Ficool

Chapter 47 - මුක්කාලා මුකාපලා

"මගේ කුක්කු!" රෙශඛ්‍ය මගේ පපුව මිරික මිරික කියනකොට හරි හුරතල් මන් කම්මුල් අල්ලලා දෙපැත්තට ඇදලා මිරිකුවම හැමදාම වගේ රතු පාටට ඇඟිලි පාර හිටියා සුදු කම්මුල් වල. 

"මාසයක් මේවා නැතුව ඉන්න එපැයි!" කියලා ආයේ මූන පපුව අස්සේ ඔබාගෙන කිව්වම මන් එයාගේ කෙස් අස්සෙන් ඇඟිලි ගෙනිච්චා. 

"මාසයයි නේ බබා. ඒක ඉක්මනට යයි" 

"මට පෙන්නනවද එහෙනම් මුක්කාලයි මුකාපලයි හැමදාම?" රෙශඛ්‍ය මගේ මූන දිහා බලන් බලු පැටි ඇස් වලින් බැලුවා. ඒත්,

"මොකා?" මන් ඉස්සිලා ඇහුවම,

රෙශඛ්‍ය මගේ දකුණු පුඩුවට ඇඟිල්ල තියලා, 

"මේ ඉන්නේ මුක්කාලා."

ඒ ගමන වම් එකටත් ඇඟිල්ල තියලා

"මේ ඉන්නේ මුකාපලා" 

"මට බෑ අම්මේ!!!!" මන් රෙශඛ්‍යව එහාට තල්ලු කරලා බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා. මගේ ඇස් වලින් කඳුලු බේරෙනවා. 

ඒත් රෙශඛ්‍ය,

"මුක්කාලා මුකාපලා, ලේයිලා ඕහ් ලේයිලා" කිය කිය සීට් එක උඩ දබර ඇඟිලි දෙක උඩට කරන් බොලිවුඩ් නැටුමක් දානවා. 

"කවුද එතකොට ලේයිලා?" මන් බඩ අල්ලන් හුස්ම ඇද ඇද අහද්දි,

"මේ ඉන්නේ" කියලා මගේ කලිසම මැද්දට අත තිබ්බම,

"උඹට නම් තියෙන්නේ එසේ මෙසේ බ්‍රේන් ඩැමේජ් එකක් නෙමෙයි රෙශඛ්‍ය!" 

"සුදුමහත්තයා, මල්ලි එංගලන්තෙට යන්න කලියෙන් ආත්තම්මව මුලිච්චි වෙන එක හොඳා. එකගමනම හිරයක් ගැන දොඩන්න බෑ නොවෑ" 

"ඒත් තාත්තේ මල්ලිට වෙලාවක් තියෙයිද දන්නේ නෑ. අද මන් කියලා බලන්නම්" ශොපින් යන්න ලෑස්ති වෙලා තුර්ශයි, රෙශඛ්‍යයි, සුදු නංගී මාව ගන්න එනකන් මන් රෙක්ස් එක්ක සාලෙට වෙලා හිටියේ. තාත්තා කියන කතාවත් ඇත්ත. අම්ම පවුලේ එකම දරුවා නිසා අපිට ඒ පැත්තේ ළඟ නෑයෝ ඇත්තෙම නෑ. අම්මගේ තාත්තා නැති වෙලා තියෙන්නේ අම්මා පුංචි කාලෙමයි. ආච්චි නම් මන් පහේ පන්තියෙදි නැති වුනා. ඉතින් ඉතුරු වෙලා ඉන්නේ හක්මන තාත්‍තගේ නෑයෝ විතරයි. 

"ඒත් තාත්තේ මේ සම්බන්ධයට එයාලා සතුටු වෙන එකක් නෑ"

"එව්වා ඇහැක් විදියට මන් පැහැදිලි කොරලා තියෙන්නේ. සතුටු අසතුටු එක එයැයි බලා ගනී. ඔහෙලා ඔහෙලාගේ යුතුකම ඉස්ඨ කොරන්ට"

රෙශඛ්‍යගේ සුදු ප්‍රාඩෝ එක ඇවිත් වත්තට දැම්මම මන් තාත්තටයි අම්මටයි වැන්දා. 

"සුදුමහත්තයා මෙන්න මේකත් තියාගනින්" කියලා තාත්තා මගේ අතේ රු.20,000ක් තිබ්බාම මන් පුදුම වුනා.

"සේරම වජිරලානේ බැලුවේ. අපිත් ඇහැක් විදිහට කොරගන්න එපැයි."

