"බබා?" නිදිමතේ phone එක answer කරේ. රෙශඛ්‍ය නෙමෙයි නම් ගන්නෙම නෑ. ආ තුර්ශ නම් ඒත් ගන්නවා ඉතින්. මස්සිනා එකනේ.
"සුදයියේ...."
"මොකද මේ උදේ පාන්දර හුරතලයක් හැදිලා?"
"ඔයාගේ චූටි කුක්කු බබාගේ රිසල්ට්ස් ඇවිල්ලා"
"මොකා???!!!" මන් ඇඳ උඩ ඉන්දැවුන පාර රෙක්ස් උඩ ගියා
"ම්ම්ම් ඔව්!"
"ඉතින් කියනවකෝ අගේ කරන්නේ!"
"One A+ and 2 As"
"සිරාවට?!" මගේ නිදි මතත් ගියා.
"ඔව්!"
"මන් තවුසෙට පාඩම් කරන්න කිය කිය කෑ ගහපු නිසා තමයි. නැත්‍තම් ඕන වෙලාවක වාහනයක් ගලෝගෙන ඒකේ එල්ලිලා ඉන්න එකනේ ඔයා කරන්නේ!"
"මොනාද? මම විභාගේ ලිව්වේ සුදයියේ!"
"හරි ඔයා විභාගේ ලිව්වට මම නේ ඔයාගේ ශක්තිය, දෛර්‍යය, මෝටිවේසන් එක..."
"ඔව් ඔව් උඹ තමයි මගේ හදවත, වකුගඩුව, පෙනහල්ල, උණ්ඩුකපුච්චේེ..."
"රෙශඛ්‍ය!"
"මන් යනවා!"
"කොහෙද යන්නේ?" ඔය තියලත් ඉවරයි. මහ මොකෙක්ද මන්දා!
වෙලාවත් තියන එකේ තව ටිකක් නිදා ගන්න ඕනා. හවස පිරිවෙනට යන්නත් තියනවනේ. ඇඟිල්ලත් රිදෙනවා. මන් කකුලේ මාපට ඇඟිල්ල ටිකක් අත ගාලා ආයේ රෙද්ද පොරවන් නිදාගත්තා. අනේ රෙශඛ්‍ය! මගේ චූටි කුක්කු බබා... එයා කුක්කු බොනකොට තමයි ආසම....ම්ම්ම්ම් කුචි කුචි! රෙද්ද උස්සලා බැලුවා
"අප්පා! නැග්ග නෙද?"
"සුදුමහත්තයා තේ බොන්න!!!" දෙවෙනි පාරටත් නැගිටිනකොට උදේ නමයත් වෙලා. මට පාන්දර මග ඇහැරිලා ආයේ නිදාගත්තොත් කට කපලා නින්ද යනවා. රෙක්ස් නම් කලින් ඇහැරුන පාරම අම්මව හොයාගෙන ගියා. මන් නැගිටලා හිරි ඇරලා, ඔලුවත් කස කස, පපුවත් කස කස එලියට යනකොට තමයි මතක් වුනේ!
"Results!!! තාත්තේ රෙශඛ්‍යගේ results ඇවිත්! A+ එකයි, A දෙකයි!"
"අනේ ඔය ඇත්තමද පුතේ?" අම්මා පොල්කටු හැන්දත් උස්සන් සාලෙට දුවන් එනකොට රෙක්ස් ටත් තේරිලා වගේ නැට්ට අල්ලගන්න වටේ කැරකෙනවා.
"අපේ පුත්තු දෙන්නම දස්සයෝ නිමාලි!"
"ඒක නේන්නම් සාගර! ගන්න ඕනා නුවනිට කෝල් එකක් උයලා ඉවර වෙලා"
"ඔයා ගත්තම මටත් දෙන්න" තාත්තා පත්තරෙයි කණ්නාඩියයි අරන් එලියට බැස්සා
"මේ සැරේ ලේසි වෙන්නේ නෑ! ඇමතිලාට දීපු වාහන ඔක්කොම හොයනවලු!"
මන් කුස්සියට ගිහින් තේ එකත් අරන් ඇවිත් tv එක දාගෙන සාලෙන් ඉඳගත්තම රෙක්ස් ඇවිත් බිස්කට් ඉල්ලනවා.
