොබිත් බුජි....

චුක්....

චුක්..

චුක්

..

Ferdeesha ❤️💚😘 .

More Chapters