"Thank you තාත්තේ" රෙශඛ්‍යයි එයාගේ අම්මයි තාත්තයි මගේ වියදම් බලන එක ගැන වරදකාරී හැඟීම් එන එක රෙශඛ්‍ය මගේ හිතෙන් නැත්තටම නැති කරලා තිබ්බත්, මේ විදිහට හරි මගේ අම්මයි තාත්තයි මට උදව් කරන එක හැම අතින්ම මට අගෙයි.

රෙශඛ්‍ය බැහැලා ඇවිත් වාහනේ දොර ඇරියම ඇතුලේ එකම කාල ගෝට්ටියයි. යකෝ පවුලම ඇවිත් නේද?

"සවේන් අයියේ!!! ඔයාගේ නුවී නංගි ආවා!" මන් හිනා වෙලා පැසෙන්ජර් සීට් එකෙන් ඉඳගත්තා. 

"සවේ! බලහන් උඹ නගිනවා කියලා අර කොතලහිඹුටු අණ්ඩපාල ගංකබරයා මට ඉස්සරහා සීට් එකේ ඉඳගන්න දුන්නේ නෑ! මෙව්වා සහගහන අපරාද!" තුර්ශ මගේ සීට් එකේ හෙඩ් රෙස්ට් එකේ එල්ලිලා කියනකොට රෙශඛ්‍ය එහා පැත්තෙන් නැගලා ශේඩ්ස් දෙකත් දාගෙන වාහනේ රිවර්ස් කරලා පාරට දැම්මා. කෝ මට අවදානේ? අවදානය ඕනා!

"බබා!" 

"හ්ම්?" මගේ දිහා බැලුවම මන් ඉස්සිලා එයාගේ තොල් වලින් හාද්දක් තිබ්බා.

"මන් මේ භූමියෙන් ඉවත් වෙනවා!" සුදු නංගි ඇස් දෙක වහන් කිව්වම මන් එයා දිහා බලලා දිව එලියට දාලා ඇද කරා.

"තෝ නම් මහ අවධාන ගණිකාවක් සවේ!" 

"ලොකූ!" රෙශඛ්‍ය කෑ ගැහුවම,

"සොරි සොරි. අවධාන උපාසක මාතාවක්" 

"ලිනුක මගේ කොණ්ඩේ උඩ ඉඳන් ඉන්නේ තවුසේ!"

"අනේ සුදු අක්කේ ඕක කපහන්කෝ!" 

"කපනවා මන් උඹේ ඇට දෙක!" 

One Galleface එකේ ශොපින් මෝල් අස්සේ අපි වින්ටර් වෙයාර් තෝරනවා. 

"මේක බලන්න සුදයියේ. මේක Burberry winter coat එකක්. මේක ලස්සනයි" රෙශඛ්‍ය මගේ ඇඟට තියලා බේජ් පාට වින්ටර් කෝට් එකේ ලස්සන බැලුවා. 

"ඔයාට ලස්සන නම් අපි ඒක ගමු බබා." 

"ම්ම්ම්, තවුසේ කැමතිද කියනවකෝ!" 

"මන් කැමතී"

"සවේන් අයියේ මෙන්න ඕකෙම මෆ්ලර් එක!" සෙනූ දුවන් ඇවිත් නිල්, රතු කොටු වැටුනු බේජ් මෆ්ලර් එක මගේ කරේ දැම්මා.

"මෙන්න බූට්ස්!" නුවී බූට්ස් දෙකක් අරන් ඇවිත් තිබ්බම රෙශඛ්‍ය මාව ඉන්දවලා බූට්ස් කකුලට දාලා සයිස් එක හරිද බැලුවා.

"ඒක ෆිට්ද සවේන් අයියේ?"

"ඔව් නුවී ඒක හරි" 

"එල"

"මේ ඔයාලට ග්ලව්ස් ඕනද?" විනුක එහා කොනේ ඉඳන් ග්ලව්ස් දෙකක් උස්සන් කෑ ගහනකොට අපි ගත්තු ඒවත් අරන් ඒ පැත්තට ගියා. 

ඉතින් බූට්ස්, ජැකට්ස්, ස්කාෆ්, මෆ්ලර්ස්, ගල්ව්ස් එකී මෙකී නොකී දේවල් අරන්, මට අලුතෙන්ම රෝස පාට ලගේජ් එකකුත් අරන් දුන්නේ තුර්ශ. ඒක මහප්පගෙන් ලු. 

"හැබැයි මන් නම් කියන්නේ අපිට සුදු චම්මවයි, අපේ අම්මවයි නිකමට හරි අරන් එන්න තිබ්බා" තුර්ශ කිව්වම රෙශඛ්‍ය,

"අම්මෝ!!!!! ඊට වඩා සැපයි..."

"අන්නාසි වත්තක කලිසම උනා දාලා දුවනවා" තුර්ශ කිව්වම මායි සුදු නංගී මූන දෙක කරගත්තා.

"බඩගිණී!!!!" රෙශඛ්‍ය පේ කරලා ඉවර වුන ගමන් කිව්වම සේරමල්ලා ෆුඩ් කෝට් යන් කියලා.

Popeyes එකෙන් කෑම අරන් හැමෝම ඉඳගෙන කනකොට මට තාත්තා කියපු දේ මතක් වුනා.

"රෙශඛ්‍ය තාත්තා කිව්වා අපිට ගමේ ගිහින් ආත්තම්මා බලලා එන්න බැරිද කියලා ඔයා යන්න කලින්." මන් රෙශඛ්‍ය දික් කරන් හිටපු චිකන් කකුලෙක් කෑල්ලක් කඩා ගත්තා. 

"ම්ම්ම්, යනවනම් හෙට අනිද්දම යන්න වෙයි මැණිකේ" 

"ඒක තමයි. හෙට යන්න පුලුවන්ද?"

"තවුසේ කියනවනම් දැන් වුනත් මන් උඹව හක්මන අරන් යන්නම් සුදයියේ" කියලා ඇහැක් ගැහුවා

"රෙශඛ්‍ය! විහිලු නෙමෙයි අනේ!" 

"හරි හරි යමු. ඔහොම ඉන්න. කවුද හෙට හක්මන යන්න එන්නේ?" රෙශඛ්‍ය එහා මේසෙටත් ඇහෙන්න කෑ ගැහුවම සේරමල්ලා අත ඉස්සුවා. 

"ඔක්කොම යනවද?" මන් ඇස් දෙක එලියේ තියන් ඇහුවම,

"එපාද?"

"නෑ!!! සුපිරී!!!" මන් ඉපිලිලා ඉන්නේ දැන්.

"එහාට පලයං උඹේ අලි පුප ගනින් ලිනූ!" 

"මන් ගැට්ටෙන් හිටියේ නුවී අක්කේ!" 

"පොච්චියෝ!!! ඔය නූඩලස් එකයි, කටිලිස් ටිකයි හලාගන්නවා නෙමේ ඕකේ ඇතුලේ නටලා!"

"හරි හරි ආච්චි අම්මේ"

"මේ පරිස්සමෙන් drive කරන්න ලොකුබබා. මංජුට එහෙම දෙන්න එපා වාහනේ. ඉන් පස්සේ පොලිසියෙන් ඇල්ලුවම අපි නෑ එහේ බේරන්න!" 

"හරි තාත්තේ"

"බාල්දි, බාල්දි ස්ට්‍රෙස්ස්ස්ස්ස්ස්!!" රෙශඛ්‍ය අත් දෙක ඔලුව උඩ තියාගත්තා.

නමෝ විත්තියෙන් මයුරවංස පොඩි එවුන් එක්ක මේ ගමේ යන්නේ. ඇතුලේ නම් කන් දෙකට නිවනක් නෑ. පිස්සන් කොටුවේ ඇම්බියුලන්ස් එකක් වගේ. තුර්ශ ඩරයිව් කරන නිසා මමයි රෙශඛ්‍යයි වෑන් එකේ පිටිපස්සෙම සීට් එකේ. 

"හොඳ වෙලාවට සමන්ත අංකල්ගේ වෑන් එක තිබ්බේ. නැත්තම් මංජු අයියගේ අලි පුප අපේ තියන වාහන අස්සට ඔබන්න බෑනේ" 

ඒ කියපු එකට ලිනුකගේ ඔලුවට පාරක් වැදුනා.

"මේවා ඇවිල්ලා රාජ පස්සවල්, නාට්‍යාංගණාවෝ පවා වශී වෙන" කියලා රෙශඛ්‍ය මගේ ඩිම්පල් එකට ඇන්නා.

"ඩෝසර් ඉල්ල ඉල්ල මැරෙන්න ගිය එකා නේද මේ නාට්‍යංගනාවකට වහ වැටිලා ඉන්නේ?" තුර්ශ ඉස්සරහා ඉඳන් පිටිපස්සට මැද ඇගිල්ල පෙන්නුවා.

"අනේ ඩෝසරයා.....ක්!" සුදු නංගි කෑ ගහලා නාට්‍යානුසාරයෙන් අඬන්න ගත්තම,

"ඒ මොකක්ද ඒ කතාව?" 

"ආ සවේන් අයියා දන්නේ නෑ නේ. ඔයාගේ වෙන්න මහත්තය හිච්චි කාලේ ඌට සෙල්ලම් ඩෝසර් වලින් තිර ලොවක් නෑ. එක පාරක් කතරගම යන්න වෑන් එකට නැග්ගා. ගෙදරින් යනකොට අනේ මට ඩෝසරයක්... කතරගමට යනකොටත් අනේ මට ඩෝසරයක්" ඒ සුදු නංගි.

"සුදු මාමා කොයි තරම් ට්‍රෝමා එකක හිටියද කිව්වොත් එයාට හීනෙනුත් ඒක ඇහුනලු" තුර්ශත් එකතු කරා.

"අනේ මට ඩෝසරයක්... ඒක ආයේ කියලා පෙන්නන්නකෝ රෙශඛ්‍ය!" මන් අතික් කට වහන් හිනා වෙවී කිව්වම රෙශඛ්‍ය උහු උහු ගගා අඬන්න අරන් මගේ උරහිසේ ඔලුව ගහගෙන,

"අනේ මට සවේන්.... අනේ මට සවේන්..... අනේ මට සවේන්....."

"ආත්තම්මේ.... ඔන්න අපි ආවා!"

"අනේ සුදුමහත්තය බරටම යාලුවෝ ඇන්න ඇවිල්ලා!" ආත්තම්මා ගෙට ගොඩ වෙන හැම එකාගෙම මූන අල්ල අල්ල කිව්වම මන් රෙශඛ්‍යව ආත්තම්මා ඉස්සරහට අරන් යනකොට බාප්පයි, පුංචි අම්මයිත් ආවා. 

"ආත්තම්මේ, බාප්පේ, පුංචි අම්මේ, මේ ඉන්මේ සයෝද් රෙශඛ්‍ය ඩි සේරම්. මන් කසාද බඳින්න ඉන්න මල්ලි. එතකොට මේ අනික් අය එයාගේ අයියයි, නංගිලා මල්ලිලයි" 

එයාලගේ මූණු වල තිබ්බ හිනාව අතුරුදන් වුනා. මන් ඒත් හිනා වීගෙනම ඉන්නකොට පිටිපස්සෙන් කසු කුසුව වැඩි වුනා. 

"ආත්තම්මේ...කොහොමද හොඳින් ඉන්නවද?" රෙශඛ්‍ය ආත්තම්මාගේ ඔලුව අත ගෑවා

"අපි දන්නවා මේක අමුතු දෙයක් කියලා. ඒත් මන් සවේන් අයියට ආදරෙයි. එයත් මට ආදරෙයි. අපේ ලොකූ, ඒ කියන්නේ මෙන්න මෙයා," කියලා රෙශඛ්‍ය තුර්ශව ඇදලා ගත්තා. "කියන්නේ මේ ලෝකේ අසම්මතයි කියලා ආදරයක් නෑ. ආදරය කියන්නේ ආදරයට. "ආදරේ" නම් ඒක කොහෙත් "සම්මතයි" කියලා

ඉතින් ආත්තම්මේ, බාප්පේ, පුංචි අම්මේ, අපිටත් ඉන්නවා ලොකු පවුලක්. මන් හිතන්නේ අපේ ආච්චි අම්මත්, ආත්තම්මා තරම්ම වයසයි. ඉතින් ඒ හැමෝම අපේ ආදරය පිළිඅරන් අපිට ආශිර්වාද කරා. මන් ආසයි මන් බඳින්න ඉන්න කෙනාගේ එකම පවුල හැටියට ඔයාලත් අපිට ආශිර්වාද කරලා එයාගේ හිතේ තියන අවුල ලෙහයි කියලා. මොකද තමන්ගේ පවුලේ ආශිර්වාදය නැති වුනොත් හැම වෙලේම එයා 'අනේ මගේ පවුලත් රෙශඛ්‍යගේ වගේම අපි ගැන හිතුවනම්' කියලා හිතනවා කියලා මන් දන්නවා. ඒ නිසා අපිව පිළිගන්න ආත්තම්මේ" 

"අනේ පුතේ! අපේ ඔහෙලා ගැන ඩික්ගක්වත් අකමැත්තක් නෑ පුතේ, අපටත් මේ සනුහරේම නොවිච්ච ජාතියේ හිරයක් නිසයි බැලුවේ" 

ආත්තම්මා හිනා වුනාම, මගේ හිතේ තිබ්බ බර නිදහස් වුනා. හැමෝම බෑග් එතනම අත ඇරලා වත්තට දිව්වේ වත්ත පුරා තියන පළතුරු ගස් දැකලා පිස්සු හැදිලා. 

මතු සම්බන්ධයි....

More Chapters