Ficool

Chapter 40 - කුමාරයට අත තියන්න එපා

සවේ උඹට හොඳටම වැඩී හුත්තෝ!"

"මොකක්ද? අඩෝ! තොට පුලුවන් නම් මට කොච්චර හික්! හික්! පුලුවන්ද? මෙතන?

සූකිරි බට්ටෝ තණකොල පෙත්තෝ

මගේ මිනිහාගේ පුක මගේ 

සුසානෝ!

රෙසඛ්‍ය!!!!!!"

"සුදයියේ උඹට හොඳටම වැඩී! හිටපං උඹව වඩාගන්න!" 

"‍බබා මොකෙක්ද එකෙක් මාව අල්ලන්න එනවා රෙශඛ්‍ය...!!!" කෝ මේ මිනිහා?

"කුමාරයට අත තියන්න එපා! කෝ මගේ මිනිහා? මේවා අල්ලලා තොපි රාජ උදහසට ලක් වුනාම මේ රාජකීය නාටිකාංගනාව නරක මිනිහා කියන්න එපා!" අත් දෙකෙන් වහගන්න ඕන මගේ රජතුමාට අයිති කුක්කු! දුජ්ජන දුෂ්ට විභජ්ජන කෝපා"

"මේ මන් උඹේ මිනිහා තමයි සුදයියේ බලපං!"

"භෝජරාජ සම තේජ භි රාමා

ත්‍යාජ කාම රණ භූෂණ සෝමා

වාජිත කුල ධෘති වන්තභි රාමා

නරේන්ද්‍ර සිහ නර නායක භූමා" 

"ආහ්!!!! බෙල්ල අත ඇරපන්!" ඇස් දෙක ඉස්සරහට නැවුනු වියරු වැටුනු මුහුණ....

"මංජු උඹට පිස්සුද?"

"පොඩ්ඩක් හිටපං ලොකූ!"

"එම්බල නාටිකාංගාවනි, මේ තොප ඉදිරියේ වැඩ සිටින්නේ තොපගේ රාජතුමයි! රාජ අණට යටත්ව තොප මේ දැන්ම රජු සමඟ යහන් ගැබට යා යුතුයි!" 

"එ....ස්සේය! හු...ස්ම" යන්තන් බෙල්ල අත ඇරුනම හුස්ම ටිකක් අල්ල්ගත්තේ වෙරිත් බැස්සා.

"රජතුමණි...."

"කටවහං වරෙන් සුදයියේ"

"මෙන්න මන් උඩින් යනෝ!!!"

"සවේන්!"

"තුර්ශ මගේ පන! උඹ බය වෙන්න එපා. තාන්‍යට නටන්න කියහන්. මන් උඹව විතරයි කසාද බඳින්නේ."

"කට වහගනිං සුදයියේ!"

"තෝ එක ගෙයි කන්නද හදන්නේ සවේන්?"

"හැබැයි ගහන්න දෙන්න බෑ තුර්ශ! උඹේ මල්ලිට විතරයි මට ගහන්න පුලුවන්" 

"බුදු සන්තෝ! මූට තියෙන්නේ එසේ මෙසේ අමාරුවක් නෙමෙයිනේ මංජුවෝ!"

"පේනවාද උඹට ඒක? මන් පුදුම ඉවසිල්ලක් ඉවසන්නේ"

රෙශඛ්‍යගේ කර මතින් කොටේජ් එකට ඇවිල්ලා ඇඳ උඩට අත ඇරෙනකොට යන්තන් සිහියක් තිබ්බා. ඒත් දැන් ඔලුව රිදෙනවා. මන් කිව්වා මට බොන්න බෑ කියලා! ඇහුවේ නෑනේ එකෙක්වත්!

"බබා?"

"මොකද? අම්මෝ උඹට ආයෙනම් බොන්න දෙන්නේ නෑ සුදයියේ!" රෙශඛ්‍ය මගේ සපත්තු දෙක ගලෝ ගලෝ කියද්දි මන් හිටියේ ඔලුව අල්ල්ගෙන

"ඔලුව රිදෙනවා රෙශඛ්ය!"