"ක්‍රීම් ක්‍රැකර් ඉවරයි කොම්ලෝ. අදට නයිස් කාපන්"
කියලා නයිස් එකක් බිමට දැම්මම මූ ඒකේ සීනි ටික ලෙවකාලා ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්නවා.
"මොකෝ උඹ? ඔය ඇස් නම් දාන්න එපා." රෙශඛ්‍යවමයි මතක් වෙන්නේ මට.
'බෘම්ම්ම්ම්ම්, බෘම්ම්ම්ම්' මාව උඩ ගියා. තේ එකත් ටීපෝ එක උඩ තියලා එලියට දුවන් යනකොට කලු පාට ඩුකාටි දෙකක් මිදුලේ. කලු ලෙදර් සූට් ඇඳලා ෆුල් ෆේස් හෙල්මට් දාගෙන දෙන්නෙක් බහිනකොට අපේ තාත්තාට බංකුවෙනුත් නැගිට්ටුනා. දෙන්නා බයික් වලින් බැස්සේ රිතික් රොසානුයි, අභිසේක් බච්චනුයි වගේ. මට හිනත් යනවා.
රෙශඛ්‍ය හෙල්මට් එක ගලවලා අතින් කොන්ඩේ අවුල් කරගන්නකොට හත්තුකේ.... මට ඔක්කොම පේන්නේ ස්ලෝ මෝශන්. යකෝ එතකොට මේකද අර තුර්ශ තාන්‍ය අයියව ඉස්සෙල්ලාම දැක්කම උනයි කියපු එක? නිකන් ගොන් කතාවක් වගේ ඇහුනට බලන් යද්දි එහෙම එව්වත් ඇත්තට වෙනවානේ! එකම දේ මන් සීන් එකට එන්ටර් වෙලා තියෙන්නේ ලේට් වෙලා. ප්‍රථම දැක්මෙන්ම ආදරය ඇති වෙන්න ඕනා කියලා එකක් නෑනේ! විකාර! තුර්ශටයි, චූටි මාමටයි දෙන්නටම විකාර 'love at first sight' යැයි යැයි තමයි. මේ වෙනවා වගේ 'love at 26836th time' වෙන්නත් පුලුවන්. ඇත්තටම මට රෙශඛ්‍යට ආදරේ හිතුනේ මොන වෙලාවෙද?
රෙශඛ්‍ය මට ඇහැක් ගහලා තාත්තා දිහා බලලා
"පෙරේරා මාමේ පුතේ දෙනවද?" කිව්වම අපේ තාත්තා පපුව අල්ලන් බංකුවටම වැටුනා.
"රෙශඛ්‍ය පුතා! මන් හිතුවා පාතාලෙන් කියලා. හත්තුකේ මගේ පපුව!"
"රෙශඛ්‍ය! ඔයාට නම් හොඳටම පිස්සු!" මන් ඉස්සරහට ගියාම පැනපු ගමන් මාව එක අතට මාව වඩාගෙන කැරකවනකොට මන් එයාගේ ජැකට් එක අත් දෙකටම මිට මොලවගත්තේ වැටෙයි කියලා බයේ.
"තාත්තේ.... මගේ රිසල්ට්ස් අවුට් වුනා. මන් ලොකු අයියා එක්ක ඔක්ස්ෆෝඩ් ඇප්ලයි කරනවා. සුදයියාව මට ඕනේ. මන් ඒයාව අරන් යන්නද?"
"රෙශඛ්‍ය!" මූට පිස්සුද? ඔහොම මූනට අහනවද?
"ඉස්සෙල්ලා මගේ කොල්ලා බිමින් තියලා හිටපන්!" තාත්තා ඉස්සිලා රෙශඛ්‍යගේ ඔලුව පිටිපස්සට ගැහුවම රෙශඛ්‍ය මාව බිමින් තියලා ඔලුව අත ගාගන්නකොට තුර්ශයි මායි ඌට හිනා වුනා.
"රෙශඛ්‍ය පුතා, තුර්ශ පුතා ඇතුල එන්න" අම්මා හිනා වෙවී කිව්වම අපි ඔක්කොමලා ඇතුලට ගිහින් ඉඳගත්තා.
"දැන් කියන්නකෝ. මොකක්ද සැලසුම?"