"ඔහොම ඉන්නවා ටිකක්"

"ලොකූ වරෙං ඉක්මනට එලියට"

"හිටපං දත් මැදන් එන්නම්"

තුර්ශ බාතෲම් එකෙන් ආවට පස්සේ රෙශඛ්‍ය මාව අරන් ගිහින් බාතෲම් එකට අරන් ගිහින් දත් මද්දලා මූනත් හේදුවා.

"සූ බරයි රෙශඛ්‍ය"

"යැයි යැයි තමයි දාපන් ඉතින් මන් අහක බලා ගන්නම්."

"ඔන්න හොරෙන් බලන්න ඔට්ටු නෑ!" එක පාරට මගේ කොන්ඩෙන් අහුරක් තදින් අල්ලලා පිටිපස්සට ඔලුව ඇදලා කනට ලං වෙලා

"උඹේ සරුවාංගෙම බලන දවසට, බලලා විතරක් නතර කරොත් උඹ මට ඉජු කියලා කතා කරපන් සුදයියේ!" 

මේ මිනිහා! මේ මිනිහා මොන ජාතියේ මිනිහෙක් වුනත් මේ මිනිහා මාව අසහනකාරී වේසාවෙක් කරනවා!

"දාපං දැන් චූ!" කියලා ඔලුව තල්ලු කරලා අහක බලාගත්තම මන් පාඩුවේ ඒ කාරිය කරගත්තා. 

"එනවා දැන් නිදාගන්න" කියලා ඇදන් ගිහින් ඇඳට ඇම්මේ ඩෙනිමත් ගලෝලා දාලා යට කොට කලිසමයි ඇඳන් හිටපු ටීශර්ට් එක පිටින්මයි. බ්ලැන්කට් එකත් පොරෝලා යන්න හදන්නකොට මන් රෙශඛ්‍යගේ අතින් අල්ලගත්තා.

"කොහෙද යන්නේ බබා?" 

"ඇයි මන් ඇඳුම් මාරු කරගන්නේ නැද්ද?" 

"ඉක්මනට එන්න!"

"එන්නම් මැණිකේ" බ්ලැන්කට් එක පස්ස දෙපැත්තෙන් තද කරලා නලලට හාද්දක් දුන්නම මන් හරි බරි ගැහුනා.

තුර්ශ කොහේ ගිහින්ද මන්දා!

නින්ද යාගෙන එනකොට සුපුරුදු උනුසුම ශරීරය වෙලා ගද්දි මන් ඒ පපුවට තුරුල් වුනා.

"මොකද සුදයියේ මේ පුරු පුරු ගාන්නේ පූසෙක් වගේ?" 

"ඔයා ළඟ රස්නෙයි, හුරතල් වෙන්න ඕනා. අනේ ශර්ට් එක ගලවන්නකෝ රෙශඛ්‍ය!" 

කිව්ව ගමන් නැගිටලා පිජාමා එකේ ශර්ට් එක ගලවලා මගේ මූන ආයෙව් පපුව අස්සේ ඔබා ගත්තම මන් නහය පපුවේ මැද්දේ ඇතිල්ලුවා. 

"සුදයියේ, උඹට තියන ආදරේ මෙච්චරයි කියන්න බෑ මගේ පන. උඹව ඇස් දෙකේ තියන් පරිස්සම් කරන්න පුලුවන් නම් මන් ඒකත් කරනවා."

"ඔයාගේ ඇස් දෙකට වෙලා ඉන්න පුලුවන් නම් මන් ඒකත් කරනවා රෙශඛ්‍ය!" 

මන් ඒ ටීක් බෝල වගේ ඇස් දෙක දිහා බලන් කිව්වම රෙශඛ්‍ය මගේ ඇඟ යටින් අත දාලා ශර්ට් එක අස්සෙන් අත් ගෙනිහින් හෙමින් පිට අත ගානකොට මන් එයාගේ තොල් වලට ඉස්සුනාම රෙශඛ්‍ය මගේ ආසාව ඉශ්ඨ කරා දිවෙන් මගේ තොල් මෑත් කරාම එයාගේ දිව මගේ දිවත් එක්ක පැටලෙනකොට මෘදු කෙඳිරීම් පිටවෙන්න ගන්නකොට මන් එයාගේ දැඩි පපුව අත් දෙකෙන්ම මිරිකුවා. ඒත් අපිට ඒ හාදුවට කොමාවක් තියන්න වුනේ තුර්ශ දොරට තට්ටු කරපු නිසා.

"මන් එනවෝ!!!"

"වරෙං!" රෙශඛ්‍ය මගේ ඔලුව අත ගගා කිව්වම මන් මූන බේරි කරගත්තේ මට තව මදි නිසා.

තුර්ශ ඇවිත් මගේ එහා පැත්තෙන් ඇලවුනා. නිදාගන්න කලින් මනුස්සයට ආදරෙයි කියන්න එපැයි,

"මන් එක්කෝටි ඇට නමදාස් පන්සිය පනස් පහක් ආදරෙයි!"

"මන් එක්කෝටි ඇට නමදාස් පස්සිය පනස් හයක් ආදරෙයි!"

"මන් එක්කෝටි..."

"කට වහන් නිදාගනිල්ලකෝ!" අඩේ තුර්ශට දුක හිතිලාද කොහෙද!

"අනේ ඔයාට දුකද පැංචෝ? මන් උඹටත් ආදරෙයි. එන්න අපි දෙන්නා දොයියගමු." සවේන් මගේ ඇඟට කකුලක් දාන්න එනකොට මන් ඌව එහාට තල්ලු කරා. 

"තුන්සමද ඕයි? දෙන්නවම තල්ලු කරනවා ඇඳෙන් බිමට!" අඩේ මූට ඇත්තටම ඩෝං ගිහින්. 

"සුදු අයියේ ලොකූට තද වෙලා! එන්න එන්න අපි දොයියමු දැන්" රෙශඛ්ය මාව ආයේ ඇදලා පපුව උඩට ගත්තම මන් ඇස් පියාගත්තා.

වෙරි මතේට නින්ද ගියත් ටිකක් වෙලා යද්දි වටේ ඇහෙන කලබල කටහඬවල් නිසා මටත් ඇහැරුනමා රෙශඛ්‍යයි තුර්ශයි ඇඳේ හිටියේ නෑ. මන් නැගිටලා බාතෲම් එකත් බලලා ඒකෙත් කවුරිත් නැති නිසා එලියට ගියාම සාලේ එක යමරයයි.

"තාන්‍ය!!!! ඇයි යකෝ මට මෙහෙම කරේ???? මාව කෑවා නේද තෝ? ඇයි යකෝ උඹ මට මෙහෙම කරේ?"

මේ මොකද මේ? දුවන් යද්දි තුර්ශ බිම වැටීගෙන අඬනවා. නංගිලා සේරමත් ඌව අල්ලන් බිම වැටිලා අඬනවා. ලොකු අම්මා සෝෆා එකේ ඉඳන් කම්මුලට අත තියන් ඔහේ පැත්තක් බලන් ඉන්නවා. හැම කෙනාගෙම මූනවල් වල තිබ්බේ බියකරු ස්වභාවයක්. රෙශඛ්‍ය ඔලුවේ අත ගහන් එහෙට යනවා මෙහෙට යනවා.

"රෙශඛ්‍ය මොකද මේ?"

"සුදයියේ බලහං අර කැරියා කරලා තියන තුප්පහි වැඩේ! ශිට්!" කියලා සෝෆා එකට අත මිට මොලෝලා ගැහුවා.

"මොකක්ද?" මට මොකුත් තේරෙන්නේ නෑ.

"මේ බලන්න සවේන් අයියේ!" නුවී මට phone එක දික් කරාම මන් අරන් කියෙව්වා. 

"මොකා? තාන්‍ය අයියා බැඳලා? මේ මොකක්ද? මේක මේ මියුසික් වීඩියෝ එකක් වෙන්න ඇති. ඔයාලා නිකං කලබල වෙලා." කොහොමවත් මෙහෙම වෙන්න බෑ. 

"කොහෙද යන්නේ ලොකූ?" තුර්ශ නැගිටලා දුවනකොට සුදු නංගි කෑ ගැහුවා. 

අපි පිටිපස්සෙන් දුවකොට තුර්ශ කාමරේට ගිහින් දොරත් ලොක් කරන් ඉවරයි.

"අඩෝ දොර ඇරපන් ලොකූ!!!" රෙශඛ්‍ය දොරට මහ හයියෙන් ගහනකොටවත් දොර නම් ඇරුනේ නෑ. 

"අනේ රිවිර මගේ දරුවා!!"

"ලොකු බබා පිස්සු කරන්න එපා මේක අරිනවා!!!"

"අයියෝ ලොකු අයියේ!!!" 

"ඇරපං මේ දොර මගේ මාරයා ආවේස නොකර!" 

"ඕක හරියන්නේ නෑ ඉන්න මන් ස්ටාෆ් එකෙන් යතුර ඉල්ලන් එන්නම්" චූටි මාමා කිව්වත්

"වෙලා නෑ මාමේ. මේ දොරට අපිට ගෙවන්න පුලුවන් නේ!" 

"ඔව් මංජු කඩපන්!" එසැනින් රෙශඛ්‍ය පස්සට ගිහින් දොරට කකුලෙන් ගැහුව ගමන් දොර කැඩුනා.

ඒත් තුර්ශ කාමරේ හිටියෙත් නෑ. බාතෲම් එකේ ලයිට් එක දාලා. ඒ දොරත් ලොක් කරලා. ඒ දොරත් රෙශඛ්‍යට කඩන්න වුනා. ඒත් තුර්ශ හිටියේ බිම ඉඳගෙන නිල් පාටට වමනේ දදා. හාපික් බෝතලේ බිම වැටිලා.

"ලොකු අම්මේ ලොකූ හාර්පික් බීලා!"

"එහාට පලයල්ලා!!! අනේ මගේ දරුවා!" ලොකු අම්මා ඇතුලට දුවලා තුර්ශව අල්ලගත්තා. 

"ලොකු අම්මේ, වමනේ කරවමු!"

"එපා වතුර! වතුර!"

සුදු නංගි කාමරේ තිබ්බ වතුර බෝතලේ කඩලා තුර්ශට පොවද්දි රෙශඛ්‍ය තුර්ශගේ කට බලෙන්ම තද කරලා අල්ලන් හිටියා.

සුවසැරිය ආ ගමන් ලොකු අම්මායි, මහප්පයි තුර්ශ එක්ක කොළඹ ගියා. 

ට්‍රිප් එක එතනින් ඉවරයි. හැමෝම ශොක් වෙලා බලාගත්තු අත බලන් ඉන්නවා. ආච්චි අම්මා වෙලාවට නිදාගෙන හිටියේ. නැත්තම් ඉස්සෙල්ලාම පන යන්නේ ඒ මනුස්සයගේ. තුර්ශ මේ තරම් මෝඩ වෙයි කියලා මට නිකමටවත් හිතුනේ නෑ. ඒත් ඒ ආපු ශොක් එක එයාට දරා ගන්න බැරු වුන පුදුමෙකුත් නෙමෙයි. මදැයි ඔයින් ගියා. ලොකු අම්මා කොළඹට යනකන්ම අපිට කෝල් කර කර තුර්ශගේ තත්වය කිව්වා. හොඳ වෙලාවට ඉක්මන් වුනේ. නැත්තම් ඉතින්.....

"සුදයියේ, අඬනවද?" රෙශඛ්‍ය මාව බදාගත්තම,

"අනේ රෙශඛ්‍ය! ආශුවත් මේ වගේ බේරගන්න කවුරු හරි හිටියනම්?"

"හ්ම්ම්, හැමෝම ලොකූ වගේ වාසනාවන්ත නෑ සුදයියේ. අයුශ් අයියත් එහෙමයි."

"තුර්ශට කරදරයක් වෙන්නේ නෑ නේද රෙශඛ්‍ය?"

"එහෙම මුකුත් වෙන්නේ නෑ. ඕකා එහෙම මැරෙන්නේ නෑ. ගොන් හුත්තා. හිටපංකෝ ඕකාට හරි සිහිය එනකන්! දැන් අපි ලෑස්ති වෙන්න ඕනා. තව ටිකකින් අපි යන්න ඕනා!" 

මතු සම්බන්ධයි....

More Chapters