"මේකයි තාත්තේ, මන් Saïd Business School එකට ඇප්ලයි කරනවා. Oxford වල. ලොකූ Oxford language department apply කරනවා. සුදු නංගි Royal Ballet School එකට apply කරනවා"
"හරි බොහොම හොඳයි. එතකොට දැන් ඔය ඈයොන්ට මොකද වෙන්නේ?" තාත්තා මටයි රෙශඛ්‍යටයි ඇඟිල්ල දික් කරලා පෙන්නලා ඇහුවම මට බයත් හිතුනා.
"තාත්තේ වැල් වටාරම් අනවශ්‍යයි. මන් කියන්න තියෙන දේ කෙලින් කියනවා. කමක් නෑ නේ?"
"කමක් නෑ. අපිත් කැමතී එහෙම. නැද්ද නිමාලි?"
"ඔව් පුතා. කියන්නකෝ"
"මේකයි අම්මේ, තාත්තේ, සුදයියාව මග මෙහෙ දාලා යන්න බෑ."
"ඇයි ඒ? අපි ඉන්නවනේ එයාව බලාගන්න!" තාත්තා දැඩිව කිව්වම මම කර්ට්න් එක අත්ට ගුලි කරගත්තම තුර්ශගේ අතත් කටට ගියා. ඒත් රෙශඛ්‍යගේ මූන තාත්තගේ තර්ම්ම දැඩී.
"මන් දන්නවා තාත්තා ඉන්නවා කියලා. ඒත් තාත්තා මට සුදයියා නැතුව ඉන්න බෑ. මට එයාව මෙහේ දාලා ගිහින් නිවි හැනහිල්ලේ ඉන්න බෑ. Long Distance relationships අපිට හරියන්නේ නෑ. තාත්තාට හැමවෙලේම සුදයියගේ පස්සෙන් ඉන්න බෑනේ. තාත්‍තා නොදන්නවා වුනාට දැන් ඉන්න අසහනකාරයෝ එක්ක එයාව පාරේ තනියම යවන්න බෑ"
"රෙශඛ්‍ය!"
"මොකක්ද ඒ කතාවේ තේරුම සුදුමහත්තයා?" තාත්තා මන් දිහා බැලුවම මට කන් දෙකෙන් දුම් දානවා.
"මේ.....අතීතයේ යම් යම් සිද්දීන් කීපයක් වුනා තාත්තේ ඒකයි" මන් දත් තිස් දෙක පෙන්නුවම තාත්තා රෙශඛ්‍ය දිහා බලලා
"මන් මෙව්වා මුකුත් දන්නේ නෑ නේ!"
"අහ් අංකල් දැනගන්න, ඔයාගේ බෑනා දැනගන්න ඉතුරු කරන්න එපැයි"
"තුර්ශ!"
"මොකෝ සවේ? අංකල් කලබල වෙන්න ඕන නෑ. දෙන්නෙක් බොරු දත් දාගෙන ඉන්නේ. එකෙක් ගේ මූන හරහා මැහුම් පාරක් තියනවා. වැඩි කේස් එකක් නෑ"
"තුර්ශ!!!" තාත්තගෙයි අම්මගෙයි ඇස් දෙක බිම. කටවල් ඇරිලා.
"අහ් ලොකූ දන්නේ නෑ නේ. එකෙක් ටික වෙලාවකට ගුවනේ හිටියේ. හැබැයි ඌ බේරුනේ සුදයියගේ යාලුවෙක් නිසා"
"දැන් උඹලා මට කියන්නේ සවේන් ව ගෑනු ළමයෙක් ගානට දාන්න කියලද?"
"තාත්තේ සවේන් අයියා ගෑනු ළමයෙක් නෙමෙයි. ඒත් එයා මන් වගේවත්, ලොකූ වගේවත් පිරිමි ළමයෙක් නෙමෙයි. ඒක තාත්තලාට වුනත් පේනවනේ. ඒ නිසා මට එයාව මෙහෙ තනියෙන් දාලා යන්න බෑ. මන් සවේන් අයියට ආදරේ කරන්න ගත්ත දවසේ ඉඳන් එයාව තනියෙන් කොහෙවත් යවලා නෑ. මට බැරි වුනත් මන් driver ව එවනවා. ඒ නිසා තාත්තා මට එයාව මෙහේ දාලා ගිහින් එහේ පාඩුවේ ඉන්න බෑ. අනික සවේන් අයියාට එහේ law කරන්න පුලුවන්. තව ටිකකින් තාත්තලා මෙහේ එයි. තාත්තලා කතා බහ කරලා හොඳ තීරණයකට එන්න"
"අන්න කියනකොටම එනවා!" අම්මා ඉස්සරහට යන ගමන් කිව්වම මාත් ඒ පැත්ත බැලුවම, කලු පාට Benz EQC එක වත්තට දැම්ම, රෙශඛ්‍යගේ අම්මයි, තාත්තයි, සයුලුයි වාහනෙන් බැස්සේ අතින් කටින් අරගෙන.
"නිමාලි අක්කේ! ඔන්න අපි ආවා. පණිවිඩ කාරයෝ කලින්ම ආවානේ"
"අනේ නුවනි නංගි මේ ළමයි මේ දැන් අපිට කිව්වේ ඔයාලා එනවා කියලා. එන්න එන්න ඇතුලට!"
"වජිර මල්ලි!"
"සාගර අයියේ! කොහොමද? හුඟ කාලෙකින් නේ. කොහෙද අනේ මේ රට වටේ යනවානේ. ගේ හරියක ඉන්නත් ආසයි. අද එන්නත් නිවාඩුවක් ගත්තේ මෙයාලගේ වැඩේ වැදගත් නේ ඊට වඩා නැදද? සවී කොහොමද?" තාත්තා ඇවිල්ලා මගේ ඔලුව අත ගෑවම මන් හිනා වුනා.
"ආපු එක ලොකු දෙයක් වජිර. මේ රෙශඛ්‍ය පුතා කියන ඒවට මගේ ඔලුව ගලේ ගැහුවා වාගේ"
"මංජු! මන් කිව්වා නේද අපි එන්න කලින් කිසි දෙයක් කතා කරන්න එපා කියලා?"
"නෑ නෑ කොල්ලගේ වැරැද්දක් නෑ. මමයි ඇහුවේ. කොල්ලගේ වයසට නෙමේ වගකීම" තාත්තා කිව්වම ඔක්කොම හිනා වුනා. රෙශඛ්‍ය ඔලුව කස කස මන් දිහා බලලා ලැජ්ජ වුනාම මන් දිව දික් කරා.
සේරමල්ලා ඉඳගත්තම අම්මා කූල් ඩ්‍රින්ක්ස් හදන්න ගියාම නුවනි අම්මත් කුස්සියට ගිහින් කූල් ඩ්‍රින්ක්ස් හදන් එනකන් කවුරුත් ආපු කාරණය ගැන කතා කරේ නැත්තේ රෙශඛ්‍යගේ තාත්තා ඒ කතාව කරන්න අම්මලා මෙතන ඉන්නම ඕනයි කියපු නිසා. රෙශඛ්‍යගේ ගෙදර එකක් තියෙන්නේ ගෘහ මූලිකයා තාත්තා වුනාට, හැමදේම අන්තිම තීරණය අම්මාගේ වීම. ඒක මයුරවංශ හැම ගෙදරකම වගේ මන් දැක්ක දෙයක්. තාත්තලා අම්මලා කියන දේට පිටින් යන්නේ නෑ. හැම දේකදිම එයාලවත් එකතු කරන් තමයි තීරණ ගැනෙන්නේ. ඒක එඩ්මන්ඩ් මයුරවංශගෙන් ආපු පුරුද්දක් කියලා තමයි රෙශඛ්‍ය මට කිව්වේ.
අම්මලාත් ආවම කතාව පටන් ගන්න කලින් රෙශඛ්‍යගේ තාත්තා මාව ළඟට කතා කරන් එයා ළඟින් ඉන්ද ගත්තා
"ඉතින් සාගර අයියේ මේකයි, අපේ පුතාගේ results අපි හිතුවටත් වඩා හොඳයි. ඒවගේමයි අපේ ලොකු බබාගෙයි සුදු දුවගෙත්. සවේන් පුතාගෙත් ඊට දෙවනි නෑනේ. වජිරගේ සියලු ව්‍යාපාර ඊළඟට බලාකියාගන්න ඕන අපේ සයෝද්."
"ඒක ඇත්ත සාගර අයියේ. මටත් දැන් මේවාට දුවලම එපා වෙලා තියෙන්නේ. මාත් බලන් ඉන්නේ මේවයෙන් නිදහස් වෙලා නුවනි එක්ක පොඩ්ඩක් නිවිහැනහිල්ලේ ඉන්න. මොකෝ අපි නාකි වුනත් හදවතින් තාම තරුණයිනේ?" කියලා තාත්තා නුවනි අම්මට ඇඟිල්ලෙන් ඇන්නම
"නාකි සමයං!"
"ඇත්ත ඇත්ත. මටත් මේ ඒකාකාරී ජීවිතේ එපා වෙලා වජිර මල්ලි. උදේම වරායට යනවා, කරවෙනවා, ගෙදර එනවා!" තාත්තා කිව්වම අම්මත් ඔලුව වැනුවා.
"ඒකනේන්නම් අයියේ. ඉතින් අපේ සයෝද්ට මට වඩා හොඳ අද්‍යාපනයක් දෙන්නයි අපේ බලාපොරොත්තුව. මේ තුන් දෙනාවම අපි ලන්ඩන් යවන්න තීරණය කරා. අපේ ළමයි ඉතින් කවදත් එකටනේ. අනික් එවුනුත් මුන්ටම එකතු වෙයි."
"ඇත්ත ඇත්ත එයාලා හරි එකමුතුයිනේ" අම්මා කිව්වම නුවනි අම්මා හිනා වුනා.
"මට රෙශඛ්‍ය පුතා කිව්වා වජිර මල්ලි. අපේ පුතාවත් එක්කන් යන්න ඕනෙයි කියන්නේ" තාත්තා කිව්වම
"ඔව් අයියේ. ඒකමයි අපි මේ තකහනියක් ආවේ. වැඩිහිටියෝ හැටියට අපේ යුතුකමනේ මේවා හරි විදිහට කරන එක නැද්ද නිමාලි අක්කේ?"
"ඒක හරි නුවනි නංගි."
"ඉතින් අයියලාගේ අදහස මොකක්ද මේ ගැන? අයියලාගේ අකමැත්තක් තියනවනම් අපි ඒ අදහසට ගරු කරණවා."
"තාත්තේ!?"
"මංජු! සවේන් අයියා ඔයාට අයිති නෑ. ඔයාට ඕන ඕන විදිහට ඒ ළමයව ගෙනියන්න බෑ. දෙමව්පියන්ගේ කැමැත්ත තමයි අන්තිම තීරණය!"
"නෑ නෑ වජිර අපේ අකමැත්තක් නෙමෙයි. අපිත් කැමතී මෙයාවත් රට යවලා උගන්වන්න. ඒත් මේ ප්‍රශ්නය ඉතින් හංගන්න ඕන නෑ වජිර. මන් රජයේ මාස් පඩි කාරයා..."
"අපෝ අපෝ!!! ඔය ගැන නම් කතා කරන්න අවශ්‍යම නෑ සාගර අයියේ. සවේන් කියන්නේ අපේ පුතෙක්. එයාගේ වියදම සේරම මමයි නුවනී බලාගන්නවා. අපි ආවේ ඔයාලගේ තීරණය අහන්න විතරයි!"
"අනේ වජිර මල්ලි!" අම්මාගේ ඇස් දෙකේ කඳුලු දැකලා නුවනි අම්මා ගිහින් අම්මව බදා ගත්තා.
"නිමාලි අක්කේ මන් මෙයාලගේ හඳහනවල් බැලෙව්වා. කිසිම දෝශයක් නෑ. එකම දේ මෙයාලට තව අවුරුදු හතරක් යනකන් කසාද බඳින්න එපයි කිව්වා. ඒක මේ පොඩි දෝශයක් අපේ සවීගේ හඳහනේ. ලොකු දෙයක් නෙමේ"
"ඒ කිව්වේ නුවනි නංගි?" අම්මා ඇහුවම
"මේ... හී හී" නුවනි අම්මා හිනා වෙනකොට රෙශඛ්‍යයි මමයිත් මූනට මූන බලාගත්තා
"මේ... දරුඵල වල ගැටලුවක්" කිව්ව ගමන් හැමෝම බක බක ගාල හිනා වෙනකොට තුර්ශ උඩ පැනලා මගේ උරිස්සට ගැහුව පාර මගේ උරිස්ස ලෙෆ්ට් උනා.
මතු සම්බන්ධයි